IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ

ලංකා හොස්පිටල්ස්  සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිවේදනය කළේය.

ලංකා හොස්පිට්ල්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා, මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙත ළඟාවීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කළ වෛද්‍ය කණ්ඩායමට සහ කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය. “අපගේ නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය සාර්ථක ලෙස ආරම්භ කිරීම සහ අපගේ සාර්ථක 250 වැනි ශල්‍යකර්මය සිදුකිරීම ලංකා හොස්පිට්ල්ස් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි. ජාත්‍යන්තර තත්වයේ සෞඛ්‍ය සේවා සැපයීමට සහ අපගේ රෝගීන්ගේ සෞඛ්‍යය තත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු.

ලංකා හොස්පිට්ල්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා තරබාරුකම සහ ඒ ආශ්‍රිත ආහාර ජීර්ණ සම්බන්ධ ආබාධවලට විසඳුම් සෙවීමේදී ස්ථුලතා පාලන සැත්කම්වල වැදගත්කම අවධාරණය කළේය.

ලංකා හොස්පිටල්ස් ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය තේජන විජේරත්න, එක් එක් රෝගියාට අනන්‍ය වූ සත්කාර ලබාදීමට මධ්‍යස්ථානයේ කැපවීම අවධාරණය කළේය.

නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය සාර්ථකව විවෘත කිරීම සමගාමිව සහ සාර්ථක 250 වැනි ශල්‍යකර්ම කඩඉම අභිබවා යාම රෝගි සත්කාරයේ විශිෂ්ටත්වය සඳහා ලංකා හොස්පිට්ල්ස් හි කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතරම සහ ශ්‍රී ලාංකික සහ අන්තර්ජාතික රෝගීන්ට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවා සැපයීම සඳහා එහි කැපවීම මනාව පෙන්නුම් කරයි. නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය අතිනවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙම විශේෂ රෝගීන්ට  රෝහලේ අනෙකුත් අංශවලින් සහ පිරික්සුම් කැමරාවලින් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති විශේෂිත පොරොත්තු ස්ථානයක් ද ඇතුළත් ය. මෙම රැඳී සිටීමේ ප්‍රදේශය රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන එක් එක් රෝගියාට අනන්‍ය රැකවරණයක් සපයමින් සුවපහසු ලෙස  නිර්මාණය කර ඇත.

සමාරම්භක උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ලංකා හොස්පිට්ල්ස් ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානයේ ස්ථුලතා පාලන සැත්කම් පිළිබඳව  සිය පෞද්ගලික අත්දැකීම් බෙදා ගත්තේය.

-595



අදහස් (0)

ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site