ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට එවන බව නවසීලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මෝර්ටන් මහතා අද (30) ජනපති කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ පැවසීය.
රටට සහ සමාජයට අවශ්‍ය පරිවර්තනයන් රැසක් සමගින් නව රජය රට තුළ ආරම්භ කර ඇති වැඩපිළිවෙලට පළමුව සිය සුබපැතුම් පළ කළ නවසිලන්ත මහකොමසාරිස්වරයා එම වැඩපිළිවෙල එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේද දැඩි පැසසුමට ලක්ව තිඛෙන බව ප්‍රකාශ කළේය.
රටේ කෘෂිකර්මාන්තය ඉහළ නංවමින් ස්වයංපෝෂිත ආර්ථීකයක් ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලබන කැපවීමද මෙහිදී අගය කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවටද ප්‍රතිඥා දුන්නේය.
කෘෂිකර්මාන්තය සහ දියර කිරී නිෂ්පාදනය සදහා නවසිලන්තය යොදා ගන්නා ඉහළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නවසිලන්ත මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක්ද කළ අතර ඒ කෙරෙහි මහකොමසාරිස්වරයාගේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර කිහිපයක ආයෝජන අවස්ථා සඳහා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ගිවිසුම් කිහිපයකට එළැඹීමට නවසිලන්තය අපේක්ෂාවෙන් සිටින බවද මහකොමසාරිස්වරයා පැවසීය.
නවසිලන්තයේ වෙසෙන 23,000 ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධන කටයුතු සඳහා නවසීලන්ත රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පිරිනැමු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා නවසිලන්තය මෙතෙක් ලබාදුන් සහයද අගය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් මහත්මයා, මම කතා කරන්නේ දන්නා දෙයකි. මම ජීවත්වන ජර්මනියේ රුපියල් කෝටි 1-සිට 20 දක්වා මුදලක් ලංකාවේ ආයෝජනය කළහැකි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොහෝ දෙනෙකු සිටිති. නමුත් අපිට අවශ්‍ය පහසුකම් ලබාදීමක් අපේ තානාපති කාර්යාල හරහා සිදුනොවේ. අපිට මේවා කරගැනීමට ලංකාවට පැමිණ මාස ගණන් රස්තියාදුවීමට සිදුවේ. අපේ දැනුම සහ මුදල් ලංකාවට එපා නම්, අපිට ඒවා මෙහි ආයෝජනය කළ හැක (නි)
මොන ආයෝජකයා ආවත් රැස්වීම වලදී අපේ ඇමතිලා කිසිම ලැජ්ජා බයක් නැතුව මට කෝටි මෙච්චරක් ඕනෑ කියලා ඉල්ලනවා. ඉතින් මේවා දකින ආයෝජකයෝ ලංකාව දාලා වෙන රටවල් වලට දුවනවා (නි)
අපොන්සු, නවසීලන්ත ඩොලර් එකකට ලංකාවේ රුපියල් 88ක් අද දිනය අනුව ලැබෙන්නේ නවසීලන්ත ආර්ථිකය බංකොළොත් නිසාද? (නි)
කොමිස් ලැබෙන්නේ පිටරටවල මිනිස්සු අවොත් විතරයි. අර ඇමෙරිකාවේ අවුරුදු ගානක් සේවය කරලා ආපු ලංකාවේ ඩොක්ටර් කෙනෙක් බෙහෙත් හදන්න/ඉන්ජෙක්සන් හදන්න කර්මාන්ත ශාලාවක් හදන්න අවසර ගන්න කොච්චර දුකක් වින්දද ? අන්තිමට දේශපාලුවෝ ලඟට යන්නේ නැතිව කොහොම හරි එය අවුරුදු ගානකට පස්සේ වැඩේ කළා. (නදී)
අපොන්සු මහත්මයා, ඔබතුමාගේ කීම සම්පුර්ණයෙන් ඇත්ත. නවසීලන්ත ජාතිකයෝ 20-30 විතර ඉදිරියේදී ලංකාවේ සංචාරයකට ඒවි ආයෝජන අවස්ථා බලන්න කියලා. ආණ්ඩුවෙන් ඒගොල්ලන්ව නොමිලයේ ලංකාව වටේ රැගෙන යාවි. හෝටල් බිලත් ආණ්ඩුවෙන් ගෙවාවි. අන්තිමට ඒගොල්න්ගෙන් දෙතුන් දෙනෙක් විතර ඩොලර් මිලියන 2-3 මෙහෙ ආයෝජනය කරලා හෝටලයක් හෝ වෙනයම් ව්‍යාපාරයක් පටන් ගනීවි. ආයෝජනය මණ්ඩලය මැදිහත්වෙලා රාජ්‍ය බැංකුවකින් ඩොලර් මිලියන 50 - 60 මේගොල්ලන්ට අඩු පොලියට ණයට දීලා ආදායම් බදු සහනත් දෙයි. අන්තිමට මෙයාලා එම සල්ලිත් අරන් මාරුවෙයි. මේක තමා හැමදාම වෙන්නේ. ශ්‍රී ලාංකික දක්ෂ ව්‍යාපාරිකයන්ට ලංකාවේ තැනක් නැත. හැමදාම පිටරටින් මෙහෙ ආයෝජනය කරන්න එනවා කියලා කියනවා. නමුත් රටට දැනෙන ආයෝජනයක් නොවේ. (නි)
මම ඉන්නේ නවසීලන්තේ. මේ රටේ ආර්ථිකයත් බංකොලොත්. ලංකාවේ මොනවා ආයෝජනය කරන්නද? රසායන දාලා කිරිපිටි හදයි අපේ පොඩි උන්ට බොන්න. හැබැයි මෙහෙ කවුරුවත් ඒ කිරිපිටි බොන්නේ නැහැ. (නි)
2009 දී 30 වසරක යුද්ධය නිමවීමේ ප්‍රතිඵල පමාවී හෝ මල් ඵල ගැන්වීමක් (නි)
ශාන්ත - කටාර්, ඔබ පිටරට සිට දුක්මහන්සියෙන් උපයන විදේශ විනිමය සහ ඔබ පිටරටදී ලබාගන්නා තාක්ෂණික දැනුම වැනි දේ ලංකාවට ගෙනාවිට ඒවා ලංකාවේ නිසිලෙස ආයෝජනය කිරීමට අතදීමට ලංකාවේ නිසි වැඩපිළිවෙලක් නැත. නමුත් බහුජාතික සමාගමක් , ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් පිටරට සිට ඩොලර් මිලියනයක් ලංකාවට ගෙනාවොත් ආයෝජන මණ්ඩලවල සහයෙන් තව ඩොලර් මිලියන 10 -20 වුණත් රාජ්‍ය බැංකුවකින් කිසිම කරදරයක් නැතුව අඩු පොළියට අරගෙන ව්‍යාපාර ආරම්භ කර , එහි ලාභය කිසිම කරදරයකින් තොරව පිටරට ගෙන යාහැක. ආදායම් බදු සහනද ලැබේ. අන්තිමට අපේ රටට වුණ ලාභයක් නැත. මොන පක්ෂය බලයට ආවත් මෙය නොවෙනස්ව පවතී (නි)
සල්ලි කාරයෝ අදහස් වලින් හැප්පෙනවා. අපි ඒවා කියවනවා. කොහොම හරි කමක් නැහැ රටට හොඳක් වෙනවා නම් අපිත් අාපහු ලංකාවට එනවා. දරු පවුල් එක්ක සතුටින් ඉන්නවා. (නදී)
නාමල් මහත්තයා, ඔයාට සල්ලි නැත්නම් කටවහගෙන ඉන්න. ද සිල්වා මහත්තයාගේ අදහසට අපි ගරු කරනවා. කෝටි නෙමෙයි ලක්ෂයකින් හරි අපේ රටේ ආයෝජනය කරන්න. අපිට ඒකත් වටිනවා. (නි)
අපි මේ ඇමෙරිකාව ,එංගලන්තේ නවසීලන්තේ එක්ක මොනවා ලබා ගන්නද? ස්වාසිලන්තේ ලිබියාව වගේ රටවල් එක්ක ගනු දෙනු වලට යන්නේ නැතුව? (නදී)
ලලිත්ට මමත් එකඟයි (නි)
මේක බොහොම හොඳ දෙයක් (නි)
ලලිත්ගේ අදහස මම 100%ක් තහවුරු කරනවා. මමත් වසර 10කට එහා ඉඳලා පදිංචිය නවසීලන්තේ (නි)
ද සිල්වා මහත්මයා දන්න දෙයක් කථාකරන්න. ඔය කියන පිටරටවල ඉන්න "මධ්‍යම පරිමාන අායෝජකයින්" ලංකාව වගේ රටවල ආයෝජනය කරන්න එන්නේ නෑ. ඔබ කියන විදිහට රු. කෝටි 1-20 කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියනයකටත් අඩු සීමාවක්. එච්චර පොඩි ගානකින් පුලුවන්ද පිටරටක මහා පරිමාන රැකියා ජනනය කලහැකි ආයෝජනයක් අරඹන්න? පොඩ්ඩක් සමාගම් පිටරට කරන ආයෝජන ගැන හොයල බලන්න. අනෙක ඒ රටවල මහා ධනවත් ශ්‍රී ලාංකිකයො නෑ,(ඉන්දියානුවො සුලු පිරිසක් නම් ඉන්නවා. බොහෝ අය ඒ රටවල ජීවත් වෙන්නේ ඔය කියන බහුජාතික සමාගම්වලම සේවය කරන මධ්‍යම පාන්තිකයො හැටියට. හැම බහුජාතික සමාගමක්ම පැකර්ලා නෙමේ.. අපේ රට වගේ ප්‍රාග්ධනය හිඟ රටක් සංවර්ධනය කරන්න බහුජාතික සමාගම් වලට ආයෝජනය කරන්න ඉඩ දෙන්නම වෙනවා (නදී)
නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයින්ට කියලා විශේෂ සුබසාධන කටයුතු නම් සිදුවෙන්නේ නැහැ. නමුත් නවසීලන්තයේ ජීවත්වන අනෙක් සෑම පුරවැසියෙක්ම වාගේ නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකික අපිටත් සමානව ඒ සමාජීය සුබසාධන කටයුතු වලින් ප්‍රතිලාභ ලැබෙනවා. රටේ ජීවත්වෙන සෑම පුරවැසියෙක්ම දුප්පත්, පොහොසත් බේදයක් නැතුව ගෙවන අාදායම් බදු වලිනුයි ඒ සුබසාධන කටයුතු සිද්ධවෙන්නේ. අාදායම් බදු අයකර ගැනීමේ තිබෙන ශක්තිමත් යාන්ත්‍රණය නිසයි ඒ ආකාරයේන් සුබසාධන කටයුතු සිදුකරන්න පුළුවන් වෙන්නේ. (නි)
අපගේ අනාගත පරපුර තවදුරටත් ණයකාරයන් නොවී එලෙස රට සංවර්ධනය කළ හැකි නම් අපද එයට එකහෙළා කැමැත්ත පළකරමු. ඔබට ජය වේවා! (නි)
කරුණාකර පිටරටවල ජීවත්වන මධ්‍යම පරිමාණයෙන් ආයෝජනය කළ හැකි ( රුපියල් කෝටි 1 සිට 20 දක්වා ) ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සළසන්න. ඩේවිඩ් පැකර්ලාට සහ බහුජාතික සමාගම් වැනි විශාල ආයෝජකයන්ට පමණක් කළහැකි මහා පරිමාණයේ යෝජනා වලට පමණි ආයෝජන මණ්ඩල හරහා පහසුකම් සළසන්නේ. විදේශීය ආයෝජකයන් පස්සේම යන්නේ නැතුව දේශීය අපි ගැනත් හිතන්න. අපිත් කැමතියි අපේ දැනුම, ශ්‍රමය, මුදල් ලංකාවේ ආයෝජනය කරන්න. රටේ රැකියා අවස්ථා ඇති කරන්න (නි)
කරුණාකර පිට රටවල ජිවත්වන වන මධ්‍යම පරිමාණයෙන් ආයෝජනය කල හැකි ( රුපියල් කොටි 1 සිට 20 දක්වා ) ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සලසන්න. ඩේවිඩ් පැකර්ලාට සහ බහුජාතික සමාගම් වැනි විශාල ආයෝජකයන්ට පමණක් කළහැකි මහා පරිමාණයේ යෝජනා වලට පමණයි ආයෝජන මණ්ඩල හරහා පහසුකම් සලස්වන්නේ ? විදේශීය ආයෝජකයන් පස්සේම යන්නේ නැතුව දේශීය අපි ගැනත් හිතන්න. අපිත් කැමතියි අපේ දැනුම, ශ්‍රමය, මුදල් ලංකාවේ ආයෝජනය කරන්න. රටේ රැකියා අවස්ථා ඇති කරන්න (නදී)
නවසීලන්තය පව්, නවසීලන්තයත් නැතිවෙන වැඩක් (නදී)