IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රුපියල අවප්‍රමාණය ඉහළට


හර්ෂණ තුෂාර සිල්වා
 
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69 ක් දක්වා අද (24) ඉහළ ගියේය.
 
පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩිම අගයකට අවප්‍රමාණය වූයේ අද යැයිද පැවසේ. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලැබූ විනිමය අනුපාතික අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 154.91ක් ලෙස සටහන් වී තිබිණි.
  
පසුගිය පෙබරවාරි මස 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල්  4 වැනිදා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසර ආරම්භයේ සිට එදින දක්වා රුපියල සියයට 1.7කින් අවප්‍රමාණය වී තිබේ. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කළේය.
  
මේ වසරේ මුල් මාස තුනේදී ශ්‍රී ලංකා මහ බැංකුව සංචිත ගොඩනැගීමට සහ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 400 (රුපියල් මිලියන 62,000ක්) ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇතැයි පසුගිය සතියේදී වාර්තා පළවිණි. 
 
මේ වසරේදී පමණක් ශ්‍රී ලංකාව නැවත ගෙවිය යුතු යුතු මුදල රුපියල් ට්‍රිලියන 1.97කි.



අදහස් (1)

රුපියල අවප්‍රමාණය ඉහළට

රජින්ද Wednesday, 25 April 2018 06:52 AM

දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ සහ එයාගේ හාම්පුතාගේ වැඩ තමයි ඔය. රට කාබාසිනියා කරලා යන්න රටේම අවාසනාවකට උපන් අය තමයි ඔවුන්...

:       11       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site