‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 1,000 කට අත්‍යවශ්‍ය ආධාර ලබා දීමේ  සහන වැඩසටහන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, ජාතික ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානය සමග එක්ව පසුගියදා අදියර දෙකකින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, වගකිවයුතු රාජ්‍ය ආයතනක් ලෙස රට මුහුණ දෙන අභියෝගාත්මක අවස්ථාවල නිරන්තරයෙන් තම සහය ලබා දීමට අඛණ්ඩව කැප වී සිටින බව මින් පිළිබිඹු වේ.
ජාතික ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානය (NDRSC), මහරගම නගර  සභාවේ සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ  සහභාගීත්වයෙන් සහ SLIC Life  iy SLIC General හි සේවක කණ්ඩායම්වල සහභාගීත්වයෙන්, වඩාත් පීඩාවට පත් පුද්ගලයන් වෙත මෙම වියළි සලාක ඇසුරුම් බෙදාදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රජාවගේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් ව්‍යාපෘතිවල නිරතුරුවම නිරත වන අතර, මෙම ප්‍රජා සත්කාරය ඔවුන්ගේ සමාජ වගකීම් සඳහා වූ කැපවීම විදහා දක්වයි.