IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රැකියාවලට රට යන පිරිස මුල් මාස හතරේදී පහළ ගිහින්

ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලාංකිකයෝ 89,132 ක් රැකියා සඳහා විදේශ ගතවෙලා

පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමක්

පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ පිරිස 314,828 ක්

2024 රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 314,828ක පිරිසෙන් වැඩිම පිරිසක් සියයට 80.6 ක ප්‍රතිශතයක් ගොස් තිබුණේ මැද පෙරදිග රටවල්වලට

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී මෙරටට එවූ මුදල ඩොලර් බිලියන 6.6 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 89,132 ක් රැකියා සඳහා විදේශ ගතව ඇති බවත්, එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා අනාවරණය කළේය. පළමු මාස 4 තුළ රැකියා සඳහා විදේශගත වූ පිරිස මාසික සාමාන්‍යයක් ලෙස 22,238 කි.

2024 වසරේ පළමු මාස හතරේදී ශ්‍රී ලාංකිකයන් 97,264 ක් රැකියා සඳහා විදේශ ගතව තිබිණි. විදේශ රැකියා සඳහා පසුගිය ජනවාරි මාසයේදී 25,149ක්, පෙබරවාරි මාසයේදී 25,737ක්, මාර්ත මාසයේදී 24,159 ක් සහ අප්‍රේල් මාසයේදී 22,220 ක් රැකියා සඳහා විදේශගතව තිබූ අතර, එහි මාසික සාමාන්‍ය 24,300ක් විය. පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ පිරිස 314,828ක් වූ අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8 ක වර්ධනයක් විය. එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ පිරිස මෙරට දරුණුතම ආර්ථික අර්බුදය ඇති වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ පිරිසද ඉක්මවා ගියේය. 2022 වසරේදී රට රැකියා සඳහා විදේශගතවූ පිරිස 310,953 ක් විය.

2024 වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 314,828ක පිරිසෙන් වැඩිම පිරිසක් සියයට 80.6 ක ප්‍රතිශතයක් විදේශගතව තිබුණේ මැද පෙරදිග රටවල්වලටය. එසේම සියයට 6.6 ක ප්‍රතිශතයක් යුරෝපයටත්, සියයට 6.7 ප්‍රතිශතයක් ආසියාතික රටවලටත්, සියයට 4.1 ක ප්‍රතිශතයක් දකුණු අප්‍රිකාවටත් රැකියා සඳහා විදේශගතවී තිබුණි. තවත් සියයට 0.4 ක් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයටත්, සියයට 1.6 ක් වෙනත් රටවලටත් රැකියා සඳහා විදේශගතවී ඇත.

රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක් විය.

පසුගිය වසරේ සිවු වැනි කාර්තුවේදී මෙරටට විදේශ ප්‍රේෂණ වැඩිම ප්‍රමාණයක් ඒවා තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වන අතර, රැකියා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් සිවු වැනි කාර්තුවේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 200.7 ක මුදලක් මෙරටට ඒවා තිබිණි.

එසේම කුවේට් රාජ්‍යයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් සිව් වැනි කාර්තුවේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 199.1 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර, සෞදී අරාබියේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 166.8ක් සහ කටාරයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 147.9 ක් සිව්වැනි කාර්තුවේදී මෙරටට ඒවා තිබුණේය.

ඉහත රටවල්වලට අමතරව ඇමෙරිකාවෙන් විදේශ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 123.5ක් සහ බ්‍රිතාන්‍යයෙන් විදේශ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 105.2ක් මෙරටට ලැබී තිබුණේය. කෙසේනමුත් මහ බැංකුව ප්‍රකාශ කර සිටියේ එම රටවල විදේශ ප්‍රේෂණ එවන වේදිකා කීපයක් තිබෙන බැවින් වෙනත් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය හරහා මෙරටට මුදල් එවන බවය.

පසුගිය වසරේ සිව්වැනි කාර්තුවේදී ඉතාලියෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 97.6 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් සහ මාලදිවයිනෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 49.9 විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ඒවා ඇතැයිද මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.



අදහස් (0)

රැකියාවලට රට යන පිරිස මුල් මාස හතරේදී පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site