(හර්ෂණ තුෂාර සිල්වා)
රුපියල් මිලියන 400ක වියදමින් ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් දියත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව එහි ප්‍රථම අදියර අඟුලාන දුම්රිය ස්ථානය අසළ වෙරළ තීරයෙන් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි නාරා ආයතනය සහ ලංකා ධීවර වරයා සංවර්ධන සංස්ථාව මෙම වැඩසටහන සම්බන්ධ වී සිටියි.
මෙරටට බලපෑ සුනාමියෙන් අඟුලාන වෙරළ තීරය විනාශ වී තිබුණද වසර 14ක් ගිය ද එම වෙරළ තීරය සංරක්ෂණය කිරීමට කිසිදු පියවරක් ගෙන නොතිබූ බව ද එම අමාත්‍යාංශය කියයි.
ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ තීරය වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත සහ ධීවර කටයුතු වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශයක් ලෙසින් ද හඳුනාගෙන තිබේ. රටවටා වෙරළ තීර සංරක්ෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් ද මුදල් වෙන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරළ ආරක්ෂාව ගැන හොද අවබෝධයක් ලබා ගැනීමට අපේ බලධාරීන් මාලදිවයිනට පැමිනෙනවානම් හොදයි. මිලියන 400ක් වියදම් කරලත් ආරක්ෂා කරන්න යන්නේ ගල්කිස්සේ සිට රත්මලානට විතරයි. ඇත්තටම එවන් කුඩා ප්‍රදෙශයකටත් එපමණ මුදලක් වැය වෙනවනම් මාලදිවයිනෙහි දුපත් සියල්ලේම වෙරළ තීරයන් ආරක්ෂා කරන්න මිලියන ප්‍රකෝටි ගණනක් වියදම් වෙන්න ඇති.
දැනට තියෙන ස්වාභාවිකව පිහිටලා තියෙන ධිවර වරායක්වත් හරියකට සංවර්ධනය කරගන්න බැරුව හරියකට සේවා පහසුකමක් දෙන්න බැරුව සංචාරකයෝ ගැවසෙන වෙරලක් කොහොම සංරක්ෂණය කරන්නද ? අපේ ධිවර අමාත්‍යංශයට සහ එහි බලධාරින්ටයි නිලදාරින්ටයි දන්නා එකම වැඩේ තමයි වෙරල සංරක්ෂණ කියල මුහුදට කළු ගල් ටිකක් ගෙනල්ල හලලා දායි.. එච්චරයි .. මම දන්නා විදියට මොන තරම් වියදමක් ගියත් හරියකට ධීවර වරායක් හැදුවේ රාජපක්ෂ මහත්තයා තමයි. ඒත් ඒකෙනුත් ධීවරයෝ බලාපොරොත්තු වුණ වාසිය ලැබෙන්නේ නැහැ ..
ඕව අරව මේවා කරන්න කලින් අර මීගමුවේ මුහුදෙන් කලපුවට ලොකු බෝට්ටුවක් ඇතුල් කරන්න පුළුවන් විදියට කලපුව ඇතුලේ බෝට්ටු නැංගුරම් පොලක් ඇති කරන්න පුළුවන් නම් මොන තරම් වටිනා වැඩක්ද එක ? දැනට තියෙන මීගමුවේ පාලම දෙකම යටින් ලොකු ට්‍රෝලර් එකක් කලපුව ඇතුලට ගන්න බැහැ . පාලම් දෙකම උස මදි . ඒ හින්ද බෝට්ටු සියල්ල නවත්වන්නේ මූද පැත්තට වෙන්න තියෙන සුළු ඉඩ ප්‍රමාණයේ එක ගොඩේ . එකකට එකක් වැදිලා බෝට්ටු ගොඩක් විනාශ වෙනවා .හරියකට කිසිම සේවා පහසුකමක් ලැබෙන්නේ නැහැ . මාර්ග පහසුකමක් නැහැ . කරන්න තියෙන්නේ එක දෙයයි එක පාලමක් උසින් වැඩියෙන් හැදුව නම් මේ ප්‍රශ්නය නිකම්ම විසදන්න පුළුවන්දැනට තිබෙන පාලම් දෙකම එහෙමම තියෙද්දී අලුතෙන් පාලමක් හදන්න පුළුවන් .හැදුවට පස්සේ උසින් අඩු පාලම් කඩා දැම්ම නම් මේ ප්‍රශ්නය විසදෙනවා .. මහා ලොකු සල්ලියක් මේ වැඩේට යන්නේ නැහැ . කිසි කෙනෙක් විරුද්ද වෙන්නෙත් නැහැ . පාලමේ දිග මීටර් 10 යි . රුපියල් කෝටි 3 ක් වැඩිම උනොත් යයි. මුන්ට රජයේ මුදල් කෝටි 3 ක් වටිනවා ඒ පළාතේම ඉන්න මුළු ධිවර ජනතාවටම වඩා .
නියත වශයෙන්ම මිලියන 100කට ආසන්නව වියදම් කරන්න වෙයි. ඒත් මිලියන 400ක් වියදම් වී තිබූ බව පෙන්වනවා.