IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

විමුක්ති එස්. රුද්‍රිගු


ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ ආයෝජකයන් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම හේතුවෙන් රත්‍රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝක රත්‍රන් වෙළෙඳ පොළේ අවුන්සයක මිල පෙරේදා (02) පස්වරුව වනවිට ඇමෙරිකානු ඩොලර් 3,508.50 ක් අගයක් ගත් බවත් එය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා කළ වැඩිම මිල පසුකර යාමක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
පසුගිය 2023 වසරේ සිට මේ දක්වා රත්‍රන්වල වටිනාකම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීමත් සමග ඇතැම් මහ බැංකු ඇමෙරිකානු රජයේ බැඳුම්කර අත්හැර ආරක්ෂාකාරී පියවරක් ලෙස රත්‍රන් සංචිත වැඩිකර ගැනීමට උනන්දුවීම මිල ඉහළ යාමට හේතු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.



අදහස් (0)

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site