ලන්ඩනයේ ජර්මන් බැංකුව හා ජපානයේ ටොකියෝ මිට්සුබිෂී බැංකුව ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්හි පාලම් 537 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ හා නැවත ගොඩනැගීමේ කටයුතු සදහා ඩොලර් ලක්ෂ 1620 ක (රුපියල් ලක්ෂ 213840) ණය පහසුකම් සළසා දී තිබේ.
ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි වෙසෙන ජනතාවටත් රටේ සංවර්ධනය අත්විදිය හැකි වනු ඇති බවත් ඊට සක්‍රිය ලෙස දායක විය හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
වතුකරය හා දුෂ්කර පළාත්හි පිහිටි ගම්මාන ඉලක්ක කරගෙන මෙය ක්‍රියාත්මක වේ.
ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ ණය කවදා ගෙවලා ඉවර වෙන්නද" තව ටික දවසකින් සම්බාදක වැටුනම අපට හොම්බෙන් තමයි යන්න වෙන්නේ ගහපු අයනම් වෙන රටවලට පැන ගනීවි (නදී)
මේ ගන්න ණය කවදා ගෙවලා ඉවර කරයිද දන්නේ නෑ.(හේ)
රටේ මහජනයා තමයි මේ ණය ගෙවන්නේ.(හේ)
ණය ගන්න ලේසියි.ඒත් ඒ ණය ගෙවා ගන්න තමයි අමාරු.(හේ)
ඉපදින දරුවොත් ඉපෙදෙන්නේ ණය කාරයෝ වෙලයි.(හේ)
මේ ගන්න ණය වලින්වත් අපිට සහනයක් ලැබෙනවා නම් ලොකු දෙයක්.(හේ)
අා ඒක තමයි, මෙදා අයවැය තුලින් ජනතාවට කිරි උතුරන්න සහන දෙන්න හදන්නේ. (නදී)
ණයවෙලා හරි කමක් නැහැ රටට යහපතක් වෙනවා නම්... (නි)
ඒක තමයි.මේ ණය කවදා ගෙවලා අවසන් කරන්නද? (නි)
ඇත්තටම මේකෙන් එක පාලමක්වත් හැදුනොත්..මම ඔලුවෙන් හිටගන්නවා ඒ පාරේ ...? මැති අැමතිලගේ පඩි ගෙවන්න සල්ලි නැතුව ඇති මහා භාණ්ඩාගාරේ. නැතිනම් අර අලුතින් දිවුරුම් දීපු ඇමැතිගොල්ලටත් ,තීරුබදු රහිත වාහන ඕනේ කියලාවද්ද ..?අනේ අපේ නූපන් පරම්පරාව ඔය පවු වලට කරගහන්න ඕනේ නේද? කියල හිතෙන විට එක දරුවෙක්වත් හදන්න හිතෙන්නේ නැහැ මේ පව් ගෙවන්න...අසරණ දරු පැටවූ අපේ, මොනවටද කාගේවත් සුපිරි ජීවිතවල ණය ගෙවන්න මේ ලොවට බිහිකරන්නේ ..? (අ)
කොහොමහරි කමක් නැහැ රටට යහපතක් වෙනවා නම් (නි)
ගුවන් මාර්ග, අධිවේගී මාර්ග,අලංකාර නගර ඇති රටක ගමේ පාරවල් වල අපි යන්නේ ඉතා කණගාටුවෙනි. දවස් දෙකක් වර්ෂාව තිබුනොත් තේ දළු ගෝනිය කර තබාගෙන කිලෝමීටර් කිහිපයක්,වාහන පැමිණිය හැකි තැනට යා යුතුය. මේ ණය පහසුකම හරහා හෝ ගමේ දුෂ්කරතාවය මඟ හැරෙනවා නම් සතුටුවිය හැකිය. (නි)
මේ ණය කවදා ගෙවලා ඉවර වෙන්නද?(හේ)
මේ ගන්න ණය නිසා පරම්පරා හතරක් මේ වෙන කොට ණය වෙලා.(හේ)
ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගන්න. මොකද ගෙවන්නේ අනාගත පරම්පරාව නේ. ණයට අරගෙන හරි ගිතෙල් කන්න කීවලු නේ. (නදී)
ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගන්න.කවුද ගෙවන්නේ අනාගත පරම්පරාව නේ.(හේ)
ණයට අරගෙන හරි ගිතෙල් කන්න කීවලු නේ. (හේ)
මොන පල්ලමක්ද? පල්ලම් ඇත්තට පෙනෙන්න සුදුහුනු ටිකක් ගාලා පෙන්නයි. ඔය කෝටි ගානම පිල්ල ගහනවා. විගනකාදියේ අයටත් ගෙවල් දොරවල් කිහිපයක් හැදෙයි (නදී)