විමුක්ති එස් රුද්‍රිගු
ග්‍රාමීය සංවර්ධනය, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර මුල්කරගත් මෙරට ප්‍රධාන ව්‍යාපෘති තුනක් සඳහා ඉදිරි මාස තුනක කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් කර තිබෙන බවත් එම සහාය ඉහත ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය නැවත අවධාරණය කෙරෙන බවත් ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(22) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිදුකළ දෙදින නිල සංචාරය ලෝක බැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රේසර් මහතා ඊයේ(22) අවසන් කළ බවත් ඔහුගේ නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයන් සහ සංවර්ධන හවුල්කරුවන් මුණ ගැසුණු බවත් ලෝක බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමටත්, දිගු කාලීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත්, රට ගෙන යන ප්‍රයත්නය පිළිබඳව සාකච්ඡා කිරීම එම හමුවල අරමුණ වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ. දරිද්‍රතාව අවම කිරීමට රජයේ කැපවීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව එම සාකච්ඡා වලදී අවධානය යොමුවී ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්