ෆාම් ගාර්ඩ්න් විලේජ් හා රොක් ෆොරෙස්ට් ගාර්ඩ්න් හෝටල් නිර්මාණය කළ පාරිසරික වාස්තුවේදී බී චන්ද්‍රසිරි ඉතා නිර්මාණශීලි ඉදිකිරීම් රැසක් සිදුකළ රජරට ව්‍යාපාරිකයෙකි.
''ජීවිතය'' නම් සංයුක්ත තැටියක් දොරට වැඩූ ගීත රචකයෙකි. ලංකාවේ ලස්සනම හා අපූර්වතම හෝටල් දෙකක් රජරට බිහිකළ පුද්ගලයෙකි. රජරට රාජධානියේ පෞරාණික
ගොඩනැගිලි සේ ද ස්වභාවික පරිසරය වැවීමෙන්ද ඒවා නිර්මාණය කිරීමෙන් ඔහු සම්මාන ලැබීය.
සාමාන්‍ය තැනකින් පටන් ගෙන චන්ද්‍රසිරි මහතා ජීවිතය ජය ගත්තේ ජීවිතයට අපමණ අද්දැකීම් සමූහයක් එක්කරගෙනය. රැකියාවක් කරමින් යුරෝපයේ දී ලද අධ්‍යාපනය,ශික්ෂණය , කුසලතා හා අත්දැකීම් ද ජීවිතයේ දි මූණදුන් අනුවේදනීය තැන් ද නිසා මේකි අද්විතීය අවන්හල් සේම ගීත ද රමණීය ය.
ඔහුගේ පියා දකුණු ලකෙන් රජරට රැජිණ දුම්රියේ නැග ජීවිතය ජයගන්නට රජරට ආගමනය චන්ද්‍රසිරිට අපූර්ව ගීතයක් වුණේ ය.
අවන්හල් හිමියකු වුවත් මාංශ අනුභවය ගැන පුද්ගලිකව නොසතුටු හේ කිරි අම්මා(ගවදෙන) ගැන ලියූ ගී පදවැල දැහැමි ජීවිතයකට පාර කියයි.
ඉහළම තාක්ෂණයෙන් හා උසස් කලා නිමැවුම් වලින් අලංකාර කළ වේදිකාවක් ඔහුගේම ෆාම් ගාර්ඩ්න් හෝටලයේ ඉදිකර අඩ අඳුරු රඟහලක් සකසා තිබුණි.
''ජීවිතය ගීතාවලිය තුළ ඇත්තේ චන්ද්‍රසිරිගේ සැබෑ ජීවිත අත්දැකීම් යැයි මහාචාර්ය සුනිල් ආරියරත්න කිවේය.
චන්ද්‍රසිරි ජීවිතයෙන් ලද අවබෝධය කලා ජීවිතයක ද දිගුගමනක් යාමට ආශිර්වාදයක් බව
ප්‍රවීණ ගීත රචක පල්ලේගම හේරතන නාහිමියෝ කී හ.
විශාරද සුනිල් එදිරිසිංහ,විශාරද ටි.එම්.ජයරත්න,හා විශාරද එඩ්වඩ් ජයකොඩි,ඇතුලු ගායන ශිල්පීන් පිරිසක් මෙම සංයුක්ත තැටියට ගායනයට එක්ව සිටි . තනු නිර්මාණය නීතිවේදි ප්‍රදීප් ජයතිලක විසිනි. හෙතෙම වේදිකාවේත් ටෙලිනාට්‍ය කලාවේත් අත්දැකීම් ලද කලාකරුවෙකි.
දොරටවැඩුමේ උත්සවයට ආචාර්ය සේන නානායක්කාර ජයන්ත චන්ද්‍රසිරි,ගාමිණි ජයලත්,මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර ආදි අගනුවර හා රජරට කලාකරුවෝ ද මැති ඇමතිවරු ද මාධ්‍යවේදීහු ද එක්ව සිටියහ.
වේදිකාව රසවත් කළ අය අතර ටී.එම්. හා නන්දා ද වූහ.සමන් අතාවුද හෙට්ටි හා ධම්මික වීරවර්ධන නිවේදකයින්ගේ වදනින් සභාව හැඩවි ය. සිංදු ලියන ව්‍යාපාරියෙක් මෙතෙක් බිහි නොවූ බව එදා සැම දෙනාගේ දොතොළ රැඳි මාතෘකාව විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි! (අ)
මමත් මැදපෙරදිග දැනට වෙසෙන කලාකරුවෙක්. ලංකාවට ආවම ඔබතුමා මුන ගැසීමට ආසයි. කරුණාකර දුරකතන අංකය එවන්න. (ර)
මේ වටිනා කලාකරුවා අපේ මව්බිමට ලැබුණු ස්වභාව ධර්මයේ තිළිණයකි. (නි)
ඔබට ජය! (නි)
මම හරියට අගේ කරනවා ඔබගේ ජීවිත කතාව. මගේ මුළු පවුලම නැවතිලා හිට්යා ඔබගේ හොටෙල් එකේ දින 2ක් ජනවාරි මාසයේ. හොඳ සේවයක් සහ හොඳ සේවක මහත්ම මහත්මීත් සේවය කරනවා. ඔබට දිර්ගයු පතනවා තව දුරටත් රටට සේවය කරන්න (නදී)
මම හරියට අගේ කරනවා ඔබගේ ජීවිත කතාව. මගේ මුළු පවුලම නැවතිලා හිටියා ඔබගේ හොටෙල් එකේ දින 2ක් ජනවාරි මාසයේ. හොඳ සේවයක් සහ හොඳ සේවක මහත්ම මහත්මීත් සේවය කරනවා. ඔබට දිර්ගයු පතනවා තව දුරටත් රටට සේවය කරන්න. (කෞ)
දකුණේ මුල් තිබෙන කෙනෙක්. සුබ පැතුම්! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
රජරට මිනිස්සු කොහොමත් දක්ෂ අය ඔබ දිනේවා (නදී)
ඔබගේ සාර්ථක ගමන ගැන අහලා මම ගොඩක් සතුටු වෙනවා.මේ වෙලාවේ මට අතීතය මෙනෙහි වෙනවා. අපි එකට එකතුවෙලා කළ වැඩ ගැන. බෙර්ලින්,කිත්සිරි ,උපාලි මර්වින්,පාලිත, ටෝල් අයියා, කුයින්ටස්, ලාල් මතකද? (නි)
ඔබගේ මේ විස්තර දැනගත් විට මටත් දැනුනේ ලොකු සතුටක්. ඔබත් පාලිත අයියත් අපි එකට එකතුවෙලා ඒකාලේ කරපු කියපු දේවල් මට තාම මතකයි. ඔබගේ මේ ගමනට මාගේ ආශිර්වාදය. (නදී)
මට නිහතමානී ආඩම්බරබවක් දැනෙනවා මමත් රජරට පුරවරයේ නිසා .ඔබට සුභම ගමනක් (අ)
මට ඔබට කතා කරන්න ඕනා. මට දුරකතන අංකය එවන්න. (නදී)
රටට වාසනාවන් මෙහෙම මිනිසුන්. (අ)
මෙහෙම පුත්තු රටට වාසනාවක්.! (අ)
ඔබට සුභම ගමනක් ! (අ)
මට නිහතමානී ආඩම්බරබවක් දැනෙනවා මමත් රජරට පුරවරයේ නිසා .ඔබට සුභම ගමනක් .(හේ)
ජයවේවා.(හේ)
ඔබතුමාගේ හෝටලයට එන්න ඕනෑ මටත් (නි)
වටිනා ප‍්‍රවෘත්තියක්. (ර)
මම කොළඹ ජීවත් උනත් රජරට කෙනෙක් ලෙස හරිම ආඩ්ම්බරයි ඔබ ගැන (නදී)
මෙන්න අප ලක්මවගේ තවත් අගනා අතිජාත පුතෙක් .ඔහු සම්මාන ලැබූ කීර්තිමක් කලාකරුවෙක් සේම සිත්සතන් පිනවන අවන්හල් හිමිකරුවෙක්. අසහාය ගීත රචකයෙක් පමණක් නොව නිර්මාංෂිකයෙක්. අර සංවේදී 'කිරිඅම්මා' ගීතය කැනඩාවේ සිටින මා ඊයෙත් ඇසුවා. එය ඔබේ විස්කම් නිමාවක්. ඔබට පින්! (නි)
ජයතිලක බණ්ඩාර නමැති රජ රට කලාකරු ගැන සදහනක් නැතිකම කණගාටුයි. ඔහු නන්දා මාලනීගේ එ්කල ප්‍රසංග වල සංගීතයෙන් සහ අත්වැල් ගායනයෙන් සහය වූ දක්ස කලා ශිල්පියෙක් (නදී)
ජයතිලක බණ්ඩාර නමැති රජරට කලාකරුවාත් මේ වෙලාවේ මතක්කළ යුතුයි. ඔහු නන්දා මාලනීගේ එකල ප්‍රසංග වල සංගීතයෙන් සහ අත්වැල් ගායනයෙන් සහය වූ දක්ෂ කලා ශිල්පියෙක් (නි)