දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා වෙත සම්මානය පිරිනැමිණි. එසේම වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී ද වයඹ පළාත් කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටම කිරි නිෂ්පාදන සමාගම ලෙසද රසෝදා ඩේරීස් සමාගම සම්මාන ලැබීය.
රසෝදා යනු රස + උදාව යන්නයි. රසෝදා සැම විටම දේශීය කිරි ගම්මානවල කිරි දෙනුන්ගෙන් ගන්නා නැවුම් එළකිරිවලින් ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් උසස් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් ඇතුළු නිශ්පාදන රැසක් වෙළෙඳපොළට සපයයි. අවස්ථා දෙකකදී අපව ඉහළටම එසවූ ආදරණීය පාරිභෝගිකයන්ට සහ රසෝදා සේවක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා. දමින්ද පෙරේරා මහතා පැවසීය.
2002දී දෛනිකව කිරි ලීටර් 100ත් 150ත් අතර ගණනකින් නිෂ්පාදන කටයුතු සේවකයන් හතර දෙනකුගෙන් ඇරඹූ රසෝදා ඩේරීස් වර්තමානයේදී නවීන යන්ත්‍ර භාවිතයෙන් දිනකට කිරි ලීටර් 12000කින් නිෂ්පාදන කටයුතු කරයි. නවතම කර්මාන්ත ශාලා ද්විත්වයේ දිනකට කිරි ලීටර් 40000ක නිෂ්පාදන ධාරිතාවක් ඇත.
250කට වැඩි සේවක පිරිසක් එහි සේවය කරන අතර කිරි ගොවියෝ 300කට වැඩි පිරිසක් කිරි සපයති.GMP, HACCP සහ ISO 22000 ජාතික ප්‍රමිති තත්ව සහතික ලබා ඇති රසෝදා ඩේරීස් දේශීය විශේෂඥ දැනුමේ හා නෙදර්ලන්ත කිරි සැකසීමේ තාක්ෂණයේ සුසන්යෝගයෙන් යහගුණැති නිෂ්පාදන පාරිභෝගිකයන්ට සපයයි. වර්තමානයේදී රසෝදා ඩේරීස් සමාගම සිය නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම සැපයීමට බෙදා හැරීමේ ජාලය පුළුල් කිරීමට කටයුතු කරයි.
-595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි