IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වට්ටක්කා අපතේ යැවීම අපරාදයක්

( විනීතා එම් ගමගේ ) 
විශාල ලෙස අතිරික්ත වී ඇති වට්ටක්කා වලින් විවිධ නිෂ්පාදන කර වෙළඳ පොළට ඉදිරිපත් කරන නිෂ්පාදකයින්ට අතදෙන්නට කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය සුදානමින් සිටියි. 

දේශියව දැනට ඉල්ලූමක් නැතත් විදේශීය රටවල විශාල ඉල්ලූමක් ඇති වට්ටක්කා පිටි,වට්ටක්කා බීම වැනි නිශ්පාදන සකසා දේශිය වෙළඳ පොලට හඳුන්වා දෙන්නටත් විදේශිය වෙළ`දපොල වෙත ඉදිරිපත් කරන්නටත් සුදානම් නම් එවැනි නිශ්පාදකයන්ට අවශ්‍ය තාක්ෂණික උපකාර කරන්නට තම ආයතනය සුදානම් බව කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඉල්මි හේවාජූලිගේ මහත්මිය පැවැසුවාය.


ලොව පුරා බොහෝ රටවල වට්ටක්කා පිටි සුප් සඳහා යොදා ගන්නා  බවත්, විටමින් අධික ආහාරයක් බැවින් ඊට විදේශීයව විශාල ඉල්ලූමක් ඇති බවත් ඇය කීවාය. 


වෙනත් රටවල වට්ටක්කා ඇට පවා ධාන්‍ය නිෂ්පාදන අතර පවතින බවත්, තවත් විශේෂ නිෂ්පාදන ගැන සිතන්නට නිශ්පාදකයින්ට හැකියාව ඇති බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය වසර පුරා පල දරන බෝගයක් වන බැවින් කර්මාන්ත ශාලාවක් පවා ආරම්භ කිරීමේ හැකියාව ඇතැයි පෙන්වා දුන්නාය. 
මෙවර වට්ටක්කා අස්වනු අතිරික්තයක් ඇති අතර කෝටි ගණනක වට්ටක්කා විකුණා ගත නොහැකිව ගොවීන් අතරමංව ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇති බැවින් මේ අස්වනු සඳහා කළ හැකි කිසිවක් නැද්දැයි ආහර තාක්ෂණ අංශයෙන් ලංකාදීප කළ විමසීමක දී හේවාජූලිගේ මහත්මිය මේ අදහස් පළ කළාය.  
 



අදහස් (3)

වට්ටක්කා අපතේ යැවීම අපරාදයක්

rocky Tuesday, 01 May 2018 07:58 AM

මේ අපතේ යාම සිදුවන්නේ හරි හමන් බෙදා හැරීමේ ක්‍රමක් නැති නිසයි. නගරයේ මාකට් එකෙන් පාරිභෝගිකයාට අද වුනත් එච්චර ලාබෙට වට්ටක්ක ලැබෙන්නේ නැහැ. අතර මැදි වෙළඳ මාෆියා ගොවියාව හුරා කනවා. මේ නෝනා මහත්තය කියන කතාව මමත් පිලි ගන්නවා. වට්ටක්කාවලින් බොහොම පල පොරෝජන ගන්න පුළුවනි. ලොකු ටුවරිස් හෝටල් වල සැරසිල්ලක් වශයෙන් පෙලට එල්ලා තියන්න වුනත් පංකාදුයි. දැනට පොල් වල මිල වැඩි හින්දා , දේවාල වලට ගිහින් එක එක දේවල්වලට විරෝධය දැක්වීමට පොල් ගහන මහත්තුරුන්ට පොල් වෙනුවට දැන් පුළුවනි වට්ටක්ක ගහන්න. ඒවා පොල්වලට වඩා ලොකු හින්ද දෙයියෝ වුනත් කැමති වේවි.

:       4       25

සුනෙත් හේමන්ත Tuesday, 01 May 2018 10:16 AM

මැදපෙරදිග රටවල්වල වට්ටක්ක ඇට වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අරාබි මිනිසුන් නිතරම මෙම ඇට ආහාරයට ගන්නවා. වට්ටක්කා ඇට ඉතාමත් ගුණ ආහාරයක්. දැනට පවතින අතිරික්තයේ ඇට ටිකවත් ගන්න බලන්න. මෙය දේශීයව ව්‍යාප්ත කරන්න පුළුවන් ව්‍යාපාරයක්.

:       0       21

ලකිත් ශ්‍යාමන් Wednesday, 02 May 2018 09:52 AM

ඉතාලිය වගේ මේ රටවල වට්ටක්කා පිටි වලින් පාස්තා වැනි ආහාර පවා නිපදවනවා. වට්ටක්කා පිටි කලොත් එයින් පාන් වැනි දේ නිශ්පාදනය කල හැකියි. එය තිරිගු පිටි වලට හොද විකල්පයක් වේවි. ඒත් අපේ අය දන්නේ වට්ටක්කා උයලා කන්න විතරනේ.....

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 532 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site