පොලොන්නරුවේ නගරයෙන් බැහැරව ගම්බද ප්‍රදේශවල පිහිටි ලැගුම්හල්,සංචාරක නිකේතන ආදියට මේ දින වල විදේශිය සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති.
පොළොන්නරුව බැඳි වැව ගම්මානයේ පිහිටි කුඩා හොටෙල් හිමියකු වන කේ පී ආරියදාස (43) මහතා පැවසුයේ තම හෝටලයට දිනකට විදේශිය සංචාරකයින් 40-50 ක් පමණ පිරිසක් ආහාර පාන ලබා ගැනීම සඳහා පැමිණෙන බවයි. ඔවුන්ට තමා සපයන සේවා සම්බන්ධයෙන් තෘප්තිමත් වන බවද හෙතෙම කීවේය.
ඔහුගේ එකම දියණිය වන කේ පී නෙත්මිණි ලක්ෂාණි (20) මෙනවිය අප සමඟ පැවසුයේ පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු හෝටලයේ කටයුතුවලට සහය වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නෙ හිරිතලේ හන්දිය පසුකර ටික දුරකින් මෙතනට හැරෙන පාර තියෙන්නෙ. ඩුබායි තිලක්, කීවා වගේම දේශපාලුවෙක් හෝ ඔවුන්ගේ පුතෙක් හෝටලයක් ගහන්න බැරි නෑ. පිරිසිදුකම, පිරිසිදු ජලය, මැසි මදුරු කරදරය අවට පරිසරය හොඳින් රැක ගන්න.ඔබට ජය. (ස)
ඉතාමත් අගය කල යුතු වැඩක් (දී)
කරුණාකරලා මෙම හෝටලයට යන්නේ කොහොමද කියලා අපිට දන්වන්න පුලුවන්ද? (ස)
මේක තියෙන්නේ මින්නේරිය පහු කරලා එන කොට ඊළගට 22 කනුව, එහෙම නැත්නම් ජයන්තිපුර පහු කරලා කිලෝ මීටර් 2 පොලොන්නරුව පැත්තට එන කොට. 24 කනුව කියන්නෙත් එහෙට තමයි. බන්දිවැව ඉඳලා පොලොන්නරුව නගරෙට කිලෝ මීටර් 2. (ස)
රටේ ලස්සන, සුන්දරත්වය දැකිය හැකිවන්නේ තරු 5 හොටල් වලින් නොව මෙවැනි ස්ථාන වලිනි. සුබ පැතුම් ! (නි)
බොහොම ස්තුතියි රෝහණ, මේක තිබෙන තැන ගැන දැන්වුවාට.අපි ළගදීම එංගලන්තයේ සිට කණ්ඩායමක් සමග එනවා. කරුණාකරලා දුරකතන අංකය දන්වන්න පුළුවන්ද? (නි)
වැඩ කරන අය සබන් දල අත සෝදන්න අමතක කරන්න එපා. ආහාර අතින් අල්ලන්නත් එපා. උයන පිහන අය පිරිසිදුව ඔලුවට හිස්වුමක් අත් වැසුම් අත්‍යවශ්‍ය දේවල් මෙහෙම කලොත් අපි ගොඩ. පිරිසිදු වතුර මීළඟ ප්‍රශ්නය (දී)
කුමාර්, කියන දේ තමා දැන් ඉතින් සිද්ධ වෙන්නේ.ඔතනට දේසපාලුවෙක් හෝ ඔවුන්ගේ දරුවෙක් ඊට එහායින් හොටෙල් එකක් දාලා මේ පවුලම අනාතම කරලා දානවා.බැරි නම් වාෂ්ප කරලා දානවා. (ස)
කවුරුහරි දේශපාලුවෙක් ඇවිල්ලා ඕකටත් විනකරයිද දන්නෙ නැහැ (නි)
ඔය සුන්දරත්වය සහ පරිසරය ආරක්ෂා කරගන්න පහූවන විට අතට මුදල් ලැබෙන කොට ගොඩනැගිලි හදලා, ඔය පොඩි කඩ තට්ටු ගොඩනැගිලි කරලා, පරිසරය විනාශ කරලා පූජනීය ප්‍රදේශය අපිරිසිදු කරන්න එපා.එවිට සංචාරකයෝ අපිට ශාප කරවී. ඒ නිසා පරිසරය රැක ගනිමින් සුන්දරත්වය රැක ගන්න. (ස)
කරුණාකරලා මේ පොළොන්නරුවේ කොහෙද තියෙන්නේ කියල දන්වන්න පුලුවන්ද (දී)
උදේ නැගිටපු වෙලේ ඉඳලා රෑ නින්දට යනකම් සල්ලි පස්සෙම, සල්ලි හොයන්න යන අයගෙන් පරිස්සන් වෙන්න.සල්ලි දැකපු නැති අයගෙන් පරිස්සන් වෙන්න.එච්චරයි මට කියන්න තියෙන්නේ. (ස)
ඇත්තටම ගමේ කම කෑවොත් බඩුම තමා (ස)
අනිවාර්යයෙන්ම ඔතනට අපේ කට්ටිය ගිහින් 'කොක්ක' දානවා. අනවසර ඉදිකිරීමක් කියයි. අහිංසක මිනිසුන්ට පාඩුවේ කරන වැඩේ කරගෙන යන්න දුන්නා නම් තමයි හොඳ (නි)
"පොඩි කඩේ ඉන්න නගේ - නුඹට සිත බැදුනා මගේ" (නි)
කරුණාකරලා ටෙලිපෝන් දාන්නා පුලුවන්ද?(නදී)
ගොඩක් සතුටුයි. ඔයාගේ හොටෙල් එකට මම ඉක්මණින්ම එනවා (නි)
ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරයක් ධනවතුන් නොවෙයි.හැම වෙලාවෙම පිරිමහගෙන වියදම් කරන්නෙ. ඒක නරකක් නොවෙයි.ඉතින් ඒ අයට හරියන්න අපේ අය අඩුමුදලට ආහාර පාන ලබා දීලා ඔවුන්ද සංචාරක ව්‍යාපාරයට දිරිදීම හොදයි. (නි)
මොනවා වුනත් නංගියේ උඹත් ටිකක් පරිස්සම් වෙයන්. මම කියන්නේ උඹේ අයියා කෙනෙක් විදියට. මටත් උඹේ වයසේ නංගියෙක් ඉන්නවා. තේරුම් ගනින්.(නදී)
කොහේද මේක තියෙන්නේ කියලා දන්වන්න කරුණාකරලා (නි)
සූභ පතනවා...!! (නි)
හොඳ සේවාවක් දෙනවා නම් විදේශිකයොත් ආසයි ගමේ කෑම වලට. (නි)
ගොඩක් සුදු ජාතිකයෝ කැමති පරිසරයට සමීප ස්ථාන වලටයි (නි)
සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අය මෙන්ම සංචාරක කලාප වල ඉන්න පවුල් ද ඉතා හොඳින් පුහුණුව හා දැනුමෙන් සන්නද්ධ කළ යුතුමයි.පිරිසිදුකම සහ මිත්‍රශීලිභාවය විශ්වාසවන්ත බව ඉතා අවශ්‍යයි.එසේම රටේ ඉතිහාසය, සංස්කෘතිය ගැන සුළු අවබෝදයක් හෝ තිබීම හොඳයි. (නි)
අද කාලේ එන සමහර සුද්දෝ නිදාගන්න විතරක් හෝටලේට ගිහිල්ල චූන් පාන් එනකන් බලන් ඉන්නවා කන්න, විදේශ විනිමය හම්බවෙන්නේ ගොඩක් අඩුවෙන්. ගමේ අයටත් කීයක් හරි හම්බවෙවන එක ගැන නම් සතුටුයි (අ)
ලස්සන ස්ථානයක්. ඔබට ජයවේවා! මෙවැනි අයව දිරි ගන්වන ව්‍යාපෘති ඇතිකළ හැකියි. (නි)
සුළු පරිමාණයේ හෝටල් හිමියා දියුණු වීම ගැන සතුටුයි. නමුත් සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්න හදන රටක් හැටියට කනගාටු වෙන්න ඕනෑ, (නි)
හොර බොරු නොකර, හරියට කටයුතු කළොත් ඔවුන් නැවත නැවත ලංකාවට ඒවි. (නි)
'තරු 5' මානසිකත්වයේ ඉන්න අපේ රටේ කළු සුද්දන්ට මේක හොද පණිවිඩයක් (නි)
අයුතු දේවල් සිදුවීම අපේ රටේ නමට කැළලක් (නි)
පොළොන්නරුවේ බැදි වැව් කොහෙද තියෙන්නේ? (නි)
අපේ දේ අපි හැමදාමත් අගය කරන්න ඕනෑ. සංචාරකයන් විතරක් නෙමෙයි ලංකාවේ අපිත් එතනට යන්න ඕනෑ. (නි)
අපිත් පොලොනරුවේ එන්න ඉන්නේ. මේ කියන තැන දුරකථනය හෝ ලිපිනය දන්වන්න.අපි තවම ලංකාවේ ශ්‍රී විභූතිය බලලා නැහැ නේද. (ස)
දැන් ඔතනට දේස පලුවෙක්ගේ ගෝලයෙක් රිංගල, ඔතන වෙන හෝටලයක් දාල, ඔය අහිංසක මිනිහවයි පවුලේ අය වාෂ්ප කරලා දායි (දී)
දැන් ලංකාවට යන සුද්දෝ යන්න කලින් සිංහල සහ දෙමල ටිකකුත් පාඩම් කරගන්නවා.අත්‍යවශ්‍ය දේවල්වල සාමාන්‍ය මිල ගණන් හය ගන්නවා. සමහර විට අපිටත් වඩා හොඳට ඔවුන් කේවල් කරලා බදු ගන්නවා.(අ)
සුභ පතනවා. (අ)
මංගල හරියටම හරි.අඩු මානසිකත්වයක් තියෙන මහන්තත්ව මිනිස්සුන්ට හොඳ පාඩම්.මොකද සමහර අපේ අය අඩු තක්සේරු කරනවා ඔය වගේ තැන්. (නි)
මගේ සුබ පැතුම්! (නි)