IMG-LOGO

විදුල්ලංකා සුකුක් නිකුතුවට ෆිච් වෙතින් A+(lka) ශ්‍රේණිගත කිරීමක්

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් මිලියන 500ක් වටිනා සුකුක් නිකුතුව (Sukuk Issuance) සඳහා A+(lka) අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය පවසයි. 
එසේම මෙය එම සමාගම වෙත ලබා දී ඇති ජාතික දිගුකාලීන ශේණිගත කිරීමට සමාන මට්ටමක් බවත් එම ආයතනය සඳහන් කරයි. විදුල්ලංකා පීඑල්සී සමාගම මේ වසරේ ජනවාරි 03 සිදු කළ අනාවරණයකට අනුව මෙම සුකුක් නිකුතුව පිළිබඳව සඳහන් කර තිබුණි. එහිදී වසර පහක කාලයක් සඳහා වන ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත, පිරිමුදවාගත හැකි රුපියල් මිලියන 500ක් වටිනා සුකුක් නිකුතුවක් සිදු කිරීම සැලසුම වී තිබේ. සුකුක් නිකුතුවක් යනු ඉස්ලාමිය මූල්‍ය සහතිකකරණයක් වන අතර, එය ෂරියා නීතියට අනුකුල බැඳුම්කර ලෙසින්ද සැලකෙයි. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් විදුල්ලංකා සමාගමෙහි කෙටිකාලීන ණය ප්‍රතිමූල්‍යයනය කිරීම සඳහා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාත් යොදා ගැනීමට නියමිතව තිබේ.



අදහස් (0)

විදුල්ලංකා සුකුක් නිකුතුවට ෆිච් වෙතින් A+(lka) ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1730 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 571 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 661 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site