( තිළිණි ද සිල්වා )
ජෝර්දානය තුළ ශ්‍රී ලාංකීය දේශියත්වය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉකුත්දා 07 සහ 08 වැනිදා ශ්‍රි ලංකා වෙළඳපොළක් සංවිධානය කරන ලදී.
අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමියේ පැවති මෙම ලාංකීය වෙළඳපොළට මෙරටට අවේනික සිලෝන ටී ල අත්කම් නිර්මාණ ල අත්යන්ත්‍ර රෙදිපිළි, ආයුර්වේද ඖෂධීය නිෂ්පාදන, පාහවහන් , ස්වභාවික රූපලාවන්‍ය ආලේපන , පොල් ආශ්‍රිත නිෂ්පාදන ආදිය ඇතුළත් වෙළඳ කුටි 30 කින් සමන්විත විය.
මෙම ශ්‍රී ලංකා වෙළඳ පොළ පැවැත්වීම හරහා ලංකාවේ අපනයන ජොර්දාන ආයෝජකයින්ට සහ එරට වැසියන්ට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා අම්මාන නුවර සිටින ජෝර්දාන ජාතිකයින් හා අනෙකුත් විදේශිකයින් විශාල පිරිසක් පැමිණි අතර පැමිණි එම පිරිස් වෙත ලාංකීය දේශීයත්වයට හුරු දේශීය කෑම වේලක රස බැලීමටද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉඩ සලසා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ උත්සහයක්. නමුත් ලංකාවේ අපේ ආවේනික නිපැයුම් වෙනුවට ඒ රටේ වැසියන්ට ආවේනික දේවල් අඩු මුදලකට නිපදවා ඒ රටේ අසුරුම්වලින්ම වෙළඳපලට නිකුත් කලා නම් හොඳ ගණනක් උපයන්නට තිබුණා. ඒකනේ චීනේ කරන්නේ. අපි කන්නේ ඉඳි ආප්ප නම් චීන අපිට විකුනන්නේ ඉඳි ආප්ප, නැතුව චීන කෑම නෙමෙයි.