IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජ්‍ය දැව සංස්ථාවෙන් තිරසාර දැව උළුවස්සක්

ආචාර්ය සී.කේ. මුතුමාල
සහකාර සාමාන්‍යාධිකාරි 
(පර් යේෂණ, සංවර්ධන හා පුහුණු)

 

ශීඝ්‍ර ජනගහන වර්ධනයත් සමග සිය මූලික අවශ්‍යතාවක් වන නිවාස ඉදිකිරීම් ද ශීඝ්‍ර ලෙස වැඩිවී ඇත. නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද 2020 - 2050 ශ්‍රී ලංකා තිරසාර හා ඉදිකිරීම් පිළිබඳ මාර්ග සිතියම අනුව ශ්‍රී ලංකාවේ නව නිවාස ඉදි කිරීම් ප්‍රමාණය 2030 වසර වන විට මිලියන 6.4 ක් බව පුරෝකථනය කර ඇත.

නිවාසවල ඉදි කිරීම් සඳහා විවිධ ඉදි කිරීම් ද්‍රව්‍ය භාවිත වුවද උළුවහු සඳහා මූලික ලෙස ද භාවිත වන්නේ දැව වේ. මේ සඳහා බොහෝ විට සිය වාසස්ථාන අවට ඇති ගස් හෙළීම් කටයුතු මිනිසා සිදු කරන අතර සමහර අවස්ථාවලදී වන අපරාධ ලෙසද දැව ඉවත් වන බව පෙනී යයි. මහ බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වසරකට 3000m3  කට අධික ප්‍රමාණයක් වන අපරාධවලින් දැව ඉවත් වේ. 

බොහෝ රටවල් දැව අවශ්‍යතාව සපුරා ගන්නේ ඒ සඳහාම සිටුවා ඇති, නිසි පරිදි පරිණත වී ඇති, වාණිජ වන වගාවලිනි. එම පරිණත ගස්වලින් නොමේරු ගස්වල තරම් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමක් සිදු නොවේ. දැව ලබා ගැනීම සඳහාම පිහිටුවා ඇති වන වගා නිසි වයසට පැමිණි පසු ගස් හෙළා, ඉවත් කළ විගසම නැවත පැළ සිටුවා වන වගාව ප්‍රතිස්ථාපනය කරනු ලබයි.  

එලෙසම දැව දීර්ඝ කාලීන කාබන් සංචිතයක් ලෙස ක්‍රියා කරයි. එනම් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් තිර කර සංචිත කරනු ලැබූ කාබන්, දැව ස්කන්ධයෙන් සියයට 50ක් පමණ වන අතර එම කාබන් ඉතා දිගු කාලයක් වායුගෝලයට නිදහස් නොවී දැවමය නිෂ්පාදන තුළ ආරක්‍ෂා වී පවති. නිවැරදි දැව සංරක්‍ෂණ ක්‍රම මගින් දැවආශ්‍රිත නිෂ්පාදන හා ගෘහ භාණ්ඩ ආරක්‍ෂා කරනු ලැබූ පසුබිමක දැව කාබන් ගබඩා කිරීමක් සිදු කළද අනෙකුත් අමුද්‍රව්‍ය එලෙස කාබන් සංචිත කිරීමක් සිදු නොකරයි. එනම් දේශගුණ විපර්යාසයන්ට හේතුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ශුද්ධ අගය සැලකු විට ඉතා සුදුසුම අමුද්‍රව්‍ය වන්නේ දැව වේ. (මූලාශ්‍ර : Muthumala et all,2020) 

අමුද්‍රව්‍ය නිෂ්පාදනය සැලකීමේදී ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනයට සාපේක්‍ෂව විශාල බලශක්තියක් අවශ්‍ය වන හා නිෂ්පාදන ක්‍රියාවලියේදී විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට මුදාහරී. එහෙත් දැව නිෂ්පාදනයේදි වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතා සුළුය. පර්යේෂණ දත්ත අනුව ප්ලාස්ටික් නිෂ්පාදනයේදී නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දැවවල මෙන් 1.5 ගුණයකි. නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන බලශක්ති ප්ලාස්ටික් නිෂ්පාදනයේදි සැලකු විට අඩුම බල ශක්තියකින් නිෂ්පාදනය කළ හැකි අමුද්‍රව්‍යය වන්නේද දැව වේ. ප්ලාස්ටික් නිෂ්පාදනයේදි වැයවන බලශක්තිය දැවවල මෙන් 46 ගුණයකි. 

රාජ්‍ය දැව සංස්ථාව සංස්ථාව විසින් ජනතාවගේ දැව උළුවහු අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රධාන ලෙස ඉයුකැලිප්ටස් මෛක්‍රෝකෝරිස් දැවය භාවිත කිරීමට සැලසුම් කර ඇති අතර ඉයුකැලිප්ටස් මෛක්‍රෝකෝරිස් දැවය (Eucalyptus, microcoris ) තිරසාර ලෙස කළමනාකරණය කරන වාණිජ වන වගාවලින් ලබා ගන්නා දැවයකි. මෙමගින් උළුවහු වැනි දැව නිෂ්පාදන ජනතාවට ලබා දීමට හැකි වීමෙන් අනවසර දැව හෙළීම් ක්‍රියාවලිය අවම කර තිරසාර ප්‍රභවයකින් අඛණ්ඩව දැව ලබා දීමට හැකි වීම සුවිශේෂී වාසියකි.

මයික්‍රෝ දැවය සැලකූ විට එහි කල්පැවැත්ම ඉතා අධික අතර ශක්ති ගුණාංගයද ඉහළය. එහි ශක්ති ගුණතා සැලකූ විට භංජන මාපාංකය (Modulus of rupture) 105Nmm-2 වන අතර ප්‍රත්‍යස්ථ සංගුණකය (Modulus of Elasticity) 13500Nmm-2 ක්වේ. සම්පීඩක ශක්තිය (වෛරමට සමාන්තරව) 50Nmm-2  කි. එබැවින් මෙම මෛක්‍රෝ දැව සංස්ථා උළුවහු සඳහා යොදා ගැනීම ආර්ථික ලෙස පමණක් නොව කල්පැවැත්ම වැනි ගතිගුණ අතින්ද ඉතා ඉහළ ස්ථානයක පවතී.

මේ කරුණු බලන කල රාජ්‍ය දැව සංස්ථාව රාජ්‍ය ආයතනයක් ලෙස තිරසාර වන වගාවලින් නිකුත් කරන දැව යොදා “සංස්ථා දැව උළුවහු”‍ ජනතාවට ලබා දීමට කටයුතු කිරීම පාරිසරික සත්කාරයක් බව සඳහන් කළ හැකිය. මෙම දැව උළුවහු සහනදායී මිලට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව රාජ්‍ය වගකීමක් සහිතව ජනතාවට ලබා දීමට රාජ්‍ය දැව සංස්ථාව බැඳී සිටි.



අදහස් (0)

රාජ්‍ය දැව සංස්ථාවෙන් තිරසාර දැව උළුවස්සක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site