IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රාජ්‍ය සේවයට බඳවා ගැනීම් IMF ඉලක්ක අනුව වෙන්න ඕනෑ


විමුක්ති රුද්‍රිගු


ශ්‍රී ලාංකිකයන්ට අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය රාජ්‍ය සේවයකන් පිරිස තීරණය කිරීමේ නිදහස මෙරට රජයට තිබෙන නමුත් රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ඉලක්ක තුළ සිට එය කළයුතු යැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මෙරටට අවශ්‍ය රාජ්‍ය සේවයේ ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විනිශ්චය කර නොහැකි බවත් අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවය තුළ අවශ්‍ය සම්පත් ප්‍රමාණය කොපමණක් දැයි යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය බවත් බෲවර් මහතා පැවැසුවේය. කෙසේ නමුත් සියල්ල සිදුකළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ඉලක්ක තුළ සිට බවද ඔහු ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයට අවශ්‍ය සම්පත් හඳුනාගැනීම සඳහා සහාය විය හැකි ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන තිබිය හැකි බවත් එම ආයතනවලට රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකි බවත් ඔහු පැවැසුවේය.

පසුගියදා පැවැති මාර්ගගත මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මෙම අදහස් පළ කළේය.

රැකියා සැපයීම, දැඩි ලෙස දේශපාලනීකරණය වීම සහ එයට එල්ලවන දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියන් 16 දෙනකුටම එක් රාජ්‍ය අංශයේ සේවකයකු සිටින රාජ්‍ය අංශයක් මෙරට පවතී. ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ විශාලත්වය සහ අකාර්යක්ෂමතාව පිළිබඳ දීර්ඝ කාලයක සිට විවේචන එල්ලවෙමින් පවතී. එය මූල්‍ය අසමතුලිතතාව සහ ආර්ථික අභියෝග ඇතිවීමට හේතුවක්ද වේ. 2023 දත්තවාර්තා වලට අනුව මෙරට රාජ්‍ය සේවකයන් ලක්ෂ 15 ක් සිටින අතර එය මෙරට ශ්‍රම බළකායෙන් සියයට 14 කි.



අදහස් (0)

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් IMF ඉලක්ක අනුව වෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site