
රටක ආර්ථිකය කඩා වැටීමට ගෝලීය ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස්වීම්, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීය ව්‍යසන, යුද්ධ, ස්වාභාවික විපත් යනාදිය හේතුවේ. ශ්‍රී ලංකාවද එවැනි කාල පරිච්ඡේදයක් පසුකරමින් කඩාවැටුණු ආර්ථිකය යථාතත්වයට පත් කරගැනීමේ ප්‍රයත්නයක නිරතව සිටි.
මෙම ආර්ථික කඩාවැටීම හමුවේ ජනතාව පීඩාවට පත්වනවා සේම ව්‍යාපාරිකයන්ද ඉන් පීඩාවට පත්ව සිටින තවත් පාර්ශවයකි. මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ බොරැල්ල වෙළෙඳ නගරයේ ගමගේ ස්ටෝර්ස් රෙදිපිළි වෙළෙඳසැල වෙතටයි. එහි හිමිකරු වන සනත් ගමගේ මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි,
|
කොරෝනා එක්ක හැම අංශයකම කඩාවැටීමක් වුණා. ඒත් එක්කම අපේ බිස්නසුත් කඩා වැටුණා. ඒ දවස්වල කඩාවැටුණු බිස්නස් නිසා තවමත් බොරැල්ල ගමගේ ස්ටෝර්ස් හිමිකරු
|
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම වසර තිස්පහක කාලයක ඉඳන් බිස්නස් කරනවා. මීට පෙර වෙළෙඳ සහයකයන් කිහිප දෙනෙක් හිටියත් මේ වෙද්දී එහෙම නැහැ.ගිය වසරට සාපේක්ෂව ගත්තම මේ වසරේ බිස්නස් සරුයි කියන්න බැහැ. අපේ ලාච්චුවට දැනෙන තරම් බිස්නස් එකක් දැන් නැහැ.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
කොරෝනා එක්ක හැම අංශයකම කඩාවැටීමක් වුණා. ඒත් එක්කම අපේ බිස්නසුත් කඩා වැටුණා. ඒ දවස්වල කඩාවැටුණු බිස්නස් නිසා තවමත් අපිට ගොඩනැගෙන්න අමාරුයි. අපි ලොකු මුදලක් යොදවලා රෙදි ගෙනාවට ඒවා මිලදී ගන්න පාරිභෝගිකයෝ ආවේ නෑ. කොරෝනා වලට කලින් අපේ කඩවල පාරිභෝගිකයෝ පිරිලා. සීසන් එකක් එනකන් පාරිභෝගිකයෝ බලන් ඉන්නේ නෑ. අතේ සල්ලි තියනකොට ඇවිත් ඇඳුමක් අරන් යනවා. දැන් එහෙම නෑ.
ඇඳුමක් ගන්න කෙනෙක් ආවත් ඒවා තෝරනවා විතරයි මිලදී ගන්නේ නෑ. කඩේට දහදෙනෙක් දවසට ආවොත් ඒ අයගෙන් දෙන්නෙක් විතර තමයි බඩුවක් මිලදී ගෙන යන්නේ. රෙදිවල මිලේ කියලා ලොකු අඩුවීමක් වෙලා නෑ. අපිට ලාබය ගැන හිතලා බඩුවක් විකුණන්න බැහැ. පාරිභෝගිකයෝ අතේ සල්ලි නැති නිසා රෙදිපිළි මිලදී ගන්න එන්නේ නෑ. ව්‍යාපාරිකයන් වන අපිත් මේ වෙද්දී ලොකු පීඩනයකින් තමයි බිස්නස් එක කරගෙන යන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාච්චුවට දැනෙන තරම් බිස්නස් එකක් දැන් නැහැ