(විනීතා එම් ගමගේ)
ශ‍්‍රී ලංකාවේ රබර් ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පළ කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.
ඒ අනුව රබර් කර්මාන්තය සංවර්ධනයට විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ වන බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස විශේෂ රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනයට නියමිත බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වැඩි පලදාවක් සහිත රබර් බීජ හා නව තාක්ෂණයද රබර් කෙෂ්ත‍්‍රයට හදුන්වා දෙන බවත් ස්වභාවික රබර් නිෂ්පාදනය කෙරෙන ප‍්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ස්ථානගත කිරීම මෙහි අරමුණ බවත් හෙතෙම කියා සිටියේය.
චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් ඊයේ (03) බත්තරමුල්ල සෙත්සිරිපාය 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ‍්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සමග කළ විශේෂ සාකච්ඡාවක දී මේ අදහස් පළ කළේ යැයි හෙතෙම සඳහන් කළේය.
එහිදී හයිනෑං විදේශ කටයුතු හා අන්තර් ජාතික ආර්ථික සම්බන්ධතා පිළිබඳ ප‍්‍රධානී ජිනග්ලෙයි හෑන්ග් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව මෙහෙයවූ බවත් ඒ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා වැවිලි කර්මාන්ත නවින් දිසානායක මහතා මෙම මස අගදී චීන සංචාරයකට එක් වීමට නියමිත බවත් එම නිලධාරියා කීය.

2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රබර් වගාවේ සංවර්ධනයට චීන ආධාර
Suraj Rajapakse Thursday, 04 April 2019 08:41 AM
මුලින්ම දැනට මේ කර්මාන්තයේ ඉන්න මිනිස්සුන්ට මිලක් හදලා දුන්නොත් හොදයි නේද?
චමින්ද Thursday, 04 April 2019 11:29 PM
වර්තමානයේ කිරි කැපුම්කරුවන් නොමැතිවීම රබර් වගාව පසුබෑමට හේතුවී තිබෙනවා.එයට විසඳුමක් හා මිළ පහල යාමට විසඳුමක් නැතිව වගා කර වැඩක් තිබේද
priyanthi Friday, 05 April 2019 09:34 AM
ඔව් ඒකනම් ඇත්ත. ඉස්සෙල්ලා තියන වගාවට හොඳ මිලක් ලැබුණා නම් වගා කරුවෝ උනන්දු වෙනවා..