IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රස කැවිලි කර්මාන්තයේ නරක කලදසාව

රට කජු හා රට ඉඳි මිශ්‍ර බිස්කට් හදන සේවිකාවන්

 

  • පොල්, පොල්තෙල් හා අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමෙන් ගැටලු‍ රැසක්
  • නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් නෑ
  • කර්මාන්තය කඩා වැටීමෙන් විශාල පිරිසකට රැකියා අහිමි වෙලා
  • මැෂින් එකක් තිබෙනවා නම් එකවර විශාල ප්‍රමාණයක් හදන්න පුළුවන්
  • පරණ ණය ගෙවන නිසා බැංකු වලින් ණයක් ගන්නත් අපහසුයි
  • රජය මැදිහත් වෙලා යම් සහනයක් දෙනවා නම් මේ කර්මාන්තය තවත් වැඩිදියුණු කරගන්න පුළුවන්

සඳලංකාව හේමලතා ඩී හේවගේ


මෙරටේ ව්‍යාප්තව ඇති කර්මාන්ත අතරින් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තයට ද ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. ඒ අතරින් රස කැවිලි කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරිකයන් තම කර්මාන්තය පවත්වාගෙන යෑමේදී විවිධ ගැටලු‍වලට මුහුණ දෙන බවද ඔවුහු පවසති.

මේ වන විට වෙළෙඳපොළේ පොල්, පොල්තෙල් හා අනෙකුත් අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යෑම නිසා මස්කට්, දොදොල්, පැණි බූන්දි, පුහුල් දෝසි, තල කැරලි, රුලං ආශ්‍රිත විවිධ නිෂ්පාදන ඇතුළු රස කැවිලි වර්ග බොහොමයක් නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ගැටලු‍ රැසකට මුහුණ පෑමට සිදුව ඇත.

පාස්කු ප්‍රහාරය හා කොරෝනා ව්‍යසනයේදී විශාල ලෙස කඩා වැටුණු මෙම රස කැවිලි කර්මාන්තයට මේ වන විට වෙළෙඳපොළේ යම් අලෙවියක් තිබුණද ඒවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

කතෝලික දේවස්ථානවල මංගල්ල පොළවල සහ විවිධ උත්සව පැවැත්වෙන ස්ථානවල ජංගම වෙළෙඳසැල් සඳහා මෙම රස කැවිලි නිෂ්පාදන වැඩි වශයෙන් යොදා ගන්නා බවත් නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා රස කැවිලිවල මිල පාරිභෝගිකයන්ට දරා ගැනීමට නොහැකි වී ඇති බවත් වෙළෙන්දෝ කියති.

වසර 20 කට ආසන්න කාලයක සිට නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ රස කැවිලි නිෂ්පාදනයේ නිරතවන හැරල් ප්‍රනාන්දු මහතා තම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

වසර ගණනාවක සිට අපි මේ රස කැවිලි නිෂ්පාදනය තමයි කරන්නේ. නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ රස කැවිලි නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. මීට පෙර වෙන්නපුව ප්‍රදේශයේ තමයි මෙම කර්මාන්තය කරගෙන ගියේ. පාස්කු ප්‍රහාරය හා කොරෝනා ව්‍යසනයත් සමග අපේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. හදපු කෑම වර්ග අලෙවි කරගන්න බැරුව විශාල පාඩුවක් සිදුවුණා. විශාල පිරිසකට රැකියා අහිමි වුණා. අන්තිමට බිංදුවටම වැටුණා. නැවත ව්‍යාපාරය පටන් ගත්තේ හරිම අමාරුවෙන්. ඒ කාලයේ තිබුණ ණය අදටත් ගෙවනවා.

මේ වෙද්දි මගේ රස කැවිලි ව්‍යාපාරය යම් ප්‍රගතියක් ලබලා තියෙනවා. දැනටත් සේවකයන් 20 කට ආසන්න ගණනකට රැකියා අවස්ථා ලබා දීලා තියෙන්නේ. කිසිම කෑම වර්ගයක් ආවට ගියාට හදන්න බැහැ. ඒවා සෞඛ්‍ය ආරක්ෂිතව පිළිවෙළකට කරන්න ඕනා. මගේම නිෂ්පාදන තමයි කරන්නේ. මගේම සොයා ගැනීමකට අනුව රට ඉඳි සහ රටකජු භාවිත කරමින් නව බිස්කට් වර්ග දෙකක් මේ වන විට වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒකට හොඳ ඉල්ලු‍මක් ලැබෙනවා. එහෙත් ඉල්ලු‍මට අනුව සපයන්න අමාරුයි. ඒ බිස්කට් එක අතින් හදන්නේ. මැෂින් එකක් තිබෙනවා නම් එකවර විශාල ප්‍රමාණයක් හදන්න පුළුවන්. පරණ ණය ගෙවන නිසා බැංකුවලින් ණයක් ගන්නත් අපහසුයි. රජය මැදිහත් වෙලා අපිට යම් සහනයක් ලබා දෙනවා නම් මේ කර්මාන්තයේ තවත් වැඩිදියුණු කරගන්න පුළුවන්. අපි දියුණු වෙනවා කියන්නේ තවත් පිරිසකට රැකියා ලැබෙනවා කියන එකයි.

රස කැවිලි සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය බොහෝ අවස්ථාවලදී ණයට අරගෙන පසුවයි මුදල් ගෙවන්නේ. ඒ වාගේම ලංකා බැංකුවෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා. බිරිඳගෙන් සහ දරුවන් දෙදෙනාගෙන් ලැබෙන සහයෝගය නිසයි මෙපමණ සේවකයන් පිරිසකට රැකියා ලබාදීලා මට මේ ව්‍යාපාරය මේ තරම් දුරක් ගෙන ඒමට හැකියාව ලැබුණේ. සේවකයන් පිරිසද උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කරනවා. රජය අපේ මේ රස කැවිලි ව්‍යාපාරය ගැනත් සොයා බලලා පරණ ණය ගෙවා දැමීමට හෝ යම් සහනයක් ලබා දෙනවා නම් ඒක ගොඩක් වටිනවා.

උෂානි නාලිකා මහත්මියද අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

මම සේවය කරන්නේ මෙම අශාන් ස්විට්ස් ආයතනයේ. මෙවැනි ආයතනයක් තිබුණ නිසයි අපිට රැකියාවක් හරි ලැබුණේ. රස කැවිලි වර්ග රැසක් මෙහි නිෂ්පාදනය කරනු ලබනවා. මම ඇතුළුව තවත් පිරිසක් මෙහි සේවය කරනවා. වසර තුනකට ආසන්න මගේ සේවා කාලය තුළ ව්‍යාපාරික ආයතනයේ යම් ප්‍රගතියක් සඳහා ගෙන යෑමට අපේ ශක්තිය ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් මහන්සියට සරිලන වැටුපක් අපට ලැබෙනවා. අපේ පවුලම ජීවත් වෙන්නෙත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු කරන්නේත් මම ගන්න මේ වැටුපෙන් තමයි. ආයතනය දියුණු වෙනවා නම් වැඩිපුර ඇණවුම් ලැබෙනවා නම් වැඩ කරන අපිටත් හොඳයි.

මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ රස කැවිලි නිෂ්පාදනයේ නිරතවන ඒ ඒ පියල් තිලකසිරි මහතා ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.

වසර 30 කට වැඩි කාලයක සිට මම මේ රස කැවිලි නිෂ්පාදනයේ නිරත වෙනවා. අපේ මවුපියන් කළෙත් මේ ව්‍යාපාරය තමයි. ගෙවල් දොරවල් හදලා, දරුවන්ට උගන්වලා ඒ හැම දේමකළේ මේ ව්‍යාපාරයෙන් උපයාගත් මුදල්වලින්. කරදරයක් නැතුව හොඳින් ජීවත් වුණා.

සකසන ලද දොදොල් තැටිවල අසුරා ඇති අයුරු

හැබැයි 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ ව්‍යාපාර කඩා වැටෙන්න පටන් ගත්තා. පාස්කු ප්‍රහාරය අවසන් වෙනකොටම කොරෝනා ව්‍යසනය ආවා. ඒ දවස්වල ගත්ත බැංකු ණයවලට පොලී එකතු වෙලා මහා පරිමාණ ණයකරුවෙක් වෙලා ඉන්නේ. හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් තමයි අපට වුණේ. දැන් අපි මහන්සි වෙන්නේ ඒ පරණ ණය වලින් නිදහස් වෙන්න. අපේ දියුණුවක් නෙමෙයි තියෙන්නේ. මසකට විශාල මුදලක් බැංකු ණය වෙනුවෙන් ගෙවනවා. ව්‍යාපාර කඩා වැටුණාට රජයෙන් කිසිම සහනයක් ලැබුණේ නෑ. එදා අපි ළඟ සේවකයන් කිහිප දෙනකු වැඩ කළා. අද අපි පවුලේ කට්ටිය තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. වත්මන් රජයෙන් අපි ඉල්ලා සිටින්නේ අපේ පරණ ණයවලට යම් සහනයක් ලබා දෙන්න කියලයි.



අදහස් (0)

රස කැවිලි කර්මාන්තයේ නරක කලදසාව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්
2025 මැයි මස 02 26 0

මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී


අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි
2025 මැයි මස 02 15 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය


ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට
2025 මැයි මස 02 18 0

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ


අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය
2025 මැයි මස 02 24 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ


ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
2025 මැයි මස 02 9 0

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට


කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර
2025 මැයි මස 02 15 0

කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 512 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 136 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1156 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site