- තවත් සමාගම් තුනක ජාතික රක්ෂණ මූල්‍ය ශක්තියට තහවුරුවක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත.
එසේම තවත් රක්ෂණ සමාගම් 3 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ආයතනය තහවුරු කර තිබේ.
කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා, පීපල්ස් ඉන්ෂුරන්ස්, එච්.එන්.බී ඇෂුරන්ස් සහ එච්.එන්.බී. ජෙනරල් ඉන්ෂුරන්ස් එළෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ රක්ෂණ සමාගම් වේ.
නැෂනල් ඉන්ෂුරන්ස් ට්‍රස්ට් ෆන්ඩ් බෝර්ඩ්, කෝපරේටිව් ඉන්ෂුරන්ස් සහ කන්ස්ට්‍රක්ශන් ගැරන්ටි ෆන්ඩ් යන සමාගම් ෆිච් රේටින්ග්ස් ආයතන ශේණිගත කිරීම තහවුරු කළ රක්ෂණ සමාගම් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd