IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


“රජ ලු‍ණු”‍ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කෙරේ

  • පැයකට ලු‍ණු ටොන් 5 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව
  • සෘ සහ වක්‍ර රැකියා අවස්ථා 450 ක් 

විමුක්ති එස් රුද්‍රිගු

ලු‍ණු නිෂ්පාදනය මෙරට පරිභෝජනයට සහ අපනයනයට ප්‍රමාණවත් අයුරින් වනබව සහතික කිරීම සඳහා වැදගත් පියවරක් තබමින් රජය, ජාතික ලු‍ණු සමාගමේ අලිමංකඩ ලු‍ණු ලේවායේ දී ”‍රජ ලු‍ණු”‍ නිෂ්පාදන කර්මාන්තශාලාව පසුගියදා විවෘත කළේය.

‘‘රජ ලු‍ණු”‍ නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වැනිදා පැවැත්විණි.

මෙම ලු‍ණු නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතර පැයකට ලු‍ණු ටොන් 5 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත. කර්මාන්ත ශාලාවෙන් නිපදවන ලු‍ණු කිලෝ ග්‍රෑම් 1 සහ ග්‍රෑම් 400 පැකට් අඩුම මුදලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. මෙරට පරිභෝජනයට සහ අපනයනයට ප්‍රමාණවත් වන අයුරින් ලු‍ණු නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වී ඇත.

මෙම මුලපිරීම මගින් සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 450 ක් පමණ උත්පාදනය වීමට නියමිතය. එසේම උතුරු පළාතේ පමණක් නොව ඉන් ඔබ්බටත් ආර්ථිකයට තල්ලු‍වක් හිමිවනු ඇත.

එම උත්සවයේ ආරම්භක දේශනය කරමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටියේ රජය මාස 5 ක් තුළ තම පළමු ප්‍රධාන නිෂ්පාදනය ලෙස වෙළෙඳපොළේ වඩාත්ම දැරිය හැකි මිලට උසස් තත්වයේ මේස ලු‍ණු ජනතාවට ලබාදී ඇති බවයි. ජනතාව බදු ගෙවනවා නම් ආපසු ජනතාවට යමක් ලබාදීම රජයේ වගකීම බවත් ලු‍ණු නිෂ්පාදනාගාරය විවෘත කරමින් රජය එම වගකීම ඉටු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ලු‍ණු මෙට්‍රික් ටොන් 13,800 ක් නිෂ්පාදනය කර තිබූ මෙම වසරේදී එය මෙට්‍රික් ටොන් 20,000 දක්වා වැඩිකර ගැනීම රජයේ අපේක්ෂාව වී ඇත. අලිමංකඩ ලු‍ණු ලේවාය උතුරු පළාතේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නංවනු ඇති බවත් සමස්ත ආර්ථික වර්ධනයට ශක්තියක් වනු ඇති බවත් පැවැසෙයි.

ඉදිරි වසර දෙක, තුනක කාලය තුළ ලු‍ණු ලේවායේ නිෂ්පාදන ධාරිතාව ඉහළ දමමින් මෙරටට විදේශ විනිමය ගෙන එම රජයේ ඉලක්කය වී ඇත.

 



අදහස් (0)

“රජ ලු‍ණු”‍ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site