IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලීමා ක්‍රියේෂන්ස් සූර්ය බලශක්තියට මුල පුරයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අභ්‍යන්තර අලංකරණ ආයතනය වන ලීමා ක්‍රියේෂන්ස්, දොම්පේ පිහිටි සිය අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවේ 500kWP/400KVA සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කර තිරසාර බලශක්ති භාවිතය සඳහා සවිමත් අඩිතාලමකට පියවර තබන ලදී. මෙම මුලපිරීම හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ගෝලීය තිරසාර උත්සාහය සමග සමපාත වෙමින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන බලශක්ති ඉල්ලුමට දැක්වූ මනා විකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. 
එසේම පාරිසරික යහපැවැත්මට සහාය වෙමින්, හරිත බලශක්තිය නිෂ්පාදනය කරමින්, පරිසරයට ධනාත්මකව දායක වීමද අගය කළ යුතුය. ලීමා සමාගම තමන්ගේම විදුලිය ජනනය කිරීමෙන්, පොසිල ඉන්ධන හා ගල් අඟුරු මත යැපීම අඩු කර, බලශක්ති බාධා ඇතිවීමේ අවධානම අවම කරමින් බලශක්ති පිරිවැය අවම කිරීමටද මේ හරහා දායක වේ.
2000 වසරේදී ආරම්භ කරන ලද ලීමා ක්‍රියේෂන්ස් අක්කර 4ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති වර්ග අඩි 200,000කට වඩා වැඩි නිෂ්පාදන භූමියකින් යුත් අතිනවීන තාක්ෂණික යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත සමාගමකි. අභ්‍යන්තර අලංකරණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික දේ ඉක්මවා යමින් ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් ගෘහභාණ්ඩ හා සේවා සපයන ඔවුන් ISO 9001:2015 තත්ව කළමනාකරණ සහතිකයටද හිමිකම් කියනු ලබයි. කලාත්මක නිර්මාණශීලීත්වය, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සමග මුහු කිරීමේ දැක්මකින් ආරම්භ කරන ලද ලීමා සමාගම වසර 25ක් පුරා විශිෂ්ට නවෝත්පාදන වලින් ශ්‍රී ලාංකික අභ්‍යන්තර අලංකරණ කර්මාන්තයේ කීර්තිනාමය තහවුරු කර ඇත.
ලීමා ක්‍රියේෂ්න්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි යූ..ජී. ප්‍රියන්ත අබේසුන්දර මහතා මෙම මුලපිරීමේ බලපෑම මෙසේ අවධාරණය කළේය. “සූර්ය බල පැනල දැනටමත් ගෝලීය වශයෙන් සහ අපේ රටේ බොහෝ දියුණු ප්‍රදේශවල සම්මත, විශ්වාසදායක බලශක්ති ප්‍රභවයක් බවට පත්ව තිබෙනවා. විදුලි ගාස්තුවේ ඕනෑම හදිසි වැඩිවීමක් ආයතනයක මුදල් ප්‍රවාහ කළමනාකරණයට බාධා කරන අතරම අවිනිශ්චිත බලශක්ති උච්චාවචනය නිසා කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු සඳහා ද බරපතළ ගැටලු මතු කරනවා. එසේම ගෝලීය උණුසුමට, පරිසර දූෂණයට මෙම කාබන් පියසටහන් ඇති කරන්නේ දැවැන්ත බලපෑමක්. මේ සියලු කරුණු සැලකිල්ලට ගත්විට සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම අපගේ අනාගතයේ ආයෝජනය කිරීමක් ලෙස දැක්විය හැකියි. සූර්යාලෝකය පිරිසිදු, පුනර්ජනනීය බලශක්තියක් සපයන අතර බිල්පත් අඩුකරනවා පමණක් නොව පරිසරයට ඉතා විශාල ප්‍රතිලාභයක් ලබාදෙනවා. සූර්ය බලශක්තියට මාරුවීමෙන් ජීවන තත්ත්වය වැඩි දියුණු කරන අතරම හරිත සමාජයකට දායක වීමටද අපට හැකියාව ලැබෙනවා.”



අදහස් (0)

ලීමා ක්‍රියේෂන්ස් සූර්ය බලශක්තියට මුල පුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site