IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදේශ මිලදී ගැනීම් වලට වඩා විකිණීම් ඉහළට


කොටස් වෙළෙඳ​පොළ ඉකුත් සිකුරාදා (17) දිනයේ ගනුදෙනු අවසානයේදී විදේශ ආයෝජකයන් යුහුසුලු වන බවක් නිරීක්ෂණය කළ හැකිය. කලින් දිනයට වඩා විදේශිකයන්ද කොටස් විකිණීම වාර්තා විය. විදේශ ආයෝජකයෝ රුපියල් මිලියන 183.54 ද කොටස් මිලදී ගත්හ. විකුණුම් රුපියල් මිලියන 405.00 කි. මේ අනුව රුපියල් මිලියන 122ක මුදල් ප්‍රමාණයක් විදේශ ගනුදෙනුවලදී ශුද්ධ බැහැරවීම් සේ සැලකේ. විදේශිකයන් ගනුදෙනු 566 සිදු කර තිබුණි.
සියලු කොටස් මිල දර්ශකය 16,257.31 ක් වශයෙන් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 41.38ක වර්ධනයකි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්කශය 4,931.66 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 13.62ක වර්ධනයක් සේ දැක්විය හැකිය. ගනුදෙනු ආරම්භයේ සිට මධ්‍යහ්නය තෙක් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් විය. පස්වරු 2.30 ට ගනුදෙනු නතර කරන විට වෙළෙඳපොළ ස්ථාවර තැනකට පැවැතිණි.
දිනයේ පිරිවැටුමට රු. බිලියන 5.41වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව සියුම් වර්ධනයකි. දිනය අවසානයේදී ගනුදෙනු 29.032ක් සිදුවී තිබේ. එය කලින් දිනයට සාපේක්ෂව එපමණ වර්ධනයක් නොවේ. පිරිවැටුමට වැඩිම දායක වූ සමාගම් අතර ජෝන් කීල්ස් කොටස් හුවමාරුවෙන් රුපියල් මිලියන 547.5ක් වූ අතර, ඩයලොග් කොටස් හුවමාරුවෙන් රුපියල් මිලියන 215.7ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් රුපියල් මිලියන 123.4ක් සහ ලංකා ඔරෙක්ස් ලීසිං රුපියල් මිලියන 75.6ක් වූ බව දැක්වේ.
කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්.එම්.බී. ලීසිං, ටීස් ඇග්‍රො, රයිගම්, ඒසියා ආකේඩ්, වැලිබල් සහ ලංකා වෙන්චර් යන සමාගම් ඉදිරියෙන් සිටියේය. නේෂන් ලංකා එෆ්.සී. ට්‍රේෂරීස්, මහවැලි, සෙංකඩගල, මල්වත්තවැලි වැවිලි සහ අමානා තකාෆුල් වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල පහත වැටුණු සමාගම් ලයිස්තුවේ ඉහළින්ම විය.
පසුගිය සතියේ ගනුදෙනු කරනලද දින තුනක කාලය තුළ, කොටස් සඳහා කැපී පෙනෙන ඉල්ලුමක් තිබුණි. අද ඇරඹෙන සතිය තුළ ගනුදෙනු උණුසුම්ව තිබිය හැකි නමුත්, සුළු ආයෝජකයන් කොටස් අලෙවිකර ක්ෂණික ලාභ අපේක්ෂා කළහොත් වෙළෙඳපොළ දුර්වල විය හැකිය. ආයෝජකයන් සඳහා රට තුළ විවිධාංගීකරණය සීමා සහිත වීම හේතුකොට ගෙන කොටස් වෙළෙඳපොළ කරා ආකර්ෂණයක් ඇති වන නමුත් ඉදිරි අයවැය මගින් කරන්නට ඉඩ ඇති ප්‍රතිපත්ති වෙනස්කම් අනුව ඇති කරන පසුබිම මෙම තත්වය තරමක් වෙනස් කරනු ඇති බව විශේෂඥයෝ විස්වාස කරති.
ලයිස්තුගත සමාගම් බොහෝමයක ලාභාංශ ප්‍රකාශයට පත්වෙමින් තිබේ. වසරේ මුල් භාගයට වඩා දෙවැනි භාගයේදී සියලුම සමාගම්වල පාහේ බදු ගෙවීමෙන් පසු ලාභ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව පෙනේ. මෙහි ප්‍රතිඵල අනුව ඉදිරියේදී සමාගම් සිය කොටස්කරුවන්ට ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කරනු ඇත.



අදහස් (0)

විදේශ මිලදී ගැනීම් වලට වඩා විකිණීම් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site