(කාංචන කුමාර ආරියදාස)
වසර ගණනාවකට පසු දේශීය ලොකු ලූනු ගොවියාට තම අස්වනු සඳහා කිලෝවකට රුපියල් 300 ක මිලක් ලැබෙන බව ගොවීහු සතුටින් පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) දේශීය ලොකු ලූනු කිලෝවක ගැණුම් මිල රුපියල් 250 සිට 300 දක්වා වූ මිල ගණනක් පැවති බව වෙළෙන්දෝ කියති.
ඉන්දියාවෙන් මෙරටට ලොකු ලූනූ ගෙන්වීම නැවැත්වීමත් සමග විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු ප්‍රමාණය ද අවම වීම, රජය විසින් ආනයනික ලොකු ලූනු වලට බදු මුදල් පැනවීම, වගා කිරීම අඩුවීම ආදී කරුණු හේතුවෙන් දේශීය ලොකු ලූනු සඳහා ඉහළ මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
එමෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යු.බී. ඒකනායක මහතා සහ ව්‍යාපාරිකයන් පිරිසක් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී හැරිසන් මහතා හමුවී දේශීය ලොකු ලූනු වගාව ආරම්භ වී මසක් ඇතුළත විදේශීය ලොකු ලූනූ ගෙන්වීම සඳහා බදු පනවන ලෙස සිදු කළ ඉල්ලීමකින් පසු බදු මුදල් පැනවීමත් සමඟ මිල ඉහළ යෑම විශේෂත්වයක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (30) උදෑසන ගොවීන් තම දේශීය ලොකු ලූනු අස්වැන්න සිනහමුසු මුහුණින් රැගෙන එන අයුරු දැක ගැනීමට හැකි විය.
වෙළඳපොළට පැමිණි ගොවීන් කියා සිටියේ වසර ගණනාවක සිට දේශීය ලොකු ලූනු ගොවියා දැඩි ලෙස පාඩුවට පත්වෙමින් ගොවිතැන සිදුකළ බවත් ඉතා සීමිත ගොවිතැන් ප්‍රමාණයක් මෙවර වගා කිරීම නිසා සාර්ථක මිලක් ලැබුණු බවයි.
වගා කළ අස්වැන්න රැගෙන ආ ගොවීන් වෙළෙඳපොළ තුළ දැඩි ප්‍රබෝධයකින් සිටින බවත් ඇතැම් වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු රැගෙන එන කුඩා ටැක්ටර් රථ ත්‍රිරෝද රථ පැමිණෙද්දී වල්ලාපට්ට ලොරි එනවා යැයි පැවසීම විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ලොකුළුෑණු සිල්ලර මිල රුපියල් 600ක් වත් වෙයි.
පිස්සු කෙලින්න එපා... වගාකළ යුත්තේ තරඟකාරී මිලකට විකිණිය හැකි බෝග පමණයි. ගොවීන් කිහිප දෙනෙක් සතුටු කරන්න කටයුතු කිරීම අසාධාරණයි.
කාලෙකින් දකින්න ලැබුණ හොඳ පුවතක්.
දැන් එතකොට ගොවීන් ටික දෙනෙක්ගේ යහපත වෙනුවෙන් මුළු ලංකාවෙම මිනිස්සු ගිනි ගණන් දීලා ලූනු ගන්න ඕනෙද? කරන්න ඕනේ ගොවියන්ගේ නිෂ්පාදන වියදම අඩු කරගන්න හැටි කියලා දෙන එක මිසක් පාරිභෝගිකයන්ට අධික මිලට ලූනු ගන්න සළස්වන එක නෙවේ. පිටරට ඉඳන් රටවල් දෙකකට බදු ගෙවලා නැව් ගාස්තු ගෙවලා ආවත් ලංකාවේ ඒවට වඩා මිල අඩුයි.
කට්ටියම ගෙදර. අහිංසක පාරිභෝගිකයෝ තවම අමාරුවේ. තුට්ටු දෙකට ළුෑණු රැස්කරගත්තට.. වෙළෙන්දෝ ගොඩ...
ජයග්‍රහණය වැඩිවුනාට ,අස්වැන්න අඩු වුනාට ගොවියට සාධාරණ මිලක් ලැබුන එක ගැන සතුටුයි. රැකියාවන් කරන ජනතාව මාස්පතා වැටුප් ගන්නකොට මෙවැනි ගොවියන් අස් වැන්න නෙලනකම් ඉන්න ඕන. එකත් කාලගුණය නරකට හිටියොත් ඒකත් නැහැ. ලංකාවේ ගොවියන් ගැන හරිම දුකයි. අඩුම ගානේ ගොවියාව ලියාපදිංචි කොට ඔහුට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න.හැම ගොවියම හරිම අසරණයි. රජයේ පාලුවට ගිය ඉඩම්, සුළු බදු සහිත ගෙවීමේ ක්‍රමයට ගොවිතැනට ලබාදෙන්න. මේ කට්ටිය අත සෙල්ලෙව්වොත් තමයි අපේ කට සෙලවෙන්නේ.