භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රෝහිත් ප්‍රභෝද පීරිස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මාර්තු 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු වන ඒ මහතා සතුව තේ සහ වන වගා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව තුළ අත්දැකීම් සහිත බවත් සමාගම පවසයි.