ශ්රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ඇරැඹීම සදහා ඩොලර් ලක්ෂ 1015 ක (රුපියල් ලක්ෂ 132965) ආධාර ප්‍රධානය කිරීමට ලෝක බැංකුව සැරසේ.
දකුණු ආසියාවේ රටවල ශ්‍රමිකයන් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අධ්‍යාපනයෙන් හා හැකියාවන්ගෙන් ඉහළ මට්ටමක සිටින බව ලෝක බැංකුව හදුනාගෙන තිබේ.
සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 96 ක් ප්‍රාථීමික අධ්‍යාපනය ලැබ අවසන් කරන අතර සියයට 87 ක් ද්විතියීක අධ්‍යාපනයද ලබන්නෝය.
හොඳින් අධ්‍යාපනය ලැබුවද ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවෙන් බහුතරය රැකියා විරහිතව හෝ තම සුදුසුකම් වලට නොගැලපෙන රැකියාවල හෝ නිරතව සිටින බවත් මේ තත්ත්වය දුරලීමට ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය කරවා රැකියා වෙළදපොලේ අවශ්‍යතා අනුව ඔවුන් හැඩගැස්වීම සිදුකළ යුතු බවත් ලෝක බැංකුවේ අදහසයි.
රජයේ වත්මන් වැඩපිළිවෙළද ලෝක බැංකුවේ අගය කිරීමට ලක්ව තිබේ.2000 වසරේ සියයට 9 ක් ව තිබූ විරැකියාව 2012 වසර වන විටදී සියයට 4 ක් දක්වා පහත හෙළීමට රජය සමත්වී තිබීම සම්බන්ධයෙන් ලෝක බැංකුව ප්‍රසාදය පළ කර සිටී.
සපයනු ලබන මුදල් ආධාර රජයේ වැඩපිළිවෙල හා එකාබද්ධ කර ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම ලෝක බැංකුවේ අපේක්ෂාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලකුණු දාගන්න අවස්තාවක් (දී)
පට්ට බොරු පුවතක් ...මේ වාර්තාව ලෝක බැංකු කුමන්ත්‍රණයක් ... කට්ටියව මුරුංග අත්තේ තියල තව ණයක් දෙන්නයි යන්නේ .. (අ)
ඕකෙන් ලංකාවේ සරසවි ඇදුරන්ට පුහුණුවක් දෙන්න පළුවන්ද. නවීන ලෝකෙට අදාල පාඨමාලා හදල නූතන ශ්‍රමයක් බිහි කරන්න. මොකද ඒ අය සියළු වරප්‍රසාද අරන් මේ රටේ විශ්වවිද්‍යාල ශිෂයන්ට දෙන්නේ ඒ අය ඉගෙන ගත්ත නෝට්ස් ටික. මේකයි විශ්ව විද්‍යාල ප්‍රජාවේ ඛේදවාචකය. (නදී)
ඔය සල්ලි වලට අරයල දැන් කෙල හලනවා ඇති. (නදී)
අපේ දරුවන්ට මින් ප්‍රයෝජනයක් වෙයිද? (නි)
මේකෙන් කියන්නේ රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියල නෙමේ. ඔයාලට සතුටු වෙනද පුලුවන්ද අද බඩු මිල ගැන . කඩේට ගිහින් ආපුවම හිත රිදෙන්නේ නෙද්ද. අන්න එකයි අපි කෑ ගහන්නේ. මේ රටේ දුෂණයෙන් බෙර ගන්න ඕනේ. (දී)
මොන බොරුද (දී)
2006-2013 කාලයේදී විශාල ලෙස රැකියා සදහා තරුණ පිරිස් වෙන රටවලට ගියා. (නි)
ලෝකෙම ඒක දන්නවා ඒකනේ ඇමරිකාවෙන් ලංකාවට වැඩි වැඩියෙන් ග්‍රීන් කාඩ් දෙන්නේ (දී)
මං කියන්නං හුණා කීවා වගේ, ඔය සල්ලි කව්රුහරි යටිමඩි ගහගනීවී, අන්තිමට රටට පුස්සක් තමා ඉතුරුවෙන්නේ, (දී)
දයාජ,සුනිල් ඔය දෙන්න පමණි මේ කරණය පිළිබද විය යුතු වෙලා තියෙන දේ දකින්නේ,මමත් ඉන්නේ විදෙස රටක,ඇත්තටම ලාංකිකයෝ වීම පිළිබද අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්,අනිත් රටවල මිනිස්සු හා සැසදුවම.රජය හා විදෙස කටයුතු සම්බන්ද ආයතන බලදරින් මේ ඇත්ත තේරුම් ගෙන හොද පුහුණු ශ්‍රමිකින් නිවැරදි අයුරින් යොමු කරන්නේනම් ඇත්තටම අපේ ජනතාවටත් රටටත් එක ලොකු අදායමක් හා ජයග්‍රහණයක් වේවි.(දී)
මට නම් හිතාගන්න බැහැ ලංකාවේ විරැකියාව 4% කියලා. මේකත් අර ජීවන වියදම ගණන් හදන කොට මිල අධික බඩු ඒකෙන් අයින් කළා වගේද කියලා හිතෙනවා. මොකද මම ජීවත් වන ඕස්ට්‍රේලියාවෙත් විරැකියාව 5.8% ක්. හැබැයි ඒක පිළිගතහැකි දෙයක්. හේතුව පසුගිය මාසයේ නැතිවූ රැකියා ප්‍රමාණය සහ අලුතින් ඇතිවූ රැකියා ප්‍රමාණය, ඒවා ඇති උනේ මොන මොන ක්ෂේත්‍ර වලද, අර්ධ කාලීනද, පුර්ණ කාලීනද ආදී සියලු විස්තර ඒ සමග ලබාදෙනවා. මෙහෙ තියන කර්මාන්තශාලා, වෙළඳ ආයතන, ගොවිපොළවල්, පතල් කර්මාන්තය, රෝහල් සහ සෞඛ්‍ය සම්බන්ධ ආයතන ප්‍රවාහන කටයුතු,ඇතුළු එකී මෙකී ආයතන අති විශාල ගණනක රැකියා අවස්ථා තිබිලත් විරැකියාව ලංකාවට වඩා විශාල ප්‍රතිශතයකින් වැඩිවීම පුදුමයක්. 4% විරැකියා ප්‍රතිශතය ගණන් හදනවා ඇත්තෙත් නියම දත්ත විකෘති කරලා කියලා තමා මට හිතෙන්නේ. (ස)
අපේ ලාංකිකයන් හැමෝම බටහිර යට වඩා යමක් තේරුම්ගැනීමට දක්ෂය .අපේ සරසවි ඇදුරෝ හරියට පාථමාලා හදනවනම් අපේ විරැකියා මට්ටම බොහෝ දුරට අඩුකරගන්න පුළුවන් වේවි. (අ)
සරසවි සිසුන් ගෙනයන විරෝධතා නිසා තමයි මේ තරමට නිදහස් අද්‍යාපනය රැකිලා තියෙන්නේ. නැත්නම් ඔය ඉලක්කම් ඔයිට වඩා ගොඩක් ලොකු වෙනවා. (අ)
ඇත්තටම හොඳ දෙයක් (දී)
අනේ මේ සල්ලි යටි මඩි නොගහා කරන වැඩේ හරියටම කලා නම් ගොඩක් පින්. (නදී)
හැබැයි ජේවීපී එකේ අන්තරේ මේ කරන අධ්‍යාපන කඩාකප්ල් කිරීම තව අවුරුදු 3 ක් කොලොත් 2018 වන විට ලංකාවේ ශ්‍රමිකයෝ වයසට ගිය කිසිම අධ්‍යාපනයක් නැති අංක එකේ මෝඩයෝ වශයෙන් නම් කරාවී.(නදී)
ඇත්ත විරැකියාව අඩුකලේ වෙනත් රටවල් වලට යවල. මම රට ඉන්න හින්ද දන්නවා (ස)
බොන්නත් එහෙමයි,,(අ)
ජවිපේ, යුඑන්පී කට්ටිය මොකද දැන් කියන්නේ? (නදී)
අනේ අම්මප මේ ගණන් හදන්නෙත් අර එක එකතු කිරීම එක සමානයි එක (1 1=1) කියන ක්‍රමයටද ? (නදී)
"...දකුණු ආසියාවේ රටවල ශ්‍රමිකයන් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අධ්‍යාපනයෙන් හා හැකියාවන්ගෙන් ඉහළ මට්ටමක සිටින බව ලෝක බැංකුව හදුනාගෙන තිබේ..."මේ ලිපියේ මා කැමතිම පාඨය එයයි. ඕනම දෙයක් හොඳින් තේරුම් ගෙන, එය මනාව ඉටු කිරීමට ශ්‍රී ලාංකිකයින් ඇත්තටම දක්ෂයි. (නදී)