(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ධීවර හා ගිලන් සේවා බෝට්ටු මිලදී ගැනීමට මුරුසි රාජ්‍යය එකඟත්වය පළ කර තිබේ.
සී නෝර් පදනම නිෂ්පාදනය කරන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මුරුසි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙන අතර එරටට අවශ්‍ය බහුදින යාත්‍රා සඳහා වන ගිවිසුමට කඩිනමින් අත්සන් තැබීමට නියමිත යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉකුත් දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මුරුසි රාජ්‍යයේ සාගර කටයුතු අමාත්‍ය ප්‍රෙම්ඩුත් කුන්ජු මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර තිබේ.
මාසයක කාලයක් ඇතුළත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත අඩි 55ට වඩා විශාල ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීමට සී නෝර් පදනමට හැකි යැයි ද අමරවීර මහතා කුන්ජු මහතා සමග පැවැති සාකච්ඡාවලදී පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන අයට දෙන්න කලින් "මාසයක් ඇතුලත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත ධීවර බෝට්ටු" අපේ ධීවරයන්ට දෙන්න කටයුතු කලොත් නරකද?
කඩිනමින් අත්සන් තැබීමට නියමිතයි කියන පුවත් වෙනුවට අත්සන් තැබූ බව සහ මුදල් ගෙවූ බව කියන පුවතක් පළවුනා නම් තමයි ඕක වෙයි කියලා පිළිගන්න පුළුවන්.. වෙන රටවල් අපේ රටත් එක්ක මොන තරම් දේවල් කරන්න සාකච්ඡා කරලා තියෙනවද ..? එ්ත් කියෙන් කීයද හරියටම සිද්ධ වුණේ.. මේවා මේ එක එක අමාත්‍යාංශ ලකුණු දාගන්න කරන ප්‍රතිචාර පමණයි...
කඩදාසි බෝට්ටු වෙන්නැති!