|
නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා
|
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් ලංකා බැංකුවේ පුළුල් සේවා ජාලය කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය මෙන් ම උත්සව සමයේ දී සිය ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා සැපයීමට ලංකා බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.
2025 අප්‍රේල් 1 වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ ගනුදෙනු 3,236,318 ක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 13.57 කි. එමෙන් ම අදාළ කාල සීමාව තුළ ලංකා බංකුවේ 568ක් වූ ATM ජාලය හා 932 ක් වූ CRM ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9,173,642ක වටිනාකම රුපියල් බිලියන 211.97 ක් ලෙස වාර්තා වී ඇති අතර, 2025 අප්‍රේල් 7 වැනි දින සිට 12 වැනි දින දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961,966ක මුළු වටිනාකම රුපියල් බිලියන 440.48කි.
“ලංකා බැංකුවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ දිවයින පුරා ව්‍යාප්තිය නිසා ම ඩිජිටල් සහ භෞතික යන ක්‍රමවේද ද්විත්වය හරහා ගනුදෙනු පරිමාව කළමනාකරණය කරමින් ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී මෙන් ම කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ හැකියාව තිබෙනවා.” යනුවෙන් මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු