( විනීතා එම් ගමගේ )
විශාල ලෙස අතිරික්ත වී ඇති වට්ටක්කා වලින් විවිධ නිෂ්පාදන කර වෙළඳ පොළට ඉදිරිපත් කරන නිෂ්පාදකයින්ට අතදෙන්නට කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය සුදානමින් සිටියි.
දේශියව දැනට ඉල්ලූමක් නැතත් විදේශීය රටවල විශාල ඉල්ලූමක් ඇති වට්ටක්කා පිටි,වට්ටක්කා බීම වැනි නිශ්පාදන සකසා දේශිය වෙළඳ පොලට හඳුන්වා දෙන්නටත් විදේශිය වෙළ`දපොල වෙත ඉදිරිපත් කරන්නටත් සුදානම් නම් එවැනි නිශ්පාදකයන්ට අවශ්‍ය තාක්ෂණික උපකාර කරන්නට තම ආයතනය සුදානම් බව කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඉල්මි හේවාජූලිගේ මහත්මිය පැවැසුවාය.
ලොව පුරා බොහෝ රටවල වට්ටක්කා පිටි සුප් සඳහා යොදා ගන්නා බවත්, විටමින් අධික ආහාරයක් බැවින් ඊට විදේශීයව විශාල ඉල්ලූමක් ඇති බවත් ඇය කීවාය.
වෙනත් රටවල වට්ටක්කා ඇට පවා ධාන්‍ය නිෂ්පාදන අතර පවතින බවත්, තවත් විශේෂ නිෂ්පාදන ගැන සිතන්නට නිශ්පාදකයින්ට හැකියාව ඇති බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය වසර පුරා පල දරන බෝගයක් වන බැවින් කර්මාන්ත ශාලාවක් පවා ආරම්භ කිරීමේ හැකියාව ඇතැයි පෙන්වා දුන්නාය.
මෙවර වට්ටක්කා අස්වනු අතිරික්තයක් ඇති අතර කෝටි ගණනක වට්ටක්කා විකුණා ගත නොහැකිව ගොවීන් අතරමංව ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇති බැවින් මේ අස්වනු සඳහා කළ හැකි කිසිවක් නැද්දැයි ආහර තාක්ෂණ අංශයෙන් ලංකාදීප කළ විමසීමක දී හේවාජූලිගේ මහත්මිය මේ අදහස් පළ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපතේ යාම සිදුවන්නේ හරි හමන් බෙදා හැරීමේ ක්‍රමක් නැති නිසයි. නගරයේ මාකට් එකෙන් පාරිභෝගිකයාට අද වුනත් එච්චර ලාබෙට වට්ටක්ක ලැබෙන්නේ නැහැ. අතර මැදි වෙළඳ මාෆියා ගොවියාව හුරා කනවා. මේ නෝනා මහත්තය කියන කතාව මමත් පිලි ගන්නවා. වට්ටක්කාවලින් බොහොම පල පොරෝජන ගන්න පුළුවනි. ලොකු ටුවරිස් හෝටල් වල සැරසිල්ලක් වශයෙන් පෙලට එල්ලා තියන්න වුනත් පංකාදුයි. දැනට පොල් වල මිල වැඩි හින්දා , දේවාල වලට ගිහින් එක එක දේවල්වලට විරෝධය දැක්වීමට පොල් ගහන මහත්තුරුන්ට පොල් වෙනුවට දැන් පුළුවනි වට්ටක්ක ගහන්න. ඒවා පොල්වලට වඩා ලොකු හින්ද දෙයියෝ වුනත් කැමති වේවි.
මැදපෙරදිග රටවල්වල වට්ටක්ක ඇට වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අරාබි මිනිසුන් නිතරම මෙම ඇට ආහාරයට ගන්නවා. වට්ටක්කා ඇට ඉතාමත් ගුණ ආහාරයක්. දැනට පවතින අතිරික්තයේ ඇට ටිකවත් ගන්න බලන්න. මෙය දේශීයව ව්‍යාප්ත කරන්න පුළුවන් ව්‍යාපාරයක්.
ඉතාලිය වගේ මේ රටවල වට්ටක්කා පිටි වලින් පාස්තා වැනි ආහාර පවා නිපදවනවා. වට්ටක්කා පිටි කලොත් එයින් පාන් වැනි දේ නිශ්පාදනය කල හැකියි. එය තිරිගු පිටි වලට හොද විකල්පයක් වේවි. ඒත් අපේ අය දන්නේ වට්ටක්කා උයලා කන්න විතරනේ.....