ශ්රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතානයේ ආර්ථිකය බංකොලොත් වෙලා තිබෙන මේ අවස්ථාවේ ඔය කියන විදිහට ලංකාවේ ආයෝජනයක් කරන්න කර්මාන්ත ශාලා හදන්න ලොකු සමාගම් එන එකක් නැහැ වැඩිම වුනොත් ඕනේ නම් සුද්දෝ ටිකක මෙහෙ ඇවිත් මුහුද අයිනේ ඉඩම් අරන් හෝටලයක් හදාවි , ඒකෙනුත් පහර වදින්නේ අපේ සුළුපරිමාණ සංචාරක ව්‍යාපාරිකයට. විදේශ ආයෝජකයන් ගැනම බලාගෙන ඉන්නේ නැතුව, ලංකාවේ ඉන්න මධ්‍යම සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයා දිරිමත් කරන්න. අපොස ස / පෙළ කරන ළමුන්ගෙන් කොටසකට පමණක් උසස් පෙළ කරන්න ඉඩ දෙන්න ඉතුරු ළමුන්ට අවුරුදු 3 ක ක්‍රමවත් වෘත්තිය පුහුණුවක් ලබාදෙන්න , ලංකාව දියුණු නොවෙන්න එක හේතුවක් රටේ පුහුණු ශ්‍රමිකයෝ හිඟකම .
විදේශිකයෝ අපිට ආදරයට මෙහෙ ආයෝජනය කරන්නේ නැහැ, ආයෝජනය කල මුදල වගේ කිහිප ගුණයක් හම්බකරගන්න තමා ඔවුන් බලන්නේ, හැමදාම එංගලන්තෙන් එන දෙයක් බඩට දමාගන්න බලන් ඉන්න යටත් විජිත මානසිකත්වයෙන් මිදිලා ස්වඋත්සාහයෙන් නැගී සිටින්න කාලය ඇවිත්
අන්තර් ජාලයේ තියන පුවත් වලින් සීයට හැත්තෑ පහක්ම බොරුයි කියලා අපේ ජනපතිතුමා මුළු ලෝකයටම ඇහෙන්න සිංහ නාද කලේ ඊයේ නේද ? මේ පුවතත් අන්තර්ජාලයේ තියන එකක් නිසා බොරුවක් වෙන්න ඇති .
විදේශීය ආයෝජකයින් ලංකාවට පැමිණීමට අකමැති වීමට ප්‍රධාන හේතු නම්, අතීතයේ පැවැති ව්‍යාපාර පවරා ගැනීමේ පනත, දේශපාලන ඇඟිලි ගැසීම් සහ කොමිස් ඉල්ලා සිටීම, පුහුණු ශ්‍රමිකයෝ හිඟකම වැනි අපේ රටට අවේනික වූ කරුණුයි. මීට අමතරව, අපේ දේශපාලකයින් දරන පුහු අදහසක් නම්, විදේශ ආයෝජකයින් හට දකුණු ආසියාවේ ලංකාව හැර වෙන කිසිම රටක් යෝග්‍ය නොවන බවයි. නමුත්, සිහි තබා ගත යුතු දේ නම්, අද දකුණු ආසියාවේ සහ පැසිෆික් කලාපයේ විදේශ ආයෝජකයින් හට ලංකාවට වඩා හිතකර පරිසරයක් ඇති රටවල් ඕනෑ තරම් තිබෙන බවයි. එබැවින්, රටට විදේශ ආයෝජකයින් ගෙන්වා ගන්නට නම්, ප්‍රථමයෙන් ඉහත සඳහන් කරන ලද අපේ වැරදි, අපි විසින්ම නිවැරදි කරගත යුතුයි.
ශ්‍රී ලංකාව ගොඩගන්න බැරි විදිහට බංකොලොත් මේ රට සල්ලි සමග දුන්නත් ගන්න කෙනෙක් කැමති වන්නේ නැත.