IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විකුණුම්කරුවන් වගකිව යුතු පසුබෑමක්

කොළම කොටස් වෙළෙඳ පොළ ඊයේ (අප්‍රි. 21) ගනුදෙනු ආරම්භ වන විට සියුම් වර්ධනයක ලකුණු පෙන්වමින් සිටි අතර පළමු පැය එකහමාරක කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශක අනූවකට ආසන්න ගණනකින් ඉහළ ගියේය. එහෙත් විකිණීම සඳහා දක්වන ලද නැඹුරුව අවසානයේ දී දර්ශක පහත වැටිණ. පසුගිය දින කිහිපය තුළ ගනුදෙනුවලින් සුළු ලාබ සහිතව කොටස් විකිණීම මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණකි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ ඉල්ලුම ඉහළ යා හැකි අතර වෙළෙඳ පොළ වර්ධනයකට අවශ්‍ය පසුබිම පවතී. 

සැලකිය යුතු කාලයකට පසු වෙළෙඳ පොළ පිරිවැටුම රු. ට්‍රිලියනය ඉක්මවා ගියේය. ගනුදෙනු අවසන්වන විට දෛනික පිරිවැටුම රු. බිලියන 1,168.58 ක් වශයෙන් විය. බැංකු හා මුල්‍ය අංශයේ කොටස් හුවමාරුව මෙහි දී වැඩිම දායකත්වයක් දක්වන ලද බව දැක්විය හැකිය. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,599.61 ක් වූ අතර එය දර්ශක 16.96 ක පසුබැසීමකි. ගනුදෙනු අවසන් වනවිට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,623.07 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 1.17 ක පහළ යෑමක් සේදැක්විය හැකිය. 

සම්පත් රු. මිලියන 118 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන් ෆයිනෑනස් රු. මිලියන 82 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 78 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 57 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 45 ක්, වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 44 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 41, ජෝන් කීල්ස් රු. මිලියන 40 ක්, සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 39 ක් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 34 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.

නිරීක්ෂක



අදහස් (0)

විකුණුම්කරුවන් වගකිව යුතු පසුබෑමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site