IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වී මිලට කඹ ඇදිල්ලක්


 

  • ගොවි සංවිධානවල ඉල්ලීම කිලෝවකට රු. 130 ත් 140 ත් අතර මිලක්
  • සියලු‍ වියදම් එකතු කළ විට කිලෝවට රුපියල් 146.10 ක්
  • සාධාරණ සහතික මිලක් අවශ්‍යයි
  • සහතික මිලක් වෙනුවට ආණ්ඩුවෙන් අවම මිලක්
  • ගොවීන්ට ශුද්ධ ලාබයක් ලැබෙන සේ අවම මිලට වී මිලදී ගන්න රජය සූදානම්
  • ප්‍රමිතියට වී සපයන ගොවීන්ට අමතර රුපියල් දෙකක්
  • තෙත වී කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර මිලක
  • සහල් කිලෝවක් රුපියල් 230 ට

යොහාන් භාසුර
වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
වී පොහොර බෑගයකට යන තෙක් වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ගණනය කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාබය ලෙස සියයට 25 ක් එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය.
එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරාසයක සාධාරණ සහතික මිලක් අවම වශයෙන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව කී නාමල් කරුණාරත්න මහතා එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.
ගොවීන්ට ශුද්ධ ලාබයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාළ ප්‍රමිතියට වී සපයන ගොවීන්ට අමතර රුපියල් දෙක බැගින් ගෙවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය මිලදී ගන්නා වී අලෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අලෙවි කරන බව පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසුවේ තෙත වී කිලෝවක් රුපියල් 110 ත් 115 ත් අතර මිලක මේ වන විට පවතින බවත් ලබන සතියේ වී කිලෝවක මිල රුපියල් 100 ත් 110 ත් අතර මිලකට අඩු වේ යැයි බලාපොරොත්තු වන බවත්ය.
එම මිලට වී මිලදී ගතහොත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහල් කිලෝවක් රුපියල් 230 ට දීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
නැගෙනහිර පළාත සමඟ දිස්ත්‍රික්ක කිහිපයක මාස් කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර අතර වීවලට සාධාරණ මිලක් දෙන ලෙස අස්වැන්න නෙළමින් තිබෙන දිස්ත්‍රික්කවල ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

වී මිලට කඹ ඇදිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site