IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැඩි අගයකින් බිස්නස් කඩා වැටිලා

ඈත අතීතයේ සිටම අද දක්වා දේශීය බෙහෙත් භාවිතයට ගැනීම අප රටට පමණක් සීමා වූවක් නොවේ. ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ආසියාතික රටවල මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය වැනි බටහිර රටවල පවා ඔවුනට ආවේණික වූ දේශීය බෙහෙත් භාවිතයට ගනී.
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේදී අප ගොඩවැදුණේ දෙමටගොඩ වෙළෙඳ නගරයේ දර්ශන සිංහල බෙහෙත් වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී එම ආයතනයේ හිමිකරු වන බුද්ධික ප්‍රසන්න මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.


Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
වසර තිහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. සිංහල බෙහෙත්වලට තිබුණු වෙළෙඳපොළ මේ වෙද්දී හැකිලිලා තියෙන්නේ. ඒත් එක්ක අපේ බිස්නස් අඩුවෙලා. ගිය වසරට සාපේක්ෂව ගත්තම බිස්නස් හොඳයි කියන්න පුළුවන්කමක් නැහැ. සංඛ්‍යාත්මක වශයෙන් වැඩි අගයකින් බිස්නස් කඩාවැටිලා තියෙන්නේ.


Q: බිස්නස් කඩා වැටීමට බලපෑ හේතු මොනවාද?
බොහෝ පාරිභෝගිකයන් පුරුදු වෙලා හිටියේ යම් රෝගයක් වැළඳුණාම බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරා යාමට මත්තෙන් පාරම්පරිකව දේශීය බෙහෙතක් එම රෝගය සඳහා භාවිත කරන්න. එහෙත් කාලයක් යද්දී බටහිර ඖෂධවලට තියෙන ඉල්ලු‍ම වැඩිවීමත් එක්ක අපේ බිස්නස්වලට තිබුණු ඉල්ලු‍ම අඩු වුණා. ඒ කියන්නේ බිස්නස් නැත්තටම නැති වුණා කියන එක නෙමෙයි. දැන් ඉන්න තරුණ පිරිස දේශීය බෙහෙත් භාවිතයට නැඹුරු වන ප්‍රමාණය අඩුයි. එහෙත් ඔවුන් රූපලාවණ්‍ය කටයුතුවලදී භාවිතයට ගන්න විවිධ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ ප්‍රවණතාවක් තියෙනවා. මේ තමයි සිංහල බෙහෙත් ව්‍යාපාරයේ පවතින සැබෑ තත්වය.
මේ වෙද්දී බිස්නස් අඩු වෙන්න පාරිභෝගිකයා අතේ මුදල් නොමැතිවීම වගේම පසුගිය දිනවල ඇඳහැළුණු වර්ෂාපතනයත් බලපෑවා. ඒ කියන්නේ වැස්සත් එක්ක භාණ්ඩයක් ගන්න වෙළෙඳපොළට එන පාරිභෝගික පිරිස අඩු වුණා. අපේ වෙළෙඳාමට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය විදේශීය රටවලින් වගේම දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගන්නවා. අපි සෑම අවස්ථාවකම උත්සාහ කරන්නේ සාධාරණ මුදලක් යටතේ භාණ්ඩ පාරිභෝගිකයාට ලබා දෙමින් මෙම ව්‍යාපාර පවත්වාගෙන යන්න. 

මනීෂා වීරසිංහ
ඡායාරූප :  සුමුදු හේවාපතිරණ



අදහස් (0)

වැඩි අගයකින් බිස්නස් කඩා වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site