(හර්ෂණ තුෂාර සිල්වා)
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත.
පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 554කි.
පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරට ලැබුණු විදෙස් ප්‍රේෂණ හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස හතරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය 9% කින් අඩු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරටට ලැබී ඇති සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,171ක් වන අතර මේ වසරේදී ලැබී ඇති ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,975කි.
මේ අතර මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700කට වැඩි ප්‍රමාණයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තවත් 23 දෙනකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මැද පෙරදිග සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000කට පිරිසක් නැවත මෙරටට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
තවත් 40,000ක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ගෙන් 25,000කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්විය යුතුව සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
COMMENTS
අපෝ තව අඩුවෙනවා.. ඒ මිනිස්සුන්ට කරපු නින්දා, අපහාස කෙනෙහිලිකම් වලට මුලින්ම රජයට විඳින්න වෙනවා. ඊටත් පස්සේ ආණ්ඩුවේ ගෝල බාලයින්ට විඳවන්න වෙනවා.
මේ දත්‍ත අනුව ආසන්න වශයෙන් මැදපෙරදිග රැකියා අහිමි වී ඇති ගණන 170,000 සිට 500,000 අතර ගණනක් විය හැකිය. මේ සියල්ලම තව මාස 3 කින් පස්සේ ලංකාවට ආපසු තත්වය බලාගත හැකියි. ආණ්ඩුව මේක දැනගෙන තමයි ඡන්දෙ තියන්න ෆුල් ට්‍රයිඑක දැම්මේ...
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ අහිංසක සල්ලි වලින් කකා ඔවුන්ට බැනපු විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිටින නිලධාරින්ගේ වේතන කපා හරින්න.
මැදපෙරදිග රටවලට එක ගුවන් යානයක් වත් ආවේ නැතිව පියාඹලාද දන්නේ නැහැ.. 8000ක් ලංකාවට ගියේ.... බොරු කියන තරම් මේ මිනිස්සු...
මේ අයගෙන් ලැබෙන ආදායම ගැන පමණක් හිතලා මදි... අද රටේ විදේශ ණය ගෙවන්නේ මේ අය එවන මුදලින්. මේ වසංගතයෙන් අසරණවී මව්රට බලා පැමිණීමට සිටින අයට ලංකාවට එන්නට උදව් කළ යුතුයි.
කෝටි ගණන් කිරි අම්මලාගේ දානේ දෙන්න, මැයි රැලි යන්න... සල්ලි වියදම් කරලා තිබුනේ දුක් විඳින අපේ සල්ලි වලින්... මේවා අපි කියන ඒවා නෙමෙයි ඇමතිලා කියපු කතා. එක්කෝ කෝ හොරුන්ට දඬුවම් දුන්නාද? දඬුවම් කෙසේවෙතත් එ්ක හොර නිලධාරියෙක්ගේ නමක්වත් පත්තරයකට දුන්නාද?
කියන තරමක් කියන්නේ බොරු. ප්‍රශ්නයක් ආවොත් ගත්තේ ඒජන්සිකාරයින්ගේ පැත්ත. මේ අය පඩි ලබන්නේ පෙට්‍රල් ගහන්නේ පිටරට සවාරි යන්නේ අහිංසක අම්මලා, අක්කලා පිටරට ගිහින් එවන සල්ලිවලින් කියලා මතක නැති අය...
නම ඇහෙනකොට අප්පිරියා තැනක්. දේහපාලන වන්දි භට්ටයින් කරනම් ගහනවා.
කුවේට්වලින් ආපු 500කට ආසන්න කණ්ඩායමට හැර වෙන මොන මැද පෙරදිග රටෙන්ද ලංකාවට කට්ටිය අරන් ගියේ?
දැන් රටවිරුවෝ රට බෝම්බ වෙලා...
මොන බොරුද 8000 ගත්තා කියන්නේ.., මැද පෙරදිගින් අරන් තියෙන්නේ 1100යි..
මැද පෙරදිග අය වගේද අප්පා.., කොස් ඇටෙත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන ඇම්රිකාවෙ ඕස්ට්‍රේලියාවේ එන්ගලන්තේ කට්ටිය එයාලා හා ලොකු ලොක්කන්ගේ දරුවො මේ රටට සතයක්වත් එවන්නේ නැති රටේ විදේශ විනිමයත් පිටරටට පූජාකරන කට්ටියනෙ හැමදාම ගෙනාවේ. අදට දවස් 100ක් වෙනවා ලංකාවෙන් ඉතාලියට එක ෆ්ලයිට් එකක් ආවේ නැහැ. දැන් නම් නාවට කමක් නැහැ.. ලංකාවට වඩා හොඳට ඉතාලිය මේ රටේ ඉන්න හැමෝවම බලාගත්තා..
ප්‍රීති ප්‍රීති පුරෝහිත ප්‍රීති... ප්‍රන්ත රාජ්‍යයේ කතිර යුද්දෙට බඩුම තමයි...
මෙතන දේශපාලනය නැතිව පොඩි ගැටළුවක් කියන්නම් ලංකාවට සල්ලි එවන්නේ ගොඩක් වෙලාවට වෙස්ටර්න් යූනියන් හරහා... මේකෙදී මෙයාලා සල්ලි එවනවට සර්විස් චාර්ච් එකක් ගන්නවා රු 5000-8000 වගේම එක්ස්චේන්ජ් රේට්ස් එක විදියට ගන්නේ දැනට තියෙන ගානට වැඩිය රු 15 අඩුවෙන් ඒ කියන්නේ එක්ස්චේන්ජ් රේට්ස් එක 1$=185 නම් මේගොල්ලෝ ගන්නේ 165-168 ට මේක ලංකාවට සල්ලි මගදී හොරකම් කරන මගඩියක්... මේක ගැන බලධාරීන්ගේ ඇස් යොමුවේවා..
මෙහෙ ඉන්න ගොඩක් ශ්‍රී ලාංකිකයන් සාමාන්‍ය පඩිගන්න කට්ටියගේ ලංකාව බැංකු ගැන කිසිම විශ්වාසයක් නෑ. මීළඟට රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ... නමුත් තියෙන මුදල් ලංකාවට එවලා අපි ජීවත් වෙන්නේ කොහොමද? ඊට වැඩියෙන් විශ්වාසයි.. තියෙන සල්ලි ටික මෙහෙ තියාගෙන ඉඳලා අපි එන දවසක අරන් එන්නං අපි වැඩ කරගන්න. මෙහෙ ඉන්න අහිංසක අයට එක ගුවන් යානයක් එව්වේ නෑ.. මෙහෙ ඉන්න සෙනඟට යන්න. දෙශපාලනයේ අයට හෙන ගහනවා...
ඇයි ඉන්න හමුදාපති ඉඳල සේරම බැන්නා නේද විදේශ ගතව ඉන්න අයට. පිටරට ඉන්න අය කොරෝනා බෝ කරනවා ගන්න එපා ඒ අයව රට ඇතුලට කියලා.
ලංකාවේ පුරවැසියන් ගන්න බැහැ. කොහෙද යන අයව අරන් නිකන් බෙහෙතුත් කරනවා. මොන මෝඩයින් ඉන්න රටක්ද? ෂේප් එකේ ඔක්කොම කරගන්නවා.. ඕකම තමයි හම්බයෝ ගේම් එක ගහන්නේ..., ළමයි හදනවා නිකන්, ලෙඩට බෙහෙත් දෙනවා නිකන්, උගන්නනවා නිකන්, අපි බෝම්බ කනවා නිකන්. නිකන් අයාලේ යනවා...
රැකියා අහිමි වුන බව ඇත්ත නමුත් සියල්ලෝම රජයේ බැංකුවලට මුදල් එවන්නේ නැහැ.
මැද පෙරදිග වැඩකරන ජනතාව මතක් වෙන්නේ රටට සල්ලි එන එක ගණන් හදනකොට විතරයි. විදේශ සේවා කියලා එකක් අටවාගෙන මැද පෙරදිගට එන මිනිසුන්ව මිරිකලා සල්ලි ගසා කනවා. එතැනදි මැදපෙරදිග මිනිසුන්ට සලකන්නේ වහලුන්ට වගේ... ගුවන්තොටුපළේ කාන්තාවන් දාලා මැදපෙරදිග යන මිනිසුන් විදේශසේවා එකට සල්ලි ගෙව්වද කියලා බල බල දැඩි අපහසුතාවයකට පත් කරනවා. තානාපති නිලධාරින් මැදපෙරදිගට එන්නේ සැපවිඳලා හම්බ කරගෙන යන්න... දන්නෝ දනිති.
විදේශ සේවාවලට සත පහක් වත් දෙන්න එපා... ඒ අය පට්ට හොරු. අපිට කිසිම වැඩක් නැහැ. සල්ලි ගන්නවා විතරයි.