අද දිනයේ දී ගනුදෙනු සමග තෝරාගත් කොටස් සඳහා ඉල්ලුමක් ලැබිය හැකිය. වැවිලි හා සංචාරක හෝටල්වල කොටස් මිලදී ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් උනන්දුවනු ඇතැයි සැලකේ. ඊයේ (24) ගනුදෙනු ආරම්භයේ සිට වර්ධනයක් සනිටුහන් වූ අතර, මෙම සතිය තුළ පළමු වතාවට විදේශ ආයෝජකයන්ගේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකිවිය.
රජයේ සුරැකුම්පත්වල විදේශිකයන්ගේ ආයෝජන ද පසුගිය සති දෙක තුළ ඉහළ ගොස් තිබුණි. විනිමය ආරක්ෂා කරගැනීමේ උපායක් වශයෙන් වාහන ආනයනය කිරීම නැවත වරක් සීමා කරන බවට තිබුණ මතය තුරන් කරමිනි. ශ්‍රී ලංකා මහ බැංකුව එයට සූදානම් නැති බව ප්‍රකාශ කර ඇත. ආයෝජන මණ්ඩලය, කොටස් වෙළෙඳපොළ හා සුරුකුම් පත් ආයෝජන වශයෙන් ලැබෙන විනිමය ද රුපියලේ අගය ශක්තිමත් කරන්නට හේතු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
ගෙවී ගිය දින තුනක කාලය තුළ පසුබෑමකට පත්ව තිබුණ නමුත් ඊයේ රුපියල් මිලියන 255 ක කොටස් මිල දී ගන්නා අතර, විකිණීම් රු. මිලියන 206 කි. දිනයේ විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 49 ක වාසියක් රටට ලැබී තිබේ. කෙසේ වෙතත් සතියේ දින හතර තුළ පමණක් රු. මිලියන 219 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (ජුනි 24) සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,379.24 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 136.16 ක දියුණුවීමකි. එස් ඇන්ඩීපී ශ්‍රී ලංකා දර්ශකය 5,735.44 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 45.82 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 6.21 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 41,120 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 354.5 ක් විය. සමාගම් 164 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 88 කි.
ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 261 ක්, ඕවර්සිස් රියැලටි රු. මිලියන 249 ක්, ඇම්බියන් කැපිටල් රු. මිලියන 208 ක්, එන්.ඩී.බී. රු. මිලියන 194 ක්, ඩී. එෆ්.සී.සී. රු. මිලියන 191 ක්, ඇක්මී ප්‍රින්ටින් පැකේජ් රු. මිලියන 167 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 ඔක්තෝබර් මස 08
1904
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදේශ මිලදී ගැනීම් සුළු වශයෙන් ඉහලට