යුරෝපයේ ලාබම සංචාරක මධ්‍යස්ථානය වශයෙන් ස්පාඤ්ඤය සැලකේ.
තුර්කියටත් වඩා එහි මිල අඩුවී ඇතැයි කියති.
අහාරවල සිට කෝපි කෝප්පය දක්වා ස්පාඤ්ඤය සමග තරඟ කළ හැකි එකම රට ශ්‍රී ලංකාව බව සැළකේ.
යුරෝපයේ ලාබම සංචාරක මධ්‍යස්ථානය වශයෙන් ස්පාඤ්ඤය සැලකේ.
තුර්කියටත් වඩා එහි මිල අඩුවී ඇතැයි කියති.
අහාරවල සිට කෝපි කෝප්පය දක්වා ස්පාඤ්ඤය සමග තරඟ කළ හැකි එකම රට ශ්‍රී ලංකාව බව සැළකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් ඇද ගන්න හොද මගක් (දී)
දැන් කවුද ඔහොම කියන්නේ? (නි)
ලංකාව පිහිටි අක්ෂාංශ දේෂාංශ වල පිහිටීම රැගත් අනෙකුත් බොහෝ රටවලත් ලංකාවේ මෙන්ම සමානකම් තිබෙනවා. (නි)
මට නම් රටවල් දෙකම ලස්සනයි. (නි)
උපාලි කයන දේ ඇත්තටම හරි. (නි)
ලංකාව තරම් උතුම් , ලස්සන රටක් ලෝකෙම නැහැ (දී)
යොහාන් ඔබ ළිං මැඩියෙක්, ලංකාවේ මිල අඩු මොන බඩුද ? (ස)
මට නම් මේක විශ්වාස කරන්න හොදටම අමාරුයි. (නි)
ලෝකේ අනෙක් රටවලට සම නොවෙන ලස්සනක් ලංකාවේ තියෙනවා (දී)
මේ මගින් අපේ රටට හොද විදේශ විනිමයක් උපයාගන්න පුළුවන් වෙයි. (දී)
සෑම රටකම ඒ ඒ රටකට ආවේණික වු විවිධත්වයක් තියෙනවා. (නි)
ඇයි අපේ මිනිස්සු පුරාජේරු ගහන්නේ.. දේශප්‍රේමීත්වයයි, පුරාජේරු ගැහිල්ලෙයි වෙනස දන්නේ නැද්ද, ලෝකේ ගොඩක් රටවල් ලොකු දුරක් කාර් එකේ යන්නේ නෑ. විදුලි දුම්රිය, අහස්යාත්‍රාව යොදාගන්නවා.. මේකයි වෙනස.. ඕකට අපි නොම්මර එක යැයි කීම පුරාජේරුවකි. හේතුව ලංකාව කුඩාය.(ස)
ලංකා මාතාවට ජයවේවා (දී)
මොනවා උනත් අපේ ලංකාව තරම් වටින රටක් මේ ලෝකේ නෑ (ස)
කට පියන් ඉන්න එක තමයි හොදම දේ (දී)
ලංකාව ලෝකේ ලස්සනම රට කියලා කියන්නේ ලෝකො වෙන කිසිම රටකට ගිහින් නැති අය.. ඒ අය දැකලා තියෙන්නේ ලංකාව විතරයි (ස)
ලෝකෙන් ලස්සනම් රට ලංකාව (දී)
පහන් කියනේ දේ අනිත් අය තේරුම් ගත්තේ නැහැ. ඔයාල කියන චීනය සහ අනිත් රටවල් ප්‍රමාණය අතින් ලොකු රටවල්. එහෙත් ලංකාව වගේ පුංචිම පුංචි රටක විවිධ දේශගුණයක් එකම දිනකදී තිබෙන එක ගැන විදේශිකයෝ පුදුම වෙනවා. (නි)
ස්පාඥය ලස්සනයි.(නදී)
කවුද කියන්නේ ලංකාවේ ගණන් අඩුයි කියලා.... (ස)
මමත් ඉතාලියේ. ඇත්තටම කිවුවොත් අපි ලංකාවේ ඉපදීම ගැන ආඩම්බර වියයුතුයි. (නි)
කසුන් සහෝදරයා කොහොමද අපි අපේ සංස්කෘතිය රැකගෙන ඔය කියන දේ කරන්නේ ??? (ස)
ලංකාව හැමපැත්තෙන්ම හොද රටක් (දී)
ඒක හින්දනේ රු2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. (නි)
හොද ප්‍රවෘත්තියක්. (නි)
ලංකාවේ ගණන් වැඩි අය ලංකාව ලස්සන නැති අය ඒ කට්ටියට ලස්සන සහ ගණන් අඩු රට වල වලට වෙලා හිටියා නම් හරි. අපිට අපේ ලංකාව ලස්සනයි. ලංකාවට ආදරේ නැති අයට කොහොමත් ලස්සන නැහැ. (නි)
මොනවාද කියන්නේ (දී)
ලංකාවේ බඩු ලාභ වුණාට උද්ඝෝෂණ වල මිළ වැඩියි. (නි)
ලංකාව තමයි ලෝකෙන්ම ලස්සනම රට. (නි)
ලංකාව ජීව විද්‍යාත්මක අතින් සහ දේශගුණික අතින් සංචාරක ව්‍යාපාරයට ඉතාම සුදුසුයි. (නි)
අනේ මන්දා.... කවුද කියන්නේ ලංකාවේ මිල ගණන් අඩුයි කියලා.... !.... ඇත්තටම උපුල් හරි...! කසුන්ගේ අදහසේත් ගතයුත්තක් තියෙනවා.... (ස)
කවුරු කොහොම කිවවුත් ලංකාවේ දේ ගණන් වැඩියි. හැබැයි ලස්සනයි. (නි)
කසුන්, ඔයා තායිලන්තයට යන්න. අපි ලංකාවේම ඉන්නම්. (නි)
ඇත්තටම ලංකාවට වඩා සංචාරකයන්ට අවශ්‍ය දේවල් තායිලන්තය වගේ රටවල් වල තියෙනවා. මෙහේ කැසිනෝ නැහැ. තමන්ට අවශ්‍ය ලිංගික සබඳතා නැහැ. ඒකත් හොරෙන්. ඉතින් ඒ මිනිස්සුන්ට විනෝද වෙන්න දේවල් කොළඹ නැහැ. ඒක හින්දා සංචාරකයෝ අඩුයි. කාමර වල ගාණත් වැඩියි. තායිලන්තේ හොඳ හෝටල් මීට වඩා අඩුයි. අඩු ගාණේ අපි අපේ සංස්කෘතිය රැකගෙන සුද්දන්ට හරි මෙවා හදලා දෙන්න ඕනෑ. හැබැයි දේශපාලකයන්ට ඕවට රිංගන්න දෙන්න හොඳ නැහැ. (නි)
ලාභ බඩුවේ හිලක් ඇත කියලා කියනවා නේද? (නි)
ස්වභාව සෞන්දර්යයෙන් පළමු තැනත් ලංකාවට (දී)
මගේ මව් රටට දළදා හිමි සරණයි (දී)
යොහාන් ලංකාව ලෝකෙ ලස්සන තවත් එක රටක් විතරයි. ඔහොම හිතන්නේ කුහක කමට (ස)
ලංකාවේ වතුර/ මිනිස් ශ්‍රමය විතරයි මිල අඩු. (ස)
ලෝකයේ ඕනෑම දේශගුණික කලාපයකට පැය 3,4 කින් ලගාවිය හැකි එකම රට ලංකාව .(නදී)
ලාබයි බාලයි!! ලාබයි බාලයි !!!(නදී)
යොහාන් ලංකාව අපේ නිසා අපි ඔහොම කියනවා... නමුත් ලෝකේ තවත් කොච්චර ලස්සන රටවල් තියෙනවාද ? (ස)
සාර්ක් රටවලින් එන අයට වියදම් කිරීමේ හැකියාව අඩුයි. සල්ලි තිබුණත් ලෝභයි. (නි)
අම්ලට ට තියන්නෙ කඩයක් දාගෙන සුද්දන්ට අඩූ ගානට බඩූ ව්කුනන්න(ස)
අනුරාධපුරය සිගිරිය වගේ තැන්වලට යන්න විදේශිකයන්ගෙන් ගිනිගනන් ගන්නේ. නමුත් කිසිදු පහසුකමක් නැහැ. හරිහමන් වැසිකිළියක්වත් නැහැ. එපමණ මුදලක් කෙසේවත් අයකළ යුතු වන්නේ නැහැ. ස්ථානයේ හැටියට අයකරන්න එපායැ. අධික මිලක් අයකළ විට සංචාරකයො එන්නේ නැහැ.(නදී)
මේ මොන බොරුද? ලංකාවේ හෝටල් කාමර රුපියල් 20000/= වැඩියි. තායිලන්තයේ, බැංකොක්, නේපාල් මොනතරම් ලාබෙට හෝටල් නාමර විකුනනවද?(නදී)
සංචාරක සමාගම සුද්දා ගසාකනවා.(නදී)
පහන් ඔබ වැරදියි. අපට වඩා විසාල රටවල ගමනා ගමනය අතින් ඉක්මන් වේ. එනිසා ඔයා කියන ප්‍රස්නෙ ඒ රටවලට දැනෙන්නේ නැත. ගුවන් ගමන් ද ඇත (ස)
යොහාන්, නමුත් ලෝකයේ හොදම සහ එකම රට ලංකාවනේ. (නි)
හැබැයි විදේශිකයින්ගෙන් අයකරන ගණන් නම් ටිකක් වැඩියි නේද? (නි)
ලංකාව සීග්‍රයෙන් දියුණුවෙන රටක් (දී)
ලංකාවට සුභපැතුම් (දී)
සන්තෝසයි (දී)
ඒ වුණත් විදේශිකයින්ගෙන් ගන්නේ ගිනි ගණන්නේ. (නි)
කෑම බීම කෙසේවෙතත් සුන්දර පරිසරයක් අතවිදින්න පුලුවන් රටක් තියෙනවද ලංකාව හැරෙන්න? (නි)
අපි ඉතින් කවදත් ලාබයිනේ.(නදී)
මගේ පුතා පන්තියේ පළවෙනියා... පන්තියේ ළමයි කී දෙනාද? පුතා විතරයි...(ස)
සහතික ඇත්ත ලංකාවේ තමයි ලස්සනම පරිසරයක් තියෙන්නේ (දී)
සංචාරකයින්ගෙන් ගසාකන්නේ හෝටල් පමණක් නොවේ. ඔවුන් හැම පැත්තෙන්ම ගසාකෑම් වලට ලක්වෙනවා (නි)
ලංකාවේ හෝටල් අයිතිකාරයෝ සුද්දන්ව ගසා කනවා. හෝටල් වල හරි හැටි පහසුකම් වත් නැහැ. ඒකනේ මම අවුරුදු 16 ක් තිස්සේ පිටරට ඉන්නේ.(නදී)
ලංකාවේ බඩු මිල අඩුයි. ඉන්දන මිල අඩුයි. උද්දමනය අඩුයි. අපරාධ අඩුයි. රජ්‍ය තන්ත්‍රය අවංකයි. ඉතින් හොරකමේ යන්නේ මොකටද? (නදී)
මම පදිංචිය කැනඩාවේ. නමුත් හැම වසරේම ලංකාවට යනවා. නමුත් ලංකාවට වඩා ලස්සන ස්වභාවික තැන් මෙහේ තියෙනවා. ඒ වාගේම ලංකාවට වඩා අඩුමුදලකින් නිවාඩු ගතකරන්න පුළුවන් තැන් ඕනෑ තරම් තියෙනවා. ලංකාවේ විදේශික සංචාරකයන්ගෙන් අයකරන මුදල බොහොම වැඩියි. (නි)
ලංකා මාතාවට අපි ආදරෙයි (දී)
ස්පාඤ්ඤයේ පිපිඤ්ඤා ලංකාවට වඩා ගණන්ද දන්නෙ නැහැ. (නි)
මේක විහිළු කථාවක්, එහෙම නේද ? (ස)
ඒ වුණාට ලංකාව වගේද ස්පාඤ්ඤේ? (නි)
ලංකාවේ ලස්සන හිම වැටෙන රටේ නෑ. හිම වැටෙන රටේ ලස්සන ලංකාවේ නෑ. කාන්තාරේ ලස්සන මේ දෙකේම නෑ. මෙයයි ස්වභාව ධර්මයේ අරුමය....(ස)
ඉතින් රූප ගොඩබිමින් පැය 2,3 කින් එක කලාපෙක ඉදල ඉදල අනිකට යන්න පුලුවන්ද ?මමත් අවුරුදු 15 තිස්සේ විදෙසගතව ඉන්නේ .රටවල් 10 ,12 කට ගිහින් තියනවා ඒත් ලංකාව වගේ ලස්සන රටක් තාම හමු උනේ නැහැ .බලමු ඔය කියන ලස්සන රටක් පස්සේ වත් දකින්න ලැබෙයිද කියල .එක එක්කෙනා ලස්සන දකින විදිහත් වෙනස්ලුනේ .(ස)
ඇමරිකාවේ ටෙක්සාස්, නව මැක්ෂිකෝ ප්‍රාන්ත වලට හිම වැටෙන්නේ නැහැ. ඒත් අනෙත් පෙදෙස් වලට හිම වැටෙනවා.(නදී)
පහන් ඉන්නේ අධි තක්සේරුවකින්. ලතින් ඇමරිකාවේ චිලී දකුනු කොටසේ, නවසීලන්තයේ දකුණු කොටසට අවුරුද්දෙම හිම වැටෙනවා. උතුරු කොටසට නැහැ. ඕමාන් වල උෂ්නත්වය 55 යි. ඒත් සාලල කියන කොටසේ දිය ඇලි තියෙනවා. උෂ්ණත්වය 20. (ස)
සීත කාලෙදි මොස්කව් නුවර, උෂ්ණත්වය ඍන 42. මොන්ගෝලියා දකුණු රුසියාවේ 25. (ස)
පහන් එන්න චීනෙට. ෂැංහයි වල උෂ්ණත්වෙ ඍණ 8 වෙද්දි සියෑං වල 22. සමකයෙන් ඉහළ රටවලට සීතල කාලෙදි සමකයෙන් පහළ රටවලට උෂ්ණ කාලේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා, නවසීලන්තෙ, ෆිජි වගේ රටවල් (ස)
ස්පාඥ්ඥය යුරෝ ආවට පසු වෑටිලා තිබෙනේ. මීට වඩා ලාබයි පෘතුගාලයේ. ලංකාවේ හෝටල් කාමර වල ගාන ටිකක් වෑඩි තමා. ස්පාඥ්ඥයෙ ,පෘතුගාලෙ ඊට වඩා අඩුයි.(නදී)
පද්මා ඔයාට තේරුම් කරන්න හරිම අමාරුයි නේ. ඒ රටවල් වල ශීත කාලෙට හැම තැනම ශීතලයි. පැය දෙකෙන් යන්න පුළුවන් වුණත් යන්න තියෙන්නේ ශීත තැනකටමයි. ලංකාවේ ජනවාරි මාසේ හම්බන්තොට රස්නෙයි ,අනුරාධපුරේ වැව් උතුරනවා , නුවර එලිය ශීතලයි . (නි)