පකිස්තානය හා ශී‍්‍ර ලංකාව අතර වෙළඳ සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ හමුවක් පසුගියදා ශී‍්‍ර ලංකා වෙළඳ සභාවේදී පැවැත්විණි.
මෙම හමුවට ශී‍්‍ර ලංකාවේ පකිස්තාන තානාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සයෙඩ් ශකීල් හුසේන්ද සහභාගීව සිටියේය.
පකිස්තානය හා ශී‍්‍ර ලංකාව අතර වෙළද සබඳතා ක‍්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව පෙන්වා දුන් තානාපතිවරයා පසුගිය වසරේදී එම සබඳතා වල වටිනාකම ඩොලර් ලක්ෂ 1000 කින් පහත වැටී ගොස් තිබෙන බව අනාවරණය කළේය.දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පැවතියද මෙසේ පාඩු ලැබීමට සිදුවීම කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවන බව හෙතෙම කීය.
ශී‍්‍ර ලංකා නියෝජිතයින්ද අදහස් දක්වමින් පකිස්තානයේ ඇති වෙළද හා ආයෝජන අවස්ථා වල වාසිය සම්පූර්ණයෙන්ම ලබාගැනීමට ශී‍්‍ර ලංකාව තවමත් අපොහොසත්ව තිබෙන බව පිළිගත්තේය.ඉදිරි පියවරක් ලෙස දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සාමාන්‍ය ගනුදෙනු වලට පමණක් සීමා නොවී ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම,ද්විපාර්ශවික සබදතා ඇති කිරීම ආදිය ඉස්මතු වන සේ වැඩිදියුණු කළ යුතුව තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.
දෙරට අතර වෙළද සබදතා වල වටිනාකම ඩොලර් බිලියනයක් දක්වාම ඉහළ නැංවීමේ හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා නියෝජිත පිරිස කීහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලක් පාකිස්තාන වෙළඳ සබඳතා තර කරන කතා