විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාල සංකීර්ණය ජාතික පවිත්‍රතා නිෂ්පාදන සම්මානය 2013 මෙවර ද පිට පිටම තෙවැනි වරටත් දිනා ගනිමින් රජතමය සම්මානය හිමි කර ගත්තේය.
තවත් විශිෂ්ට සම්මාන දෙකක් වශයෙන් උපකරණ කාර්යක්ෂම සම්මානය හා ජල පරිහරණ කාර්යක්ෂම සම්මානය ද හෝකන්දර මුද්‍රණාලයට හිමි විය.
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාලය අඛණ්ඩ වැඩිදියුණු කිරීම් හා අනුරූපී මෙහෙයුම් මෙම සාර්ථකත්වයේ රහස බවත්, සමාගමට එම සම්මාන දිනා ගැනීමට හේතු වූයේ එහි සේවක කැපවීම හා කාර්යක්ෂමතාව නිසා බවත් හෝකන්දර මුද්‍රණාලය කියයි.
සම්මාන උළෙල කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ සංකීර්ණයේ සහකාර සාමාන්‍යාධිකාරී ජනක රත්නකුමාර මහතා කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සම්මානය ලබා ගත්තේය. ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ඒ කේ රත්නරාජා මහතා ද මෙහි සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියට උදාර මෙහෙයක් කරන මේ පුවත් පත දිනෙන් දින තව තවත් දිනේවා. (අ)
ජයවේවා. (ස)
උණුසුම් සුභපෑතුම්.!!! (අ)
ජයම ජය වේවා! (නදී)
මම පෙරේදා උණුසුම් සුභ පැතුම් එව්වා. දැන් ඒවා හීල්වෙලා පිලුනුවෙලා හින්ද ඔන්න ඔහේ විසි කරලා දාන්න.(නදී)
ස්තුතියි නදී. ජයවේවා! (අ)
ඔබගේ දියුණුවට අපෙන් සුභ පැතුම්! (නි)
ඔබට ජය! (නි)
සැමදා පෙරමුණේ සිටින ඔබට ජය! (නි)
සියලු අතින් පිරිසිදු විජය ආයතනයට ජයෙන් ජය! (නි)
විජයට සැමදා ජය! (නි)