IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකා බැංකුවට 2024 ’මහජන විශිෂ්ටතා සම්මාන’ 4ක්

 

  • මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ජාලයක්

ලංකා බැංකුව, 2024 මහජන විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මාන 4කින් පිදුම් ලැබීය. Iconic Awards  විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය 2024 දෙසැම්බර් 29 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

මෙහි දී ලංකා බැංකුවට ‘2024 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකේය බැංකුව‘ට හිමි සම්මානය සහ ‘වසරේ හොඳ ම SME සේවා සපයන්නා‘ට හිමි සම්මානය හිමි වූ අතර, එම සම්මාන උළෙලේ දී ‘වසරේ හොඳම ප්‍රවර්ධන වැඩසටහන’ ලෙස තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දුන් ‘’BOC Youth ණය යෝජනා ක්‍රමයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනත්, ‘වසරේ හොඳ ම බැංකු ශාඛාව’ ලෙස BOC ටොරින්ටන් ශාඛාවත් සම්මාන ලැබීය.

නව්‍යකරණය හරහා සිය සේවා අඛණ්ඩව වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරන ලංකා බැංකුව, සිය ඩිජිටල් සේවා පුළුල් කරමින්, මෙරට ආර්ථික වර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දෙන අතර, සියලු‍ම ජන කොටස්වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බැංකු සේවා ලබා දීමට ද ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වෙයි. 

වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව සුවිශේෂ මෙහෙවරක නිරතව සිටින ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළු ව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka  විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳම බැංකු 1000 අතරට නම් කෙරුණු එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021 හා 2023 වසරවල ‘වසරේ බැංකු කරු’ ලෙසත් ​ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතරව 2024 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.



අදහස් (0)

ලංකා බැංකුවට 2024 ’මහජන විශිෂ්ටතා සම්මාන’ 4ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site