විදෙස් ආයෝජන සමාගම් මෙරට ආරම්භ කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා විදෙස් කාර්මික ශිල්පීන්ම යොදාගැනීමට ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.
නිපුණතාවයෙන් හෙබි ශිල්පීන්ගේ හිඟය මෙම තත්ත්වයට හේතු වී ඇතැයි කී හෙතෙම මෙය බරපතල තත්ත්වයක් යැයි අවධාරණය කළේය.
ජල නල කාර්මිකයන්, වෑද්දුම් ශිල්පීන්, වඩු කාර්මිකයන් හා මේසන් බාස්වරුන් සඳහා මෙම හිඟය තදින්ම බලපා ඇතැයි ද පෞද්ගලික සමාගම් සමඟ එක්ව නවීන පුහුණුවක් ලබාදීමෙන් මෙම අභියෝගය ජයගැනීමට සැලසුම් සකස් කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රටවලින් මිනිස්සු වැඩට ගෙන්න ඉල්ලනකොට අපි කොච්චර ලජ්ජා වෙන්න ඕනෙද මේ වගේ රැකියා විරහිත විශාල කොටසක් සමාජයේ නිකමුන් ලෙස ජීවත් වෙනකොට. රටක දියුණුවට මෙය ලොකුම බාධකයක්. (හේ)
මේක ඇත්ත, වැඩ කරන්න කැමති නැහැ, මන්ත්‍රීගෙ පස්සෙ ගිහින් රජයේ රැකියාවක් අරන් නිකන් ඉන්නයි බලන්නෙ. (අ)
මේක ඇත්ත, වැඩ කරන්න කැමති නැහැ, මන්ත්‍රීගෙ පස්සෙ ගිහින් රජයේ රැකියාවක් අරන් නිකන් ඉන්නයි බලන්නෙ. (අ)
ඇත්ත කතාව නම් විරැකියාව කෙතරම් තිබුනත් පුහුණු ශ්‍රමිකයන් නැතිකමයි. සෑම දෙනාම බලන්නේ වෙහෙස නොවී හම්බ කරන්න. ඒ නිසා තමයි පාර පුරාම ත්‍රී වීල් තිබෙන්නේ. විදේශීය කොන්ත්‍රාත් වලට අවශ්‍ය විදිහේ ශ්‍රමිකයන් ලංකාවේ නැත්නම් පිටරටකින් ගැනීමේ වරදක් නැහැ. මෙය ඉදිරියේදී සිදු නොවීමට කටයුතු කිරීම රජයේ වගකීමයි. (නි)
ත්‍රීරෝද රියදුරන්ගෙ නම් අඩුවක් නැහැ (නි)
මෙතැනදී සමහර පාඨකයෝ වරදවා තේරුම් ගෙන තිබෙන දෙයක් තමයි කම්කරුවන් සහ පුහුණු ශ්‍රමිකයන් යන වෙනස් ක්ෂේත්‍රයන් දෙක.....ජර්මනිය දියුණුවට ඉවහල් වුනු ප්‍රධානම කරුණ තමයි රටේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් පුහුණු ශ්‍රමිකයන් කිරීම.විශ්ව විද්‍යාල මට්ටමේ උදවියට වඩා ඔවුන් කල්පනා කරේ ප්‍රායෝගිකව රට ගොඩ නැඟීමට නම් ශාරීරීකව වැඩ කළ හැකි දැනුම සහිත පිරිස් අවශ්‍ය බව.අපේ රටවල තවම එවැනි සංකල්පයක් නැතිවීම ගැන කනගාටුවට කරුණක්.(හේ)
දැන් ඔය ලැහැස්තිවෙන්නේ ඔය නිසා තමයි අපි එට්කා ගැහැව්වේ කියලා කියන්නද? බලාගෙනයි. ඔබලාත් ගෙදර යන්න බලාගෙන ඕවාට අතතියන්න.(හේ)
දැන් ඔය ලැහැස්තිවෙන්නේ ඔය නිසා තමයි අපි එට්කා ගැහැව්වේ කියල කියන්නද? (හේ)
රෝෂණගේ කතාව ඇත්ත. මිනිස්සු වැඩට හොරයි. නිකන් පඩි ගන්න තමයි බලන්නේ. අනෙක බාසුන්නැහෙලා 1950 දී වැඩ කරපු විදියටම තමයි දැනුත් කරන්නේ. කිසිම අලුත් දෙයක් ඉගෙනගන්නවාටත් උනන්දුවක් නැහැ. එයාලා බලන්නේ එයාලට ඕනෑ විදියට වැඩේ කරන්න. ලංකාවේ හොඳ වැඩකාරයෝ ඉන්නේ රටින් පිට. එයාලට ඇත්තටම ලංකාවේ පඩි මදි. (නි)
කම්කරුවන්ගේ හිඟයක් ලංකාවේ ඇති බව මටත් දැනුනේ අපිත් ව්‍යාපාරයක් පටන්ගත්තට පස්සේ. මිනිසුන් කැමති නැහැ වැඩ කරන්න. මේක අපේ රටේ මිනිසුන්ගේ හැටියක් මට හිතෙන්නේ. පිටරට වලින් මිනිස්සු වැඩට ගෙනෙන්න ඉල්ලනකොට අපි කොච්චර ලැජ්ජා වෙන්න ඕනෑද, මේ වගේ රැකියාවිරහිත විශාල කොටසක් සමාජයේ නිකමුන් ලෙස ජීවත්වෙනකොට. රටක දියුණුවට මෙය ලොකුම බාධකයක්. (නි)
කම්කරුවන්ගේ හිඟයක් ලංකාවේ ඇති බව මටත් දැනුනේ අපිත් වියාපාරයක් පටන් ගත්තට පස්සේ. මිනිසුන් කැමති නැහැ වැඩ කරන්න මේක අපේ රටේ මිනිසුන්ගේ හැටියක් මට හිතෙන්නේ. පිට රටවලින් මිනිස්සු වැඩට ගෙන්න ඉල්ලනකොට අපි කොච්චර ලජ්ජා වෙන්න ඕනෙද මේ වගේ රැකියා විරහිත විශාල කොටසක් සමාජයේ නිකමුන් ලෙස ජීවත් වෙනකොට. රටක දියුණුවට මෙය ලොකුම බාධකයක්. (හේ)
කම්කරුවන්ගේ හිඟයක් ලංකාවේ දැන් තියෙනවා.(හේ)
හිඟයක් නම් ඇත්තේ නෑ. ඒ අයට තැනක් නෑ.(හේ)
මේ මිනිස්සුන්ට සරිලන වැටුපක් ලැබෙන්නේ නැති එකයි ලොකුම ප්‍රශ්නය.(හේ)
රෝසන කියන කතාව හරි.(හේ)
මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න.(හේ)
ඉන්දියාවෙන් ගෙන්වන්න. එහෙ ඕනෑ තරම් ඉන්නවා. අඩු මුදලට ගන්නත් පුළුවන්. අවශ්‍ය වුණොත් මෙහෙන් විවාහ කටයුතු කරදීලා මෙහෙම තියාගන්නත් පුළුවන්. (අ)
විදෙස් කාර්මිකයන් අවශ්‍ය වෙන්නේ නෑ.(හේ)
මේකට පිළියමක් නැද්ද?(හේ)
මාර ප්‍රශ්නයක් තමයි මේ.(හේ)
හිගයක් නම් නෑ.ඇති තරම් ශ්‍රමිකයින් ඉන්නවා.(හේ)
කාර්මික විද්‍යාල වලින් කී දෙනෙක් එළියට එනවද? ඒ අයට නිසි තැන දෙන්න එතකොට හරි.(හේ)
මේ ක්ෂේත්‍ර වලට ඇති තරම් වැඩකාරයෝ ලංකාවේ ඉන්නවා.(හේ)
තරුණයෝ මේ වගේ හොඳ රැකියා කරන්න කැමති නැත. පාසලෙන් ඉවත්වුණ ගමන් බලන්නේ ත්‍රී විල් එකක් ගන්න (නි)
ඔව් අනිවාර්යෙන්ම හිඟ ඇති. දැන් ඉන්න කොල්ලෝ ඔක්කොම කරන්නේ ඕලෙවල් ෆේල් වුණ ගමන් ත්‍රී වීල් එකක් එළවන්න යන එක. කිසිම දෑතේ වැඩක් ඉගෙනගන්නේ නැහැ (නි)
ඉන්දියාවෙන් අඩු වැටුපකට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට යොදාගත් උපක්‍රමයකි. ඉන්පසු ධම්ම කියන්නාක් මෙන් මෙහෙන් විවාහයක් කරගෙන මේ රටවැසියන්ට හිසරදයක්ද විය හැක. (නි)
මේක හරිහමන් රටක් නම් අපි පිටරට ගිහින් වැඩ කරනවද? (නි)
ඕක ඉතින් එදා ඉඳලම තිනෙ ප්‍රශ්නයක්නේ (නි)
මෝඩ කතා කියන්න එපා ධම්ම. අපේ ලංකාවේ අය ඕනෑතරම් ඉන්නවා පිටරටවල. ඒ අයට එන්න කියලා ඒ වැටුප ගෙවන්න. එහෙම නැතුව ඒ අය එන්නේ නැහැ. පිටරටවල අය ආවොත් ඒ වැටුප තමයි ගෙවන්න වෙන්නේ. මේක හොද උප්පරවැට්ටියක්. (නි)
ඇත්තම සිද්ධිය නම් ලංකාවෙ බාසුන්නැහැලා ඉල්ලන ගණන් දෙන්න කැමති නැහැ. ඔය කියන ආයෝජකයො. සාමාන්‍ය කම්කරුවෙකුගෙ පඩිය තමයි බාසුන්නැහැ කෙනෙක්ට ගෙවන්න කැමති. ඉතින් චීනෙන් හරි බංගලාදේශ් වලින් හරි රුපියල් 500 ~750 ට පුලුවන් බාසුන්නැහැ කෙනෙක් ගෙන්න ගන්න
ඔව් ඉතින් ත්‍රීවීල් පදිද්දී කොහෙද කාර්මික ශිල්පියෝ? ඉස්කෝලේ ඉවරවුණ ගමන් ගන්නවා ත්‍රීවීල් එකක් අතට. (නි)
ඉන්දියාවෙන් ගෙන්වන්න. එහෙ ඕනෑතරම් ඉන්නවා. අඩු මුදලට ගන්නත් පුළුවන්. අවශ්‍ය වුණොත් මෙහෙන් ආවාහ විවාහ කටයුතු කරදීලා මෙහෙම තියාගන්නත් පුළුවන්. (නි)