සිතාමතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේදී ජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එවැනි මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීම මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් කරන බව මීට පෙර නිවේදනය කර තිබිණි.
ඒ අනුව එවැනි මුදල් නොට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුර, මාතලේ, මාතර, ත්‍රිකුණාමල, නුවරඑළිය, කිලිනොච්චි යන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත හෝ “අධිකාරි, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, නො 30. ජනාධිපති මාවත, කොළඹ 01” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ එවැන්නයිද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් මගේ ළඟ තියෙනවා සීයේ නෝට්ටු 3ක් සහ දහයේ එකක් මාරුකරගන්න.