- මේ වසරේ ආදායම් ඉලක්කය වුණේ රුපියල් ට්‍රිලියන 2.23 ක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසර ආරම්භයේ සිට පෙරේදා (29) දක්වා රුපියල් ට්‍රිලියන 2.45 ක ආදායමක් උපයා ගනිමින් මෙම වසර සඳහා ලබාදී තිබූ රුපියල් ට්‍රිලියන 2.23 ක ආදායම් ඉලක්කය සාර්ථකව පසුකර යාමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබී ඇත.
පළමු මාස 11 සඳහා ලබාදී තිබූ මාසික ඉලක්ක සියල්ල පසුකර යාමට ශ්‍රී ලංකා රේගුවට හැකි විය. මෙම වසරේදී ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ මුල් ආදායම් ඉලක්කය වූ රුපියල් ට්‍රිලියන 2.11 පසුකර යාමට පසුගිය නොවැම්බර් මාසයේදී හැකියාව ලැබුණු අතර එම අවස්ථාවේදී ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.23 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය.
තවත් වැඩ කරන දවස් දෙකක් ඉතිරි ඇති බැවින් වසර අවසන් වනවිට රුපියල් ට්‍රිලියන 2.52 ක ආදායමක් උපයා ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.