
කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර 120,000ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර 185,000ක්, කිලෝග්‍රැම් 12.5 සිලින්ඩර 450,000 ක්
සහ කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර 7,000ක්
නිමල කොඩිතුවක්කු
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඞ් වෙත වෑල්ව රහිත හිස් එල්. පී. ජී. සිලින්ඩර සැපයීමේ ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2025-2027 කාල සීමාව සඳහා වෑල්ව රහිත හිස් එල්.පී.ජී. සිලින්ඩර වර්ග 04ක් මිල දී ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් වී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් සමාගම වෙත කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර 120,000ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර 185,000ක්, කිලෝග්‍රැම් 12.5 සිලින්ඩර 450,000 ක් සහ කිලෝග්‍රෑම් 37.5 සිලින්ඩර 7,000ක් සැපයීමේ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sahanitr Metal Pressure Containers Public Co. Ltd වන පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd