IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රෝයල් නර්සින් හෝම් සමාගමට ප්ලැටිනම් සම්මාන

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. 
පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් නේවාසික කළමනාකරුවන් වන විජිතා කාරියවසම් මහත්මිය සහ මොහොමඩ් අර්ෂත් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇති අතර මෙම වසරේදී පමණක් සම්මාන හතරක් ලැබීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විශිෂ්ටත්වය, කැපවීම, පාරිභෝගික විශ්වාසය, ගුණාත්මකභාවය හා වෙ‌ළෙඳපොළ නායකත්වය හොඳින් පෙන්නුම් කරයි. 2007දී සීමිත සේවකයන් පිරිසකගෙන් ඇරැඹූ රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින් හෝම් එහි ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1600කට වැඩි පිරිසක් එහි සේවය කරති. 



අදහස් (0)

රෝයල් නර්සින් හෝම් සමාගමට ප්ලැටිනම් සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 170 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site