
සියලුම වාහනවල විදුලි කාර්මික සේවා පිළිබඳව කීර්තියක් උසුලන කැස්බෑව විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් පසුගියදා අඛණ්ඩව 6 වැනි වරටත් පැවැත්වූ Sri Lankan Top 100 100 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. කලාකරුවන්, වෘත්තිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් සහභාගි වූ Sri Lankan Top 100 100 සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.
මීට වසර 25කට පෙර තම පියා වන විජයරත්න මහතා විසින් ආරම්භ කරන ලද විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් දියුණ තත්වයකට පත් කිරීමට හැකි වීම පිළිබඳව විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ තරින්ද විරාජ් සිය සතුට ප්‍රකාශ කළේය.
කැස්බෑව හා ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට විදුලි කාර්මික සේවා විශිෂ්ට ලෙස සහ සාධාරණව මිලකට සපයන ආයතනයක් ලෙස විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් ප්‍රසිද්ධියක් උසුලයි. තමා විසින් ඉතාමත් සුළුවෙන් ආරම්භ කරන ලද විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් සාර්ථක තත්වයකට පත් වී සම්මානයට පාත්‍ර වීම පිළිබඳව තමා අතිශය සතුටට පත් වන බව විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් නිර්මාතෘ විජයරත්න මහතා පැවසීය. වසර 25ක් පුරා තමා කළ කැපවීමට නිසි වටිනාකමක් ලැබුණු බව තමා විශ්වාස කරන බවද විජයරත්න මහතා පැවසීය. දිවයිනේ කීර්තිමත් සමාගම් රැසකට විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් ආයතනය සේවා සපයයි. සම්මානලාභීන්ට මෙන්ම ආරාධිතයන්ට වට්ටම් සහතික පත් විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් විසින් පිරිනමන ලදී. තම සේවක මඩුල්ලේ අවංකභාවය මෙන්ම දැඩි කැපවීම මෙම ජයග්‍රහණය පිටුපස යෝධ සෙවණැල්ලක් මෙන් ඇති බවද පැවසූ වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ තරින්ද විරාජ් තමා ඔවුන්ට ස්තූතිවන්ත වන බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල් සම්මානයට පාත්‍ර වේ