(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
යාපනයෙන් ලැබෙන රතු ළූණු සඳහාත් දකුණු පළාතේ තණමල්විල හම්බන්තොට ප්‍රදේශ වලින් ලැබෙන තුඹ කරවිල සඳහාත් දඹුල්ල වෙළෙඳ පොළෙ (28) දින ඉහළ ඉල්ලුමක් පැවතිණ. ඒවායේ මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණි.
යාපනයෙන් ලැබෙන රතු ලූනු කිලෝව රුපියල් 330 සිට රුපියල් 400 දක්වා වූ මිලකට දඹුල්ලේ දී අලෙවි විය. තුඹ කරවිල කිලෝවක් සඳහා රුපියල් 230 ත් 250 ත් අතර මිලක් තිබිණ.
ව්‍යාපාරිකයන් කියා සිටියේ දේශීය රතු ලූනු වගාව පසුගිය කාලයේ ඇතිවූ වර්ෂාවත් සමඟ විනාශ වීම නිසා ඉතා සීමිත අස්වනු ප්‍රමාණයක් යාපනය අර්ධද්විපයෙන් පමණක් ලැබෙන බවයි. මේ සඳහා වැඩි දෙනෙකුගේ ඉල්ලුමක් පැවතීමත් සමඟ වෙළෙඳ පොළේ රතු ළූණු සඳහා මිල ඉහළ ගිය බව වෙළෙන්දෝ පවසති.
රතු ලූනු මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් සඳහන් කළේ විශාල මුදලකට රැගෙන ගොස් රතුලූනු පාරිභෝගියන්ට අලෙවි කිරීම ඉතාමත් අසීරු බවය. ඔවුන් ඇතැම් විට වෙළෙන්දන්ට පමණක් නොව ආණ්ඩුවටද බැණ වදින බව වෙළෙන්දෝ දඹුල්ලේදී පැවසූහ.
තුඹ කරවිල සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර කිලෝවක තොග මිල රුපියල් 240 සිට රුපියල් 250 දක්වා වූ මිලක් පවතී . බොහෝ දෙනෙකු ඖෂධීය ගුණයක් ඇති නිසාත් කල් තබා ගෙන අලෙවි කිරීමට හැකි නිසාත් තුඹ කරවිල මිලදී ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන බව වෙළෙන්දෝ පවසති.
මහා පරිමාණයෙන්තුඹ අළෙවි නොවන අතර කිලෝ 5 ,10 ,ආදී ප්‍රමාණයන්ගෙන් වෙළෙන්දන් මිලදී ගැනීම නිසා තුඹ කරවිල අලෙවි කිරීම සඳහා කිසිදු බාධාවක් ගැටලුවක් නොවන බව වෙළෙන්දෝ කියති. ඇතැම් දිනවල තුඹ කරවිල කිලෝ එක රුපියල් 350 දක්වා වූ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කරති





(ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රතුළූණු - තුඹ කරවිලවලට ඉහළ ඉල්ලුමක්
PA-RA Sunday, 29 October 2017 04:43 AM
නොදියුණු, බුද්ධිමතුන් නැති රටවල මෙවැනි දේවලට මහ ජනතාවට මුහුණදීමට සිදුවේ.