වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.
එහිදී වැඩිම අස්වැන්නක් මිලදී ගැනීම අම්පාරෙන් වාර්තා වන අතර නාඩු වී මෙට්‍රික් ටොන් 8751ක්ද, සම්බා වී මෙට්‍රික් ටොන් 2703ක්ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් මණ්ඩලය මිලට ගෙන ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සම්බා වී මෙට්‍රික් ටොන් 6172ක්ද, නාඩු වී මෙට්‍රික් ටොන් 1002ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 8542ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 2857ක්ද, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන් 2634ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් නාඩු වී මෙට්‍රික් ටොන්2620ක්ද මණ්ඩලය විසින් මිලට ගෙන ඇත.
පොළොන්නරුව, අම්පාර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, මහනුවර, බදුල්ල, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, යාපනය, මන්නාරම, අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක 20ක වී මිලදී ගැනීම මණ්ඩලය විසින් සිදුකරගෙන යනු ලබන අතර සම්බා වී කිලෝග්‍රෑම් 01ක් රු 41ක් ද, නාඩු වී කිලෝග්‍රෑම් 01ක් රු 38ක් බැගින් මණ්ඩලය සහතික මිලට වී මිලදී ගනු ලබයි.
වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 5000ක් වෙන් කර ඇති බවත්, ඒ ඒ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරු හරහා වී මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇති බවත් හැරිසන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd