වර්තමානයේදී නාගරික මෙන්ම අර්ධ නාගරික ජනතාවගේ ක්ෂණික හා ප්‍රධාන ආහාරයක් ලෙස පාන් සඳහා හොඳ ඉල්ලුමක් පැවතියද පාන් නිෂ්පාදනයට අඩාල විය හැකි බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පවසයි.
පාන් නිපදවීමේදී පුහුණු ශ්‍රමිකයන්ගේ (බක්කරේ) හිඟය කර්මාන්තයේ ඉදිරි පැවැත්මට බලපා ඇති බවත් එය දියුණු කිරීමට හෝ පුහුණු වීමට තරුණයින් උනන්දු නොවීම මීට හේතුව බවත් ඔහු කියයි.
පාන් නිපදවීමේ පුහුණු ශ්‍රමිකයකුට ඇතැම් සුපිරි හෝටල් ආශ්‍රිතව වෘත්තියට එකතුවී මාසික ආදායම රුපියල් ලක්ෂ තුනක් පමණ උපයා ගැනීමට හැකි බවද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා බොහෝ අදහස් වලට යමක් පාදක කරගන්නේ ලංකාවේ විරැකියාවෙන් පෙලෙන්නන් දැනුවත් කිරීමටයි. මේ රටට ඔවුන්ට පැමිණ යම් රැකියාවක් කරමින් අධ්‍යාපනයක් ලැබුවොත් තම දුප්පත් දෙමාපියන් ඇතුළු හතර වරිගයම ගොඩ දැමිය හැකි බව මම අත්දැකීමෙන් දන්නා නිසයි. මෙරටේ රැකියා නැහැ, එන්න එපා කියන ඊර්ෂ්‍යාවන්තයින්ට නම් මගේ වචන රිදෙනවා ඇති. (ර)
විදුලි රැහැන් අදින කම්කරුවකු වටා ගෙතුනු රුසියානු කතාවක් මම කියවල තියෙනව ඒකේ කියන්නෙ මොන රැකියාව කලත් වැඩපෙන්න්න පුලුවන් දවසක් එනව කියලා. (ර)
මම දන්නා වයසක ජපන් මහත්මයෙක් හිටියා. ඔහුට ජපන් ලියන්න කියවන්න බැහැ. හැබැයි ලෝකෙටම පිඟන් භාණ්ඩ සපයනවා. දෑතේ රැකියාවට භාෂාව ප්‍රශ්නයක් නොවේ (නි)
මම දන්නා වයසක ජපන් මහත්මයෙක් හිටියා .ඔහුට ජපන් ලියන්න කියවන්න බැහැ.හැබැයි ලෝකෙටම පිඟන් භාණ්ඩ සපයනවා . කොලේ වටේම ඇවිදිනවා. දැතේ රැකියාවට භාෂාව ප්‍රශ්නයක් නොවේ . (ර)
කොච්චර හොඳද තමන්ටම කෑම හදාගන්න පුලුවන් එක. බක්කරේ කියන රස්සාව කොච්චර හොඳයිද? රසට කෑම හදන්න පුලුවන් කම කොයි තරම් උසස් දැනුමක්ද? දැනුමට උසස් පහත් බේද දකින්නේ ලංකාවේ ඉන්න ලිං මැඩියෝ විතරමයි. ලංකාවේ ඉන්න අයට ශ්‍රම අභිමානය නැහැ. (බ)
සරත් ඔයත් ටිකක් හිතුවොත් රුවන් කියන්නේ මොකද්ද කියලා තේරෙයි. අපේ රටේ ඉන්න උගත්තු ටික පවා රැකියාව ගැන තෘප්තිමත් නොවී පිටරට යනවා. තමන්ගේ දේ හරියට කරගෙන කාටවත් අතනොපා, යටත් නොවී ඉන්න පුළුවන් කාලෙක ලංකාවේ මිනිස්සුත් ඕනම රස්සාවක් ලැජ්ජා නැතුව කරයි. මිනිස්සු පිටරට ගිහින් ඔය රස්සා කරන්නේ ඒවගෙන් හොඳ මුදලක් ලැබෙන නිසා සහ එවැනි රස්සාවක් කරනවා කියා කිසිම කෙනෙක් ඔවුන්ව පහත්කර නොසිතන නිසා. (ර)
සරත්, ඔයත් ටිකක් හිතුවොත් රුවන් කියන්නේ මොකද්ද කියලා තේරෙයි. අපේ රටේ ඉන්න උගත්තු ටික පවා රැකියාව ගැන තෘප්තිමත් නොවී පිටරට යනවා. තමන්ගේ දේ හරියට කරගෙන කාටවත් අතනොපා, යටත් නොවී ඉන්න පුළුවන් කාලෙක ලංකාවේ මිනිස්සුත් ඕනෑම රස්සාවක් ලැජ්ජා නැතුව කරයි. (නි)
මිලානෝ, යූරෝ 5000ක් බේකරියක අයිතිකරුවෙකුටවත් ඉතුරුකරන්න අමාරුයි (නි)
ලංකාවේ රැකියා ගැන තියන තත්වෙය නිසි ක්‍රමයකට නැති කම තමයි වරද (බ)
මිලානෝ, ඔබ හරි. නමක් දිනාගත් බේකරිවල, චොකලට්, පේස්ට්‍රි රෙස්ටුරන්ට් වල ශ්‍රී ලාංකිකයෝ රැකියා කර හොඳ වැටුප් ලබනවා. ලංකාවේ ඉන්න ළිං මැඩියන් දන්නේ අනුන්ට ගරහන්න විතරයි. හැමදේම ආණ්ඩුවෙන් දෙනතුරු බලාඉන්නේ නැතුව හොරකම් වංචා නොකර කුමක් හෝ රැකියාවක් කරන්නේ කීයෙන් කී දෙනාද? (නි)
මෙහෙම බලද්දී මොන රස්සාවත් වැදගත් තමයි (නි)
අපේ මිනිස්සුන්ගේ සිතුවිලි තම අපිට හැමදාමත් විනෙට හිටියේ.(අ)
ලංකාවේ බොහොමයක් බේකරි වැඩ උසස් ප්‍රමිතියෙන් කෙරෙන්නේ නැහැ.බොහෝ බේකරි වල ඇතුළත හා බාහිර පරිසරය ගැන ප්‍රියත්වයක් පෙන්නටවත් නැහැ. පාවිච්චි කරන්නේ අපිරිසිදු වතුර. ඒ මදිවට වතුර දාන්නේ මළකඩ ඇති බැරල්වල (නි)
ලංකාවේ බොහොමයක් බේකරි වැඩ උසස් ප්‍රමිතියෙන් කෙරෙන්නේ නැහැ.බොහෝ බේකරි වල ඇතුලත හා බාහිර පරිසරය ගැන ප්‍රියත්වයක් පෙන්නටවත් නැහැ. පාවිච්චි කරන්නේ අපිරිසිදු පෙනුම තිබෙන වතුර.ඒ මදිවට වතුර දාන්නේ මලකඩ ඇති බැරල්වල....සේවකයන්ගේ අපිරිසිදු බවත් සඳහන් කළ යුතුමය.ඒ වගේම ඇතැම් බක්කරේ ල ඇතුළු සේවකයින් අහාර අත පත ගාන විදියත් සුදුසු මදි....ලංකාවේ සුළු බේකරි කර්මාන්තය මෙසේ පසුගාමී නොවී නවීකරණය විය යුතුයි. එදාට මේ බේකර්ස් ලාට නිතැතින්ම හොඳ පිළිගැනීමක් ලැබේවි. (බ)
ලංකාවේ බොහොමයක් බේකරි වැඩ උසස් ප්‍රමිතියෙන් කෙරෙන්නේ නැහැ.බොහෝ බේකරි වල ඇතුලත හා බාහිර පරිසරය ගැන ප්‍රියත්වයක් පෙන්නටවත් නැහැ. පාවිච්චි කරන්නේ අපිරිසිදු පෙනුම තිබෙන වතුර.ඒ මදිවට වතුර දාන්නේ මලකඩ ඇති බැරල්වල....සේවකයන්ගේ අපිරිසිදු බවත් සඳහන් කල යුතුමය.ඒ වගේම ඇතැම් බක්කරේලා ඇතුළු සේවකයින් අහාර අත පත ගාන විදියත් සුදුසු මදි....ලංකාවේ සුළු බේකරි කර්මාන්තය මෙසේ පසුගාමී නොවී නවීකරණය විය යුතුයි. එදාට මේ බේකර්ස්ලාට නිතැතින්ම හොඳ පිළිගැනීමක් ලැබේවි. (බ)
පාන් නිපදවීමට පෝරණුවට විදුලිය ඉතාමත්ම අවශ්‍යයි,එකෙන් විදුලි වැඩිවෙනවා,එකෙන් පාන්වල මිලත් වැඩිවෙනවා,(හේ)
ඕක මොකද්ද? නවසීලන්තේ කාර් පිළිසකර කරන කෙනෙකුටත් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් ලැබෙනකොට. (නි)
මිලානෝ පිටිගල- ඔබ හිතන විදිය ගැන මට ආඩම්බරයි. (ර)
මම කාලයක් මගේ බිරිද සමග නවසිලන්තේ හිටිය මුලින්ම නැවතුනේ එහෙ බක්කරේ වැඩ කරන කෙනෙක්ගේ ගෙදර ඒ මනුස්සය එයාගේ යාළුවා එක්ක එකතු වෙලා නාන කාමරේ වීඩියෝ කැමරාවක් සවි කරලා තිබිල මගේ අතටම අහු වුනා.පස්සේ පොලිසි උසාවි ගිහින් නැවතුනේ! (බ)
දුක තමයි කරන්න දෙයක් නෑ.(හේ)
ලලිත් මහත්තයාට ලෑජ්ජාවක් වගේ පෙනුනට හොරකම් වංචා නෑතිව කරන ඕනෙම රෑකියාවකින් ලෑබෙන රුපියලට අගය කරන්න පොල්ගස් නෑග්ගත් එකයි ඒ අයට අපහස නොකරන්න (බ)
බය වෙන්න එපා දැන් ඉන්දියානුවන් එනවනේ 5000 දුන්නම ඇති පඩිය, (බ)
ඉතාලියේද ඉතා ඉහළ තත්වයේ බේකරි වල ලංකාවේ අය සේවය කරනවා. නමක් දිනාගත් චොක්ලට් නිෂ්පාදන ආයතනවල පවා ලංකාවේ පුද්ගලයින් සේවය කරමින් මසකට යුරෝ පන්දහසක පමණ පඩියක් ලබනවා. මෙරටේ මේ වෘත්තීන් සඳහා ලොව උසස් තත්වයේ පාඨමාලා තිබෙනවා. (නි)
ලංකාවේ ගොඩක් සල්ලිකාරයන්ගේ ළමයි ඇමරිකාවේ එංගලන්තේ ඉගෙනගන්න ගිහින් රස්සා කරන්නෙත් බක්කරේලා යටතේ තමයි. ගොඩක් ළමයි බක්කරේලගේ අත්උදවුකාරයෝ (නි)
එ්ක හරියට හරි. නමුත් බටහිර රටවල රැකියා වල උස් පහාත් බේදයක් නැහැනේ (නි)
එසේම ලංකාවේ බොහොමයක් සල්ලිකාර මහත්වරුන්ගේ දරුවෝ ලංකාවෙන් බොරු බේකරි සහතික අරගෙන ඕස්ට්‍රේලියාව නවසීලන්තයට විසා ගන්නවා. අාවහම බේකරි වැඩ බැරි නිසා කුලී වැඩ කරගෙන ඉන්නවා. ලංකාවේ හොඳ බක්කරේලට ඉංග්‍රීසි බැරි නිසා රට එන්න බැහැ (නි)
ලංකාවේදී මිනිස්සු ඇතැම් රැකියාවන් කරන්න අකමැති සිංහල වචන නිසා නොවේ මෙහෙ තියන උග්‍ර පන්ති බෙදේ නිසා. නිකන් හුදු සිංහල වචන හරඹයකට අන්දලා මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.මොකෝ ලංකාවේ උග්‍ර පන්ති බේදේ නිසා සමහර මිනිස්සුන්ට කසාදයක් වත් කරගන්ට බෑ (බ)
එහෙනම් පාන් කාලත් ඉවරයි.(හේ)
ඉදිරියේදී බේකිරි වැහෙන තත්ත්වයටම පත්වෙයි.(හේ)
ලංකාවේ බොහොමයක් සල්ලිකාර මහත්වරුන්ගේ දරුවෝ ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවලට ගිහින් ලක්ෂ ගණන් ගෙවලා ඉගෙනගන්නෙත් ඔය බක්කරේ වැඩේම තමයි. කිසි ලැජ්ජාවක් නැතුව එහෙදි බක්කරේ වැඩේ කරනවා. මොකද එහෙ එ්කට බේකර් කියලා ඉංග්‍රීසියෙන් කියන නිසා. එයින් කිහිප දෙනෙක් ලංකාවට ගෙන්වාගන්න පුළුවන් නම්? (නි)
දැන් තරුණ පරපුර මේ වගේ රැකියා වලට අකමැතියි.(හේ)
අපට ලොකු වැටුපක් දෙනවා නම් අපි කැමැතියි.(හේ)
කවුරුත් නැත්නම් අපි ඒ බේකරි රස්සාව කරනවා.(හේ)
ලාබයක් නැත්නම් ඉතින් බේකරි කරලා වැඩක් නැනේ.(හේ)
ලංකාවේදී මිනිස්සු ඇතැම් රැකියාවන් කරන්න අකමැති සිංහල වචන නිසා නොවේ මෙහේ තියන උග්‍ර පන්ති බෙදේ නිසා. නිකන් හුදු සිංහල වචන හරඹයකට ආණ්දලා මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.මොකෝ ලංකාවේ උග්‍ර පන්ති බෙදේ නිසා සමහර මිනිස්සුන්ට කසාදයක් වත් කරගන්ට බෑ (හේ)
ලංකාවේදී මිනිස්සු ඇතැම් රැකියාවන් කරන්න අකමැති සිංහල වචන නිසා නොවේ මෙහෙ තියන උග්‍ර පන්ති බෙදේ නිසා. නිකන් හුදු සිංහල වචන හරඹයකට ආණ්දලා මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මොකෝ ලංකාවේ උග්‍ර පන්තිබෙදේ නිසා සමහර මිනිස්සුන්ට කසාදයක් වත් කරගන්ට බෑ. (ර)
රුවන්ට ටිකක් හිතුවොත් ලලිත් කියපු දේ තේරෙයි. අපේ මිනිස්සු ලංකාවේදී ඒ රස්සාව අවතක්සේරු කරන එක ගැනයි ඒ කියන්නේ. පිටරටදී එකවිදිහකටත් තමන්ගේ රටේදී එක විදියකටත් හිතන එක නිසා තමයි අපේ රට තවමත් පහත අඩියක තිබෙන්නේ. පිට රට වලදී කරන විදියටම ලංකාවේදීත් ඒ සේවය ලබා දෙනවා නම් ලංකාවත් සුරපුරයක්. (ර)
මම පොඩිකාලේ අපේ ගමට උදෙන්ම පාන් බයිසිකලයකින් බෙදපු බක්කරේ මාමාගේ උණු පාන් සමඟ ලැබෙන සම්බෝලේ රස මට තාමත් මතකයි. (නි)