ශී‍්‍ර ලංකාව හා ඇති කරගෙන සිටින ආර්ථික සබදතා කාලයට ගැලපෙන පරිදි අලුත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව පසුගියදා දිවයිනට පැමිණි ස්විට්සර්ලන්ත ආර්ථික අවබෝධතා කවුන්සිලයේ නියෝජිත ලිවියා ලියූ පැවසුවාය.
ශී‍්‍ර ලංකා වෙළද සභාවේ පැවති හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇය ජී.එස්.පී සහනයෙන් මීට වඩා ප‍්‍රයෝජන ගැනීමට ශී‍්‍ර ලංකා අපනයනකරුවන් යොමුවිය යුතුව තිබෙන බවද පෙන්වා දුන්නාය.
ශී‍්‍ර ලංකා වෙළඳ සභාවේ මහලේකම් මංගල පී.බී.යාපා මෙහිදී අදහස් දක්වමින් දෙරට අතර ද්විපාර්ශවීය වෙළඳ සබදතා ඇතිකර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ශී‍්‍ර ලංකාව ස්විට්සර්ලන්ත ආයෝජකයින්ගේ ආගමනය අපේක්ෂාවෙන් සිටින බව පැවසූ ඔහු ශී‍්‍ර ලංකාවේ සිට කලාපයේ වෙනත් රටවල් හා පහසුවෙන් ගනුදෙනු කිරීමට ඇති හැකියාව පිළිඹදව ද පැහැදිලි කිරීමක් සිදුකළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ වෙන්න දෙන්න එපා. ස්විට්සාර්ලන්තෙත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිවත් තක්කඩියෝ එහෙ ස්විස් බැංකු වල සල්ලි හංගනවා. සම්බන්ධකම් තිබුන කියල වෙන වාසියක් නැහැ. දේශපාලක තක්කඩියන්ට සල්ලි පන්නන්ට පහසුවක් වෙන එක විතරයි වෙන්නේ.(බ)