(නිමල කොඩිතුවක්කු)
විදේශ ගත ශ‍්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදලින් 1% බද්දක් අය කිරීමට මෙවර අයවැයෙන් රජය සැලසුම් කිරීම ඇතුළු ගැටලූ සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂණ සුබවික‍්‍රම මහතා අද (7) පැවසීය.
ලක්ෂ 30 ක් පමණ වන විදෙස් ගත ශ‍්‍රමිකයන් රුපියල් ටි‍්‍රලියනයකට අධික මුදලක් මෙරටට මාසිකව එවන බවත් ඔවුන්ගේ ගැටලූ වලට කිසිදු විසඳුමක් ලබා නොදෙමින් රජය අසාධාරණ ලෙස බදු අය කිරීමක් පමණක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
තානාපති සේවාව මගින්ද විදෙස්ගත ශ‍්‍රමිකයන්ට කිසිදු සේවාවක් නොවන බවත් ආණ්ඩුමාරුවන ප‍්‍රතිපත්තියක් වෙනුවට ස්ථිර ප‍්‍රතිපත්තියක් රජය විසින් විදේශගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සිදුකළ යුතු බවද සුබවික‍්‍රම මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආණ්ඩුව ඉල්ලන් කන්නයි යන්නේ... අපි අහන්නම් උණ්ඩි ක්‍රමයටම සල්ලි එවන්නම්. එතකොට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.
1%ක් නෙවේ. 001%ක් අපේ විදෙස් ශ්‍රමිකයින්ගේ සල්ලිවලින් මේ යහපාලන නඩය (විශේෂයෙන්ම) කපා ගන්නවාට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. හැබැයි එහෙම බද්දක් අපේ මිනිස්සුන්ගෙන් අය කලොත් ඔවුන් අතර නීති විරෝධී මුදල් භාවිතය මගින් සහ වෙනත් ක්‍රම වලින් රටට මුදල් එවයි. අන්න එදාට මේ යහපාලන හොර නඩය දැනගනීවි තමන්ගේ විදෙස් සංචිත තවත් කොච්චර අඩු වෙලාද කියන එක. පුළුවන්නම් විදෙස් ශ්‍රමිකයින්ගේ දහදියෙන් සහ කඳුළින් නැහැවුණු සල්ලි වලට අත තියලා බලන්න.
අපිට වාහන බලපත්‍රයවත් දෙනවානම් කමක් නෑ. මේක හිගන වැඩක්...
විදේශ වලින් එවන මුදල්වලින් සතයක් රජයට දෙන්න එපා. ඕවට ක්‍රම සහ විධි තිබෙනවා. මම මගේ දරුවන්ට කිව්වා සත්‍යයක් ලංකාවට එවන්න. එපා කියලා.
නොදකින් මේ මෝඩ තීරණ. ලැජ්ජා නැතිව දියවන්නාවේ අයවලුන් මිනිස්සුන්ගේ ලේ, කදුළු, දහදිය වලින් තවත් ගාණක් කපාගන්න නේද මේ සැරසෙන්නේ? පාහරයෝ..තුක් නොදකින්... (.කතෘ තුමා වෙත කරුණාකර මෙය මෙලෙසම පලකරන මෙන් ඉල්ලා සිටිමි.)
කෝ මේ තලතා නෝනා?
එතකොට විදේශගත ශ්‍රමිකයෝ මුදල්, බැංකු මගින් එවන්නේ නැතුව අයථා ක්‍රම මගින් මුදල් එවාවි... එතකොට වෙන්නේ තිබෙන අාදායමත් නැති වෙන එක... කරන්න තියන එකම දෙය නිවාස සහ ව්‍යාපාරික ණය සඳහා තිබූ පොලි අනුපාතය 2015 තිබුණු මට්ටමට අඩු කරන්න. එතකොට මිනිස්සු ව්‍යාපාරවලට, නිවාස වලට මුදල් ආයෝජනය කරන්න පටන්ගනිවි. මුදල් ජනතාව අතර සංසරණය වෙනකොට රජයට ලැබෙන බදු අාදායමත් වැඩි වෙනවා.
මේ රටේ ඉඳලා වැඩක් නැති කමට ණයවෙලා හරි ගානක් ගෙවලා හොරෙන් පිට රටකට යන අයවත් අල්ලාගෙන ඇවිත් නඩු අහලා හිරේ දැම්මම ඒ මිනිස්සුන්ගේ නඩත්තුවට සල්ලි ඕනෑ...
2008 වසරේදී අප විසින් හිටපු ජනාධිපතිට ව්‍යපෘති සැලැස්මක් ඉදිරිපත් කළා. මැද පෙරදිගට අපේ නුපුහුණු ශ්‍රමය යවනු වෙනුවට පරිගණක අධ්‍යාපනයක් තුලින් දියුණු රටවල ශ්‍රමහිඟතාවයට ගැලපෙන අයුරින් විදේශ සේවාව නවීකරණය කරනවා මෙන්ම මානුෂිකවද කළ යුතුයි කියා. එදා අපකළ යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුනේ නම්, විදේශ ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි වනවා පමණක් නොව ශ්‍රමික කාන්තාවන් මිනීපෙට්ටි තුලින් ආපසු මව් බිමට එන්නේත් නැත. රාජ්‍ය නායකයෙකු බුද්ධිමත්ව ප්‍රශ්නයක් නොවිසඳූ විට මතුවට බලයට එන අයත් කරන්නේ ඒ වැරැද්දමයි. මරු කතරේ ලේ දහදිය හෙළමින් ධනවතුන් තව තවත් පොහොසත් කරන්න 1% ක හෝ බද්දක් මේ අසරණයින්ගෙන් අය කරන්න කුමන රජයක් හෝ පෙළඹේ නම් ඒ රජයේ ඉරණම ජනතාව විසින් තීරණය කළ යුතුයි.
විදේශ ගත ශ්‍රමිකයෝ මුදල් උපයන්නේ බොහොම කැපකිරීම් එක්ක.පවුල් වලින්,ළමයින්ගෙන්,දෙමාපියන්ගේන් ඈත්වෙලා හම්බ කරන මුදල් මේ විදියට ගසා කන එක හරිම නින්දිතයි.
විදේශගත ශ්‍රමිකයෝ මුදල් එව්වේ නැත්නම් එක එක කාර්යාංශ නඩත්තු කරන හැටි, රට කරන හැටි බලාගන්න පුළුවන්.... එහෙම එවන එකටත් බදු ගහනවා. හැබැයි ප්‍රකෝටි ගණන් වත්කම් උපයලා ඒවා හෙළි නොකළාම දඩය රු.1000 යි මේ සිරිලකේ. මෙහෙමත් රටක ඉපදුනානේ අම්මපා..
විදේශ ප්‍රේෂණයන්ගෙන් බදු අය කල යුතු නම්, කළ හැකි විකල්පයක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව බදු අයවීම් වැළක්වීමේ ගිවිසුම් නොමැති රටවලින් සිදු කරන ප්‍රේෂණ සඳහා මේ බද්ද හඳුන්වා දීමයි. මෙතන නීති විරෝධී ක්‍රම වලින් සල්ලි එවන්න කතා කරන අයටනේ ඒකේ රඟ තේරෙන්නේ... ඒ සල්ලි ගන්න වෙන්නේ මෙහෙ ඉන්න අය අහු වෙච්ච දවසට. මොකද ඔය කියන දැඩි ක්‍රියාමාර්ගය කියලා සල්ලි නොඑවා ඉන්න බැහැනේ. රට සල්ලි ලංකාවට එව්වම, ඒකේ ආර්ථික දායකත්වය පෙන්නුවට, ඒ සල්ලි ලංකාවේ මුදලින් ඒ අයගේ යැපෙන්නන් ලබා ගන්නවා. ඔය කියන බලපෑම වෙච්ච ගමන් මුලින්ම අමාරුවේ වැටෙන්නේ ඒ යැපෙන්නො තමයි.
කාලකණ්ණි දේශපාලකයෝ රකින්න විදේශවලට ගිහිල්ලත් හම්බ කරන්න වෙලා. මේ අය ලබන ආත්මේ ඉපදෙන්නේ පනුවෝ වෙලා තමයි.
මේක නම් මෝඩ තීරණයක්... !!!
යහපාලනයට මාර අමාරුවක් තියෙන්නේ... හරියට නිකන් එයාලගේ සල්ලි වගේ. මේ අය ඉන්නේ ඇඳුම් ඇඳගෙන නේ... මෙහෙ හොයන්නේ අපේ කාර්, අපේ පෙට්ට්‍රල් වලින්. මෙලොවටත් සුගතියක් නැහැෙ. එලොවටත් සුගතියක් නැහැ.
අපි ඉදිරියේදී බැංකුවලට සල්ලි එවන්නේ නැහැ, ඕනේ තරම් ක්‍රම තියෙනවා සල්ලි එවන්න. අපි කෝටි ගණන් හම්බකරන්නේ නැහැනේ, හම්බකරන සොච්චම එවන්න ක්‍රමද නැත්තේ?
සල්ලි එවන අයගෙන් නොවේ සල්ලි නොඑවන අයගෙනුයි ටැක්ස් කරන්න ඕනෑ මොන ක්‍රමයකින් හරි.
මෙහේ ඉදල දුක විදලා හම්බ කරන සල්ලි වල හැටි අපි දන්නේ. අඩුම ගානේ අපිට විශ්‍රාම වැටුපක් හදන්න, එතකොට බදු ගහන්න.
දස දුක් විදලා ගන්න සොච්චම රටේ එක කණ්ඩායමකගේ සැප විහරණය සදහා යොදා ගැනීම මොනතරම් නින්දිතද ? දේශය පාලනය කරන්න ආ ඔබලා මේ ගන්නා තීරණ ලජ්ජාහ සහගතයි ,ඇසට නින්ද නැතිව ,බඩට හරි හමන් කෑමක් නැතිව, ගතට විවේකයක් නැතිව මේ හොයන සොච්ච්මෙනුත් ඔබලා සැපයක් ලබනවානම් ....මේක අපේම කරුමයක්ද?
විදේශික ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමට පෙර ලංකාවේ බදු නොගෙවන දේශපාලකයන් ගැන, දොස්තරලා ගැන, පෙරකදොරුවන් ගැන හොයලා බලලා කටයුතු කලොත් නරකද? මේ අයගේ ආදායම් හරියට එළි කරන කීයෙන් කී දෙනාද ඉන්නේ? පොඩි මිනිසුන් පස්සේ නොගිහින් ලොකු අය ගැන ඉස්සර වෙලා බලන්න.
"බැංකු වංචාවක් නිසා නොවෙයි. රජය රටේ බැංකු පද්ධතියෙන් ණය ගන්න කොට කොහොමත් පොළිය වෙනස් වෙනවා."හලෝ ඔහෙට, අපට පාඩම් කියලා දෙන්න බැහැ. කරුණාකරලා කොමිසමේ සාක්කි දෙන බැංකු නිලධාරීන්ගේ සාක්කි නැවත කියවා බලන්න. ණය ගත්තොත් පොලී වැඩිවන බව අපි දන්නවා. තැන්පත්කරුවන්ට දුන් 7.5 පොලිය එකවර 11.5 දක්වා වැඩිවෙන්න තරම් ණයක් මෙම ආණ්ඩුව මේ අවුරුදු 3දී ගත්තේ නැත. ඔබ කියන එකක් වත් මෙතන වෙලා නැත. කාටත් තේරෙන සිංහලෙන් ඔය සම්බන්ධව පල වුණා. මහබැංකුවට සල්ලි පොලියට දුන් සමාගම 12% ප්‍රමාණයක පොලියට දුන්නේ බැංකුවලින් අඩු පොලියට අරන්. එ් නිසයි එහෙම සිදු වුණේ... අනික අඩු පොලිය ලංසු තියන්න එපා කියලා අපේ බැංකුවට කියා තිබුණා. රජයේ ලොක්කෝ කියල බැංකු සභාපතිවරු ප්‍රකාශකර තිබුණා. මහා බැංකුව සැලසුම් සහගතව කොල්ල කෑම නිසයි පොලී අනුපාතය වැඩිවුණේ...ඔබ නොදන්නවාට ඔය ටික දැන් ඉස්කෝලේ යන ළමයි පවා දන්නවා. මොකද ළමයි ලංකාදීප පත්තරය කියවන නිසා...
බංගලාදේශයට ගුවන් ගමනට රුපියල් අනූ දාහක් ගන්නවා රජයේ ගුවන් සමාගම. සිංගප්පූරුවට ගිහින් එන්න පුළුවන් රුපියල් තිස්දාහට. මෙම ගාන ඇති. තව බදු ඕනේ නැහැ.
ලක්ෂ 62 ජනතාවගෙ කට්ටියත් ඇතිනෙ පිටරට රැකියා කරන. මට නම් ඉතින් ඒ ගොල්ලන්ගෙන් අහන්න තියෙන්නෙ "ඔබට සතුටුයි නේද දැන් ...?" කියල තමා.
නිදහස් අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවට ගොස් එරටට සේවය කරන අයගෙන් රටට අහිමි වූ මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් ඇති කරන්න.
අපේ රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අයට තේරෙන්නේ නැති බබාලා නිසයි කියන්නේ. දොස්තරලා ගැන, පෙරකදෝරුවන් ගැන චැනල් කරන තැනක.. දවසක් දෙකක් දූතයන් යොදවලා බලන්නකෝ කොපමණ උපයනවද කියලා.... එසේම නීතිඥයෝ දිනකට නඩු කීයක් කතා කරනවද කියලා. අපි කියන්නේ ඉගෙනගෙන හම්බ කලාට කමක් නැහැ. නමුත් නීතියට ගරු කරලා බදු ගෙවිය යුුතුයි මේ අයත්. මේවා අයකරගත හැකිනම් සෑහෙන ආදායමක් රජයට ලැබිය හැකියි. මරුකතරේ දුක් විඳින අයගෙන්ම ගන්නවට වඩා...
මේ වගේ සහගහන අපරාධ කරන්න එපා කියලා යහපාලනේට කියන්න. පිටරට වැඩ කරන අපි සෙට් වෙමුද..? අපි මාස දෙකක් ලංකාවට සල්ලි යවන එක නැවත්තුවොත් යහපාලනයට උණ හැදෙනවා. දුක් මහන්සියෙන් අපි හොයන සල්ලි ගසාකන්නේ නැතිව අපිට මොනවද දෙන බෙනිෆිට් කියලා කියන්න.
ලෝකේ ලොකුම ඇමැති මණ්ඩලේ නඩත්තු කරන්නේ කොහොමද බදු නැතිව. ඡන්දේ දුන්නා නම් වෙනසකට... කට වහගෙන බදු ගෙවන්න...
ද්විත්ව පුරවැසිකම අපේ ළමයින්ට නිකන් ලැබුනේ නැත සමහර අය ලක්ෂ ගණන් ගෙව්වාය මගේ ළමයින්ට ඩොලර් 50000 බැංකුවේ තැන්පත්කර අවුරුදු 5 ෆ්‍රීස් කර තියන්ට උනාය.එහෙමයි ද්විත්ව පුරවැසිකම ගත්තේ අනික ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්නේ සල්ලි හම්බ කොරන්නම නොවෙයි හම්බ කරන සල්ලි වලින් සුවපහසු ජීවිතයක් ගෙවන්න, ළමයිගේ අනාගතය හදන්න. මැදපෙරදිගින් පුද්ගලයා අනුව ලොකු වැටුපක්ලැබෙනවා පමණයි
මෙතන තියෙන කතා වලින් පෙනෙනවා මිනිසුන්ගේ කුහකකම. ඉගෙන ගත්ත මුදල මෙන් සිය ගුණයක් ලංකාවට එවලා තියනවා. දැනටත් එවනවා. රජයක් විදිහට කරන්න ඕනේ රැකියා සදහා මිනිසුන් පිටරට යැවීමට දිරිදීම. පාර්ලිමේන්තුවේ කට්ටිය රටේ සල්ලි වලට කරන දේ ගැන පළමුව කතා කරන්න
කොහොම පොස්ට් දැම්මත් කොහොම තර්ක කලත් මිලාන් වල ඉන්න පිටිගලගේ කතාව හරි සහ ඔහු හරි අවංකයි. මැදපෙරදිග සේවකයන් ගැන මහත් ආඩම්බරයකින් කතා කරන්නේ.
අපෝ ඇමරිකාවෙන් කැනඩාවෙන් ඕස්ට්‍රේලියාවෙන් ළඟම නෑයෝ ආවත් වැඩක් නැහැ..... ඉතාලියෙන් යන්තම් දන්නා කෙනෙක් ආවත් ඊට වඩා හොඳයි. ඒ අය චොක්ලට් රටබීම තෑගී එවන්නේ කන්ටේනර්වල කලින්ම. ආවම දන්නා නොදන්නා ඔක්කොම බස් එකක දාගෙන රට වටේම අරන් යනවා. ඉන්නෙත් තරු පහේ හෝටල්වල. ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එන අය නම් සතෙත් දෙකට බෙදලයි පාවිච්චි කරන්නේ. අපේ දරුවෝ කියනවා අපෝ බෝරිං කියලා.
මම නැවතත් කියනවා එකම නිදහස් අධ්‍යාපනයම ලබලා ඉගෙන නොගෙන වෙනවෙන මඟුල් කළ අයට වැය කල මුදල් නැවත රටට ලබාගන්න ක්‍රමයක් පිටිගල දන්නවා නම් කියලා දෙන්න කියලා. එහෙම අයට නොමිලයේ උගන්වන්න විතරක් නෙමෙයි, රස්සාවක් නැතුව නිකන් ඉන්න කොට අර සහනාදාරෙයි, මේ සහනාදෙරෙයි දෙන්නෙත් බදු ගෙවන මිනිසුන්ගේ මුදල් වලින්. ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබන අය ලක්ෂ 15 ක්ද කොහේද ඉන්නවා. පොහොර සහනාධාරය ලබන අය තව ඉන්නවා. නොමිලයේ ගෙවල් ලබාගන්නා තව කොටසක් ඉන්නවා. මේ අයත් එකම පන්ති කාමරය තුළ එකම නිදහස් අධ්‍යාපනය ලබපු අය. වෙනස තමයි මේ අය රජයෙන් නොමිලයේ දෙන නිල ඇදුම ඇදගෙන නොමිලේ දෙන පොත්ටික අරගෙන දිවා ආහාරය දෙනවනම් එයත් භුක්තිවිද හරියට ඉගෙනගෙන නැති එක. ප්‍රශ්න නිසා ඉගෙන නොගත් අයට වඩා කිසිම උනන්දුවක් නැතුව හැමදේම නිකන් ලැබෙන නිසා අගයක් නැතුව කට්ටි පැනලා 18 වෙනකොට කසාද බැදපු අය තමිය වැඩි.මේ අයට තමයි ඉන්පසුවත් සහනාධාර ඹ්නේ. මේ කට්ටයි ගැනයි කතා කරනන් ඕනේ.
ආඩම්බරයකින් කතා කරලා විතරක් වැඩක් නැහැ.
මේ තීරණය නිසා වැඩිපුරම බැට කන්ට වෙන්නේ සෞදි අරාබියේ වැඩ කරන අයටයි . මොකද 2018 සිට බදු ක්‍රමය මේ රටටත් බල පැවැත්වෙනවා. මෙතෙක් බදු රහිතව සැම පහසුකමක්ම අත්විඳපු අපට ජනවාරි 2018 සිට 5% vat බද්දක් භාණ්ඩ හා සේවා හැම එකකටම ගෙවන්ට ඕන .දැන් මදිවට අපේ කාලකන්නි රජයටත් ගෙවන්ට ඕන .ඒ මුදලින් රටට හා ජනතාවට සෙතක් වෙනවනම් කමක් නැහැ . නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ ? ඒකයි හිතට දුක .
රටේ ඉන්න ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න, නියෝජ්‍ය අැමැතිවරුන්ට පවා සිලින්ඩර් 8 ඇති ටොයෝටා සහරා වර්ගයේ සුඛෝපභෝගී වාහන සහ සහචරයින්ට ගමන් කිරීමට තව වාහන ලබාදීමට, මන්ත්‍රී පඩි සහ දීමනා වැඩි කිරීමට, කාන්තාරේ දුක් විඳින මිනිස්සුන්ගේ සල්ලි ටිකෙන් හරි බදු ගහමු. ජනාධිපතිතුමා කියන ලෙසට මහජන මුදල් සොරගන්න පුද්ගලයන් පමණි ලබන ආත්මයේ පෙරේතයන් වෙලා උපදින්නේ... දුප්පතුන්ගේ මුදල් තමන් විසින්ම හදන නීති මගින් බලෙන් අරන් සුර සැප විඳින පාර්ලිමේන්තුවේ උත්තමයන්ට එහෙම වෙන්නේ නැහැ .
විදේශ රැකියා කරන අයගෙන් සියයට 1ක් ගන්නේ අහවල් දෙයක් දීලද? කෝටිගණන් වාහන ගන්න, මහබැංකුව මංකොල්ලකන, රට විකුණන මහා සංඝයාට අපහාස කරන යහපාලකයන්ට ... හෙනම වදීවි !!!
මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රක්ෂණ ක්‍රමවේදයක්වත්, විශ්‍රාම වැඩපිළිවෙළක්වත් නැහැ. රජයට ඇයි ටැක්ස් සියයට 1ක් අවශ්‍ය වෙන්නේ? වාහන පර්මිට් දුන්නද ඒ විදෙස් රටවල සේවය කරන ශ්‍රමිකයින්ට?
ඔබේ නෑදෑ හිතමිතුරන්ගේ ඡන්දය ගැන වග බලාගන්න. දන්න හැමෝටම මේ සම්බන්ධව දැනුවත් කරන්න. මේ රජය වෙනස් කරේ නැතිනම් අනාගතයේ මොනවා කරයිද දන්නේ නැහැ...